මගෙ ඔඩොක්කුවේ ඔලුව තියන් හිටපු වීගෙ දිහා ටික වෙලාවක් බලන් හිටපු මට එක පාරට මතක් උනේ අද උදේ වී එක්ක හිටපු පොඩි එකාගේ මූන....ඔව් දැන් මට වීව අයිති නෑ...අපිට මෙහෙම ඉන්න බෑ....මගෙ ඔඩොක්කුවේ තියන් හිටපු වීගේ ඔලුව පැත්තකට තල්ලු කරේ, කෑ ගහලා අඩන ගමන්
______________________________________
ඇයි ඇයි මේ...කුකී මොකද එකපාරටම උනේ ..වී මගෙ අත්දෙකින් අල්ලගෙන බයවෙලා වගේ අහන කොට මන් එයාගේ අතදෙක ගසල පැත්තකට දැම්මේ හිතේ තියෙන වේදනාවට...
වී කෝ ඔයාගේ බබා...ඔයා ක්ලබ් ආවා කියලා ජෙනී දන්නවද...එයා දන්නවනම් ඔයා මන් එක්ක මෙහෙම ඉන්නව කියලා එයාට තරහ යයි නේද...අපිට දැන් මෙහෙම ඉන්න අයිතියක් තියෙනවද...මන් එක හුස්මටම හිතේ,කැකෑරැන ප්රශ්න ටික කියල දැම්මේ ....ඒ හැම එක්කටම මට පැහැදිලි උත්තරයක් ඕනි උන නිසා....
කුකී ....වී බර හුස්මක් අරගෙන කතා කරා....මන් බබාව ඔම්මලා ගාව තියලා ක්ලබ් එකට ආවේ ඔයාව හම්බෙන්න ඕනි නිසාමයි ....මන්,දැනන් හිටියා ඔයා තාමත් ක්ලබ් එනවා කියලා....අවුරැදු හතරකට පස්සෙ අද උදේ අහම්බෙන් වගේ ඔය මුන දැක්කම මට පිස්සු හැදුනා කුකී...මට ඔයාත් එක්ක ටික වෙලාවක් කතා කරන්න ඕනි හිතුනා...ඒකයි මන් ක්ලබ් එකට ආවේ...මන් හින්දා ඔයාගේ හිත ආයෙමත් කැඩුනනම් මට සමාවෙන්න කුකී ...වී කිව්වේ බිදිලා ගිය කටහඩකින්....
මගෙ හිතේ කැඩෙන්න කියලා අමුතුවෙන් දෙයක් ඉතුරැ වෙලා නෑ වී...ඒ හිත කැඩිල ගියේ දැනට අවුරැදු හතරකට උඩදී ඔයා මාව දාලා ගිය තත්පරේමයි...මන්,කිව්වේ වීට සමච්චලේට වගේ හිනාවෙලා....
ඔයා නපුරැ වෙලා කුකී ...වී එහෙම කියන කොට මන් තවත් සමච්චලේට හිනාඋනා....
මන් නපුරැ නෑ ඒ ඔයාට පේන හැටි ඒක නෙවෙයි වී ඔයා ඇමරිකා ගිහින් කවද්ද ආවේ .. මන් ඇහුවේ හිතේ කැකෑරෙමින් තිබ්බ ප්රශ්නයක් ...උදේ බබා එක්ක හිටපු වෙලාවෙත් මට ඒක අහන්න හිතුනත් ඒකට මගෙ හිත දුන් නෑ...වී ජෙනීව මැරි කරපු ගමන් ඇමරිකා ගිහින් තිබ්බේ එයාගේ, බිස්නස් ටිකත් අය්යට බාර දීලා
පෙරේදා ආවේ කුකී.........වී කිව්වේ ආයාසයෙන් වගේ හිනාවෙලා...
ජෙනී දන්නවද ඔයා ක්ලබ් ආවා කියලා....මන් ආයෙත් වී ගෙන් ජෙනී ගැන ඇහුවේ ,කලින් පාර ඇහුවත් එයා ඒ ප්රශ්නය මගෑරිය නිසා ...