ලූනාන් පාර්ක් එකේ ආගාදය දිහා බලාන වෙනනම කල්පනාවක හිටිය මන් ගැස්සිලා පිටිපස්ස බැලුවේ මගෙ නම කියල වී යටිගිරියෙන් කෑ ගහපු නිසා........
මගෙ කුකී ඔයා මොනාද ඒ කරගන්න හැදුවේ....ඇයි ඔයා එතනින් පනින්න හැදුවේ.....වී එක පාරටම මන්,ගාවට ඇවිත් පිස්සෙක් වගේ කියව කියව මාවත්,බදාගෙන අඩන කොටයි වී ඉස්සෙල්ලා පාර්ක් එක දෙදරන්න තරම් හයියෙන් කෑ ගැහැවේ ඇයි කියල තේරැනේ....අහ් එතකොට මෙයා හිතලා තියෙන්නෙ මන් එතනින් පහලට පනින්න ගියා කියලද....මට හය්යෙන් හිනා ගියේ වී මන් ආගාදයට පනින්න ගියා කියලා රැවටිලා නිසා...
මොකද කුකී හිනාවෙන්නේ ....ඔයාට ජීවිතේ සෙල්ලමක්ද....මන් කොච්චර බය උනාද කියල දන්නවද...අතනින් පනින් ගියා මදිවට දැන් මෙතන පිස්සෙක් වගේ හිනාවෙනවා....වී අඩන එක පැත්තක දාලා තාමත් මාව තදින් බදාගෙන තරහෙන් කෑ ගහන කොටනම් මට ටිකක් දුක හිතුනා...
වී මන් එතනින් පනින්න හැදුවේ නෑ...මන් එතනට වෙලා වෙන කල්පනාවක හිටියේ...ඔයා හිතුවේ මන් පනින්න ගියා කියලද මෝඩ පැටියෝ ...තාමත් මාව බදාගෙන ඉන්න වීගෙ කනට කරලා මන් එහෙම කිව්වේ වීගේ කන් පෙත්තකුත් හීනියට හපන ගමන්.....
අනේ දෙය්යනේ...මන් හිතුවේ ඔයා එතනින් පනින්න ගියා ගියලා...මේ බලන්න මන් බය උනු තරම්..වී මගෙ ඇගෙන් ඈත් වෙලා මගෙ අතක අරන් එයාගේ පපුවේ වම් පැත්තෙන් තියන ගමන් කිව්වා...මගෙ අතට වීගේ හදගැස්මේ අසාමාන්‍ය කම්පනය හොදට දැනුනා....එයා ඇත්තටම බය වෙලා....මට ඔච්චරටම ආදරේනම් ඇයි මාව දාලා ගියේ......මන් එහෙම කිව්වෙ නෑ...හිතුවා විතරයි....
මන් හිතුවේ ඔයා එන් නැතිවවෙයි කියලා....තාමත් වීගේ පපුවට තියන් හිටපු මගෙ අත අරන් එයාගේ අතක පටලවගන්න ගමන් වී එහෙම කිව්වේ හිනාවෙලා....ඒ හිනාව ලස්සනයි.....
මට ඉතින් වෙන අයට වගේ පොරොන්දු කඩ කරලා පුරැද්දක් නෑනේ....ඒ,හින්දයි ආවේ...මන් කටට ආව පලියට එහෙම කිව්වට වී අල්ලන් හිටිය මගේ අත අතඅරිනව දැනෙද්දියි මට කියපු කතාවේ බරපතල කම තේරැනේ.....
කුකී මට සාමාවෙන්න...මන් කරපු දේ වැරදියි..ඒත් ඔච්චර රිද්දන්න එපා දෙය්යෝ...මාව පිච්චෙනවා... වී ඇස්වල කදුලු පුරවන් කියන කොට මගෙ ඇස් වලත් කදුලු නලියනව වගේ දැනුනා....මට කොහොමත් වී මෙහෙම අඩනවා බලන්න බෑ...