කුකී මොකද ෆෝන් එක දිහා බල බල තනියම හිනාවෙන්නේ..ජිමින් ෆෝන් එකට එබිලා අහද්දි මන් ටක් ගාද්දි ෆෝන් එකේ screen එක ඕෆ් කරල මේසේ උඩින් තිබ්බා....
මොකද කුකී ....මොකක් හරි ප්රශ්නයක්ද ජිමින් ඇහුවේ මගෙ අතකින් අල්ලන ගමන්...මන් කලබල වෙලා කියලා ජිමින්ට තේරෙන්න ඇති...
මුකුත් ප්රශ්නයක් නෑජිමින් බබා.. ඩැඩී අද ඔෆිස් එක පැත්තේ එන්න කියලා මැසේජ් එකක් දාලා ....මීටින්ග් වගයක් තියෙනවා කියලා...ඔයා දන්නවනේ මන් ඒවට ආස නෑ කියලා...මන් කටට ආපු බොරැව කියල දැම්මේ වෙන කරන්න දෙයක් නැති නිසා...
අහ් ඒකද ...ඒත් ජේන් අන්කල් අපෙ අප්පා වගේ හැම වෙලේම බිස්නස් වැඩ ඔයාගේ පිට පටවන් නෑනේ ඒකට මට හැමදාම බිස්නස් වැඩවලටම යටවෙලා....අපි මැරි කරාට පස්සේ මගෙ බිස්නස් ටිකත් ඔයා බලාගන්නවද කුකී....මන් ගෙදරට වෙලා ඉන්නමි ජිමින් කටපුරා හිනාවෙලා කියන කොට මට බිබී හිටපු වතුර ටික පිටඋගුරේ ගිය නැති ටික විතරයි.....
ඕ....ජිමින් බබා....ගොඩක් දුර හිතලනේ...මන්කිව්වේ ආයාසයෙන් හිනාවෙන ගමන් ......
ඇයි කුකී එහෙම කරන එක වැරදිද..ජිමින් ඇස්වල කදුලු පුරවන් අහන කොට මට දැනුනේ මහා අසරන කමක්....මන් ජිමින්ට ආදරෙයි කිව්වා තමයි...ඒත් ඇය් මට තාමත් වීගේ මැසේජ් එකක් දැක්කත් හදවත පැලෙන්න තරම් සතුටු හිතෙන්නේ..
එහෙම නෑ ජිමින් බබා ..මන් විහිලුවක් නේ කරේ...
කුකී...............
ම්......කියන්න ජිමින්.........
ඔයාට එදා වීව හම්බුනා කිව්වනේ...වීගේ බබා ලස්සනද.....ජිමින් අනපේක්ෂිත මොහොතක එහෙම අහන කොට මන් ගැස්සිලා ගියා....
ජිමින් වීගේ බබා ගොඩක් ලස්සනයි ....ඒත් ඔයා ඇයි මගෙන් එහෙම ඇහැවෙි ...ඔයාට වී ගැන කෙලින්ම අහන්න බැරි නිසානේ මගෙන් එයාගේ බබා ගැන ඇහුවේ....ජිමින්ගේ මූන මගෙ දිහාවට හරවන ගමන් මන් ඇහුවේ ටිකක් තදින්...මොකද මට දැනගන්න ඕනි උනා ජිමින්ට මාව සැකයිද කියලා...
කුකී...ඇත්තටම කිව්වොත් මට දැනගන්න ඕනි උනෙ වී ගැන...ඔයා එදා අහම්බෙන් වගේ් වීවයි බබාවයි හම්බුනාට පස්සෙ ඔයා ගෙදර ඇවිත් අඩපු හැටි මතක් උනා කුකී....ඔයා එයාට තාමත් ආදරේද....ජිමින් ඇහුවේ හීනි කටහඩකින්...ඒ කටහඩේ පිරිලා තිබ්බ දුක ඕනි කෙනෙක්ට තේරෙනවා....