🐯💕24💕🐯

189 45 29
                                    

ජන්කුක්....අපි දැන් ගෙදර යන්න ඕනී....ජිමින් ජන්කුක්ගේ උරහිසකට අත තියන ගමන් කිව්වා...

අනේ ටේ...ටේව මට ටේව බලන්න ඕනී ජිමින් ..ජන්කුක් අඩන කොට ජිමින් බර හුස්මක් ගත්තා...

ජන්කුක් ...මන් ඩැඩී එක්ක ආවේ හොස්පිටල් එකට එයාගේ රිපෝට් වගයක් අරන් එහෙම්මම පාර්ටි එකට යන්න...ඩඩා එලියෙ මන් එනකන්  බලන් ඇති..ඔයාව මෙහෙම තියලා යන්න බෑ මට...ටේව බලන්න දෙනකන් ඉන්නත් බෑ....අපි දැන් ගිහින් හෙට එමු  ටේව බලන්න...ජිමින් කියන කොට ජන්කුක් මුකුත් නොකියා අඩන්න ගත්තා...

ම් ..ජිමින් මන් ජන්කුක්ව ගෙදරට ගිහින් දාන්නම්..යූන්ගී ජිමින් ලගට ඇවිත් කිව්වා..

එහෙනම් ජන්කුක්ව ගෙදරටම ගිහින් දාන්න...මන් ඔයාව විශ්වාස කරලා ජන්කුක් ව මෙතන තියලා යන්නම්..පාර්ටි එකෙන් එන්න පුලුවන් උනු ගමන්ම මන් එනවා....ජිමින් යූන්ගී ට කිව්වා...ජිමින් යුන්ගී ව කොලේජ් කාලේ ඉදන්ම දන්න නිසා යූන්ගී එක්ක ජන්කුක් ඉන්න එක එයාට ප්‍රශ්නයක් උනේ නෑ..

ජන්කුක් මන් ඉක්මනටම එන්නම්...යූන්ගි ඔයාව ගෙදරට එක්කන් එයි..ජිමින් ජන්කුක්ගේ ඔලුව අතගාලා යන්න ගියා...
icu එකෙන් එලියට ඩොක්ටර් කෙනෙක් එද්දි ජන්කුක් ඒ ගාවට දුවලා ගියා...

ඩොක්ටර් එයාට මොකද වෙලා තියෙන්නේ...

පේශන්ව අපි අපි icu එකෙන් නෝමල් වෝඩ් එක්කට දානවා..එයාට දැන් ප්‍රශ්නයක් නෑ...දැනට අපි සිහි නැතිවෙන්න බෙහෙතක් දීලා තියෙන්නේ තව ටිකකින් සිහිය එයි...එයාගේ ස්කෑන් වල රිපෝට් එන්න තව දවස් දෙක තුනක් යයි..එතකොට අපිට හරියටම බලන්න පුලුවන් පේශන් ට මෙහෙම දෙයක් වෙන්න හේතුව...

ටේව නෝමල් වෝඩ් එකට දාල ටික වෙලාවකින් සිහිය ඇවිත් දගලන්න ගද්දී ජන්කුක් ඒ ගාවට දුවලා ගියා...

ටේ...ඔයාට දැන් කොහොමද ...ජන්කුක් කදුලු වැටෙන එක පාලනය කර ගන්න උත්සාහ කරන ගමන් ඇහුවා...

මට දැන් හොදයි කුකී...ටේ හිනාවෙලා කිව්වත් ඒ ඇස් වල තාම විඩාබර ගතිය එහෙම්මම තිබ්බා...

ටේට සුප් එකක් පොවලා අවශ්‍ය බෙහෙත් ටිකත් පොව්වලා තමා ජන්කුක් යූන්ගී එක්ක ගෙදරට ආවේ....යූන්ගී ඇවිත් ටේගේ බයික් එකත් අරන් ආයේත් හොස්පිටල් එකට යන්න ලෑස්ති උනා...

🐯Dark Mist..🐯 [taekook]🐯Where stories live. Discover now