ජිමින්...මන් ඒක එයාට දුන්නේ නෑ.....මන් ඒක එයාගේ අතට දැම්මේ නෑ...ජන්කුක් ජිමින් ගාවට දුවන් එන ගමන් කෑ ගැහැවා...
මන් දන්නවා ජන්කුක් ඔයා ඒක එයාට දුන් නෑ කියලා....මට ඒ බෑන්ඩ් එකෙන් වැඩක් නෑ..මට දැන ගන්න ඕනී.මෙතන මේ ඔයාගෙයි මෙයාගෙයි හමුවීම අහම්බයක්ද ..නැද්ද කියලා විතරයි ....මන් ප්රාර්ථනා කරනවා මේ හමුවීම අහම්බයක් වෙන්න කියලා...ජිමින් කවදාවත් නැති තරම් තියුණු කටහඩකින් කියද්දී ජන්කුක් වෙව්ලලා ගියා...ඒත් ජන්කුක් කොහොම හරි වචන ගලපා ගන්න උත්සහා කරා...ජිමින්...අපි අහම්බෙන් ...හ..ම්...
නෑ අපි දෙන්නා කලින් ප්ලෑන් කරලා හම්බුනේ....ටේ ස්තීර කටහඩකින් කියද්දි ජන්කුක්ගේ ඇගම පන නැති වෙනවා වගේ දැනුනා...
න් නෑ .....නෑ ජිමින්....එයා බොරු කියන්නේ ජන්කුක් මහ හයියෙන් පිස්සෙක් වගේ කෑ ගහන කොට ජිමින් ඉක්මනටම ජන්කුක් එක්කන් එලියට ආවා...මොකද ඒ වෙන කොටත් කැෆේ එකේ ගොඩ දෙනෙක්ගෙ අවදානය එයාලට යොමු වෙලා තිබ්බේ ....ජිමින් ජන්කුක්ව එක්කන් ගෙදරට එනකන්ම ජන්කුක් කරේ අඩන එක විතරයි...ජිමිනුත් වචනයක්වත් කතා කරන් නැතුව එයාගේ පාඩුවේ කාර් එක ඩ්රයිව් කරා...
ජන්කුක් බහින්න...අපි ගේ ගාවට ආවා...ජිමින් කියන කොට ජන්කුක් ජිමින්ගේ මූන දිහා බැලුවා...
ජිමින් ...ඔයත් එන්න ...ජන්කුක් ජිමින්ගේ අතකින් අල්ල ගන්න කොට ජිමින් අත පැත්තකට කරා...
ජන්කුක් මට දැන් මීටින්ග් එකක් ..මන් යන්න ඕනී...ජිමින් ජනේලෙන් එලිය බලන් කියන කොට ජන්කුක් කරබගෙනම වාහනයෙන් බැස්සා...ජන්කුක් දන්නවා ජිමින් කීයටවත් ආයේ එන් නෑ කියලා...
ජිමින්....ඔයාට මන් කොහොමද මේවා තේරුම් කරන්නේ...ජන්කුක් ජිමින්ගේ කාර් එක යන දිහා බලාගෙන ගේට් එක ලග බිම ඉදගෙන අඩන්න ගත්තා...
මට සමාවෙන්න ජන්කුක් ඔයාව මෙහෙම අඩවනවට...ඒත් මේ දේවල් වල අවසානයක් තියෙන්නම ඕනී ....සයිඩ් කන්නාඩියෙන් බිම වැතිරිලා අඩන ජන්කුක් දිහා බලන ගමන් ජිමින් මුමුනව්වා....
ජිමින් ගිහින් පැය ගානක් යනකන්ම ගේට්ටුව ගාවට වෙලා අඩ අඩ ඉදලා අන්තිමේදී ගේ ඇතුලට අවසිහියෙන් වගේ ඇවිදන් ගියා.