ජිමින්...ඉන්නකෝ අනේ...තාම වෙලාව හතරයි නේ....ඔයාට ඔය පාර්ටි එකට යන්න හවස හයට විතර ගියාම මදිද...
බබා අපෙ ඩැඩීගේ හැටි දන්නවනේ ...වෙලාවට ලැස්ති වෙලා හිටියේ නැත්තම් කනක් ඇහෙන්න නෑ...ඊට වඩා හොදයි කලින්ම ගිහින් එයාට ඕනී විදිහට ඉන්න එක ...අනික එයාට මට කියලා මොනාද ගෙන්න ගන්නත් තියනවා කිව්වා...මට වෙලාවකට ඩඩාවත් එපා වෙනවා ජන්කුක් ....
ඕහ් බබා ඉන්නකෝ අපි ඉක්මනටම මැරි කරලා ඔයාව මන් ගාවට ගන්නකන්...එතකොට ඔයාගේ ඩඩාට බෑ ඔයාට සැර පෙන්නන්න....ජන්කුක් කියන කොට ජිමින් හිනා උනා..
අනේ මොකට කියනවද...ඔයාගේ චන්ඩි පාට් අපෙ ඩඩා නැති තැනනේ...ඩඩාව දැක්කම හෙමීට වාශ්ප වෙනවා...ජිමින් ජන්කුක්ට නෝක්කාඩු හිනාවක් දාන කොට ජන්කුක් ජිමින්ගේ අතක් හැපුවා...
ඌප්ස්...කුකී ඒක රිදුනා ජිමින් කෙදිරි ගාන කොට ජන්කුක් එයාට එහාපැත්තෙන් ඉදන් හිටිය ජිමින්ගේ ඉනට අත දාලා තවත් ලගට ඇදලා ගත්තා...
ජිමින්...ජන්කුක් ජිමින්ගේ මූන එයාගේ පැත්තට හරවා ගත්තා...
ඕ කුකී කියන්න...ඒ වෙලාවේ ජිමින්ගේ ඇස් මත්වෙලා වගේ දිලිසුනා ...ඒ ඇස් දිහා ටිකක් බලන් හිටපු ජන්කුක් මොහොතක්වත් අපතේ යවන් නැතුව ජිමින්ගේ තොල් වලට බර උනා ...රතු පාටට හැරුනු ජිමින් තොල් ජන්කුක් මාරුවෙන් මාරුවට එයාගේ දත් වලට මැදි කර ගත්තා..
විනාඩි ගානක්ම තොල් වල රස බලපු ජන්කුක් ජිමින්ගේ බෙල්ලට තොල් තියද්දීම ජිමින් ජන්කුක්ව ටිකක් එහාට තල්ලු කරා...
යාහ්...වයි බේබි ජන්කුක් තොල් පෙල්ලලා අහන කොට ජිමින් මොකුත්ම නොකියා ජන්කුක්ගේ මුලු මූනම කිස් කරලා පුටුවෙන් නැගිට්ටා..
බබා පාර්ටි එකට යන්න වෙලා යනවනේ..ජිමින් කිව්වම ජන්කුක් විරිත්තව්වා ..
අපරාදේ අඩුම රවුන්ඩ් දෙකක්වත් රයිඩ් කරන්න ප්ලෑන් කරන් හිටියේ ජන්කුක් කියන කොට ජිමින්ව රතු උනා ...
ජන්කුක් ඔයා හොද නෑ ජිමින් කියපු විදිහට ජන්කුක්ට හිනා ගියා...
කමක් නෑ හෙට අල්ලගන්නම් ...දැනට සමාව දෙනවා ජන්කුක් කිව්වා..
යා ඕක නවත්තන්න මට ලැජ්ජායි...මන් යනවා අනේ ඔයා එක්ක බෑ...ජිමින් එහෙම කියන ගමන් යන්න ලෑස්ති උනා...