ජන්කුක් ...මේ අහන්න...ජිමින් ජන්කුක්ගේ අතින් අල්ලලා ජන්කුක්ට කතා කලා...
ජන්කුක් ..මේ තමා ඇත්ත..අපි ඇත්තට මූන දෙන්න ඕනී...ඔයා මන් වෙනුවෙන් කොච්චර මේ ඇත්ත හන්ගන්න හැදුවත් ,මන් හොදටම දන්නවා ඔයා රවට්ටගන්න ඔය හිත ඇත්තටම ඉල්ලන්නේ මේ දේ කියලා.. ජිමින් කියන කොට ජන්කුක් ජිමින් එයාගෙන් අල්ලන් හිටිය අත ගසලා දැම්මා....
කියනවා ජිමින් ..තමුසේ මොන වගේ මිනිහෙක්ද කියලා..තමුසෙම කියනවා මන් ආදරේ කරන්නේ තාම මෙයාට කියලා....ජන්කුක් එයා ඉස්සරහා හිටපු ටේට අත දික් කරලා පෙන්නන ගමන් කෑ ගැහැවා...
ජිමින් ...ඔයා මේ කරන දේ ගැන දවසක පසු තැවෙයි...ඔයා විදවයි ...ජන්කුක් බිම ඉදගෙන අඩන්න ගත්තා ...
ජන්කුක් ...මේ අහන්න ඔයා ඔයාගේ හදවතින්ම අහන්න...ඔයාගේ පපුවේ ගැහෙන ආදරේ මන් වෙනුවෙන්මද කියලා...ඔයාම හදවතින් අහන්න ජන්කුක් ඔයා මාව පිලිගන්නේ යාලුවා විදිහටද....boy friend විදිහටද කියලා....මන් වෙනුවෙන් ඔයා ටේහයුන්ට තියෙන ආදරේ හන්ගන්න ඕනී නෑ ජන්කුක් ....ජිමින් කියන කොට ජන්කුක් මුකුත්ම නොකියා අඩ අඩ අහන් හිටියා...
ජන්කුක්ට මේ වෙලාවෙ ඇත්තටම මුකුත්ම කියන්න මතක් උන් නෑ..මොකද පිලිගන්න අමාරු උනත් ජන්කුක් දන්නවා ජිමින් කියන මේ ඔක්කොම ඇත්ත කියලා...ඒ නිසා ජන්කුක් නිහඩවම හිටියා...
ජන්කුක් ..ඔයා ටේ එක්ක හැමදාම සතුටින් ඉන්න ඕනී...මොනදේ උනත් මන් තාමත් ඔයාගේ හොදම යාලුවා... මගෙ හුස්ම තියෙනකන් හොදම යාලුවා විදිහට මන් ඔයාව ආරක්ශා කරනවා ...පරන දේවල් හැමදේම අමතක් කරලා අලුතින්ම ජීවිතය පටන් ගන්න...පරන වෙච්ච හැමදේම හීනයක් කියලා හිතන්න ජන්කුක් ....ජිමින් ජන්කුක්ට එහෙම කියලා ජන්කුක්ගේ නලල හෙමීට සිපගෙන පැත්තකට වෙලා නිහඩවම මේ වෙන දේවල් බලන් හිටිය ටේ ගාවට ගියා...
මන් හිතනවා ඊයේ වෙච්ච පොරොන්දු ඒ විදිහටම ඉශ්ට කරයි කියලා...ජන්කුක්ව හොදට බලා ගන්න... ටේගේ උරහිසට තට්ටුවක් දාන ගමන් එහෙම කිව්ව ජිමින් එලියට යන්න ලෑස්ති උනා...
ජිමින්...ජන්කුක් ජිමින් පස්සේ දුවලා යන්න හැදුවත් ටේ ජන්කුක්ව අල්ල ගත්තා.....