🐯💕19💕🐯

170 49 8
                                    

ටේ නැගිටින්න.....ජන්කුක් ටේගේ උරහිස් වලින් හොල්ලන්න ගත්තේ ගොඩක් බයවෙලා...

ම්....ඕ...ජන්කුක්  උරහිස් වලින් හොල්ලන කොට ටේ කෙදිරි ගගා නැගිට්ටා..

මොකද ටේ වෙලා තියෙන්නේ....මොන මගුලටද මෙතන බිම නිදා ගත්තේ...අනික මේ වෙලාවේ ඔයා මොකද මෙහෙ කරන්නේ....බිම වැතිරිලා නිදන් හිටිය ටේට නැගිටින්න උදව් කරන ගමන් ජන්කුක් ඇහුවා...

කුකී මට මැරෙන්න ඕනි..මට බෑ කුකී මට බෑ.....ටේ මුකුත්ම නොකියා ජන්කුක්ව බදා ගෙන අඩන්න ගත්තා....

ටේ මොකද මේ...ජන්කුක් ඇහුවේ   තවත් ටේ අහන් ඉන්න බැරි නිසා..

කුකී....මට මේ දේවල් ඉවසන්න බෑ....ටේ අඩන කොට ජන්කුක් ටේගේ පිට අත ගෑවා...

ටේ එන්න ඇතුලට ජන්කුක් හරි වැරැද්ද ගැන හිත හිත ඉන් නැතුව ටේව ඇතුලට ගත්තා...ටේ ඉන්න විදිහට ජන්කුක්ට ටේව එලියට දාන්න හිත හදා ගන්න බැරි උනා...

ආ ටේ මේ රාමේන් එක කන්න....ජන්කුක් ටේගේ අතට රාමේන්  එකක් දුන්නා...ටේ හිටියේ පුටුවක වාඩි වෙලා බර කල්පනාවක..මූන පුරා වේලිලා ගිය කදුලු පාර වල් තවමත් තිබ්බා...

තෑන්ක්ස් ජන්කුක් . ඔයා කන් නැද්ද ....ටේ හෙමීට රාමේන් ටිකක් කටට ඔබාගෙන ඇහුවා.....

බෑ ටේ....ජිමිනුයි මායි මගින් ඩිනර් එක අරන් ආවේ..

ආ මෙයා එහෙනම් එන්න රෑ උනේ අරූ එක්ක රවුම් ගහන්න ගිහින් නේද..ටේ රාමේන් කන එක පැත්තක දාලා ජන්කුක්ගෙන් ඇහුවා...

ඔව්...මන් එයා එක්ක අද ඇවිදින්න ගියා කියලා ඔයා දන්නවනේ...උදේ ඔයා ඉන්න තැනනේ මට කෝල් එක ආවේ..මතක නැද්ද ...ජන්කුක් ටේගෙන් ඇහුවා...

ම්...ඔයාට එයාව ඕනිමද ජන්කුක් ...එයාව ඔයාට ගැලපෙන් නෑ   ....ටේ කියන්න බැරි තරම් බැරෑරුම් හඩකින් කියද්දී ජන්කුක් වෙව්ලලා ගියා.  ..

ඔයයි මායි කියලත් එහෙමට ගැලපුනේ නෑනේ...ජන්කුක් කියද්දී ටේ ඒකට උත්තරයක් නොදී එයාගේ පාඩුවේ රාමෙන් කන්න ගත්තා ..

ටේ අද උදේ මන් ජෙනීව දැක්ක පොඩි එකත් එක්ක...ඔයා  එදා කිව්වේ එයා ඇමරිකා කියලා නේද ...මට බොරු කියලා ඔයා මොනවද බලාපොරොත්තු ටේ  .. ජන්කුක් ආවේගයෙන් අහන් යන කොට ටේට රාමෙන් හිරඋනා....

🐯Dark Mist..🐯 [taekook]🐯Where stories live. Discover now