🐯💕13💕🐯

337 88 15
                                    

මාවත් එක්කන් රෑම් එක⁣ට ගිය වී ⁣අත් කකුල් හතර පැත්තට දාලා ඇදට පැන්නේ ඇදේ තිබ්බ කොට්ටයකුත් බදාගෙන.....

කුකී මොනාද අනේ දොර ගාවට වෙලා කරන්නේ...ඔයා නිකන් හැසිරෙන්නෙ පලවෙනි පාර ආවා වගේනේ....වී තාලෙට අකුරැ ඇද ඇද එහෙම කියන කොට මට දැනුනේ කම්මුල් දෙක රත්වෙනවා වගේ...ඒ තරහටද ලැජ්ජාවටද කියලා මට හිතාගන්න බැරිඋනා...

නෑ මන් මේ දොර ගාවට වෙලා කල්පනා කරේ ඉස්සර මේවගේ රෑම් වලට ඇවිත් මාත් එක්ක කරන්න ඕනි හැමදෙයක්ම කරන කොට ඔයා කියපු කතා ඔච්චර බොලදද කියලා....මතකද වී ඔයා කිව්වා අම්මලා ඔප්පලා කැමති නැත්තම් අපි දෙන්නම එකට මැරෙමු කියලා....කොච්චර නම් බොලදද නේ ඒ කතා....මන් කිව්වේ හිතේ තියෙන වේදනාව හන්ගගෙන බොරැ කින්ඩි හිනාවක් වීට දාන ගමන්....

කුකී...මෙතන්ට එන්න...ඔයා අඩනවද වී ඇදේ ඉදගෙන මට එයාගේ එහා පැත්තට එන්න කියල⁣ කතා කරේ බිදුනු කටහඩින්.. වී  කතා කරපු විදිහ දැක්කම මන් අර  ව⁣ගේ  පරන දේවල් ඇදලා ගත්තේ අපරාදේ කියල⁣  හිතුනත් ඇත්තට අපි මූන දෙන්න ඕනිම නිසා එහෙම කියලු එකේ වැරද්දක් නෑ කියලා හිතුනා...

මන් හෙමීට ගිහින් වී ගාව ඉදගත්තම එයා හැමදාම ⁣වගේ මගේ ඔඩොක්කුවේ ඔලුව තියලා ආයෙත් ඇදේ දිගාඋනා....

මට ඒ වෙලාවේ හිතුනේ වීව ඉබගෙන ඉබ⁣ගෙන යන්න...ඒත් මට එහෙම කරන්න පුලුවන්ද...මන් හිත දැඩි කරගත්තේ අදනම් හැමදේම විසද ගන්වා කියලා හිතාගෙන...වීට දැන්
පවුලක් ඉන්නවා...ජෙනී එක්ක ප්රශ්න ඇති ඒත් එයාලා තාම නීතියෙන් අබුසැමියෝ...අනික එයාලට පොඩි දරැවෙක් ඉන්නවා....අනිත් පැත්තෙන් ජිමින්...එයාට කැමතියි කියලා තියෙද්දිත්  මන් වී එක්ක මෙහෙම ඉන්න එකත් කොච්චර අසික්කිතද...මන් වැරදි තීරනයක් ගත්තොත් ජීවිත හතරක් අනතුරේ ඒ ⁣හින්ද මන් කොහොම හරි අද මේවාගේ ඉවරයක් කරන්න ඕනි....

වී....මේ අහන්නකෝ...මට ඔයා එක්ක ටිකක් කතාකරන්න ඕනි....

ඉතින් කියන්න බබා මන් අහගෙන ඉන්නේ..වී කිව්වේ මගෙ ඔඩොක්කුවේ තියෙන එයාගේ ඔලුව⁣ට මගෙ අතක් අරන් තියන ගමන්....

මට හැමදේම අමතක් වෙලා හිනාවක් ගියේ වී ඒ කරපු වැඩේට එයා මගෙ අතක් අරන් එයාගේ ඔලුවෙන් තිබ්බේ  එයාගේ ඔලුව අතගාන්න කියලා.....මන් එයාගේ ඔලුවේ මගෙ ඇගිලි එහා මෙහා යැව්වේ ගොඩක් ආසාවෙන් ...මොකද මට වී එක්ක ආයේ ⁣මෙහෙම ඉන්න බෑ  ..ඒ දුකත් හිත කොනකින් රිදුම් දෙද්දි මන් වීට කතා කරා....

වී අපි මෙහෙම ඉන්න එක වැරදියි....

ඇයි එහෙම කියන්නේ කුකී....

ඔයාට දැන් පවුලක් ඉන්නවා කියල අමතකද වී....

මට ජෙනීගෙන් වැඩක් නෑ කුකී...මන් ඔයාට එදත් කිව්වනේ....

ඒක එහෙම වෙන්නැති ඒත් අපිට මෙහෙම ඉන්න බෑ......
.
ඒ ඇයි කුකී...
.
මොකද....මොකද......මට ජිමින්ට බොරැ කරන්න බෑ....

මොකක්ද ඔයා කියන්නෙ කුකී...වීඑක පාරටම මගෙ ඔඩොක්කුවෙන් නැගිටල මගෙ මූනට එබුනේ තරහින්....

තමුසේට දැන් අර කොහෙවත් ඉන්න ජිමින් ලොකුඋනාද මේ ම⁣ට වැඩිය...වී ගිනිපිටවෙන ඇස් වලින් මගෙ දිහා බලන් එහෙම අහන කොට මගෙ ඇග වෙව්ලනවා වගේ දැනුනා...ඇත්තටම මන් බයයි...මගෙ අතේ කිසි වැරැද්දක් නැති උනත් වී මෙහෙම කෑ ගහන කොට මන් බයයි...ඉස්සර ඉදන්න එහෙමයි....

එත් මන් කොහොම හරි හිතට හය්ය අරන් කතා කරා ...ජිමින් ඔයාට කොහෙවත් යන කෙනෙක් උනාට මට එයාව ගොඩක් වටිනවා වී ...එයා තමා ඔයා මාව දාලා ගියාම මගෙ ලග හිටියේ ....එයා නැත්තම් මන් මැරිලා ගොඩක් කල්....

ම් ....මන් වැරැද්දක් කරා කියලා පිලිගන්නවා කුකී...ඒ්ත් මට මෙහෙම රිද්දන්න එපා....ජිමින් ඔයාගේ යාලුවා තමා එයාට එහෙම කරාට සමාවෙන්න ඒත් මගෙන් ඈතට යන්න එපා කුකී...වී මගෙ උරහිස් වලින් අල්ලගෙන එහෙම කියන කොට මට වීට ඇත්ත කියන්න මහා ලෝබකමක් දැනුනා...ඒත් හැගීම් වලට වහල් වෙන්න බෑ...මන් ඇත්තට මූන දෙන්නම ඕනි....

වී.....ජිමින් මගෙ යාලුවා තමා ඒත් ඒ ඉස්සර..එයා දැන් මගෙ boyfriend ...මන් අමාරැවෙන් උනත් තාම  මගෙ හිතවත්  පිලිනොගත්ත  ඇත්ත  වීට කියල දැම්මා...

මො....මොකක්....ඔයා දැන් කිව්වේ ජිමින් ඔයාගේ බෝයිෆ්රෙන්ඩ් කියලද....නෑ නෑ..ඒක වෙන්න බෑ...ඔයා අයිති මට විතරයි...වී කාමරේ දෙදරන්න තරම් හය්යෙන් කෑ ගැහැවේ මාව තවත් බය කරලා....

වී අපි දැන් යමු නේද...මොනදේ උනත් අපි ඇත්තට මූන දෙන්න ඕනි..මන් වචන දෙක තුනක් ගලපගෙන කතාකරේ  ගොඩාක් අමාරැවෙන්....ඇත්තටම මටත් වීව අමතක් කරන්න බෑ  ....ඒත් මට හැගීම්වලට වහල් වෙන්නත් බෑ..මන් ⁣මේ වෙලාවේ ගොඩක් අසරනයි...

ඒ...එහෙම ඔයාට  යන්න දෙන්න බෑ මට ඔයාව ඕන කුකී ... මාව එකපාරටම ඇදට තල්ලු කරලා දාපු වී මගෙ ඇගට බරඋනේ මගේ මුලු ඇගම හිරිවැටිලා යද්දියි......





🐯Dark Mist..🐯 [taekook]🐯Where stories live. Discover now