🐯💕21💕🐯

147 40 10
                                    

ටේ වොශ් එකක් දාගෙන ඇවිත් breakfast එක ගත්තට පස්සෙ ජන්කුක් ටේව ඉක්මනටම ගෙදරින් යැව්වේ ජන්කුක්ට ඔෆිස් යන්න ඕනි කියල...ඒත් ඇත්තම හේතුව ජන්කුක්ට ඕනි උනේ නෑ තවත් ටේ එක්ක තනිවෙන්න .ටේ ඉස්සරහා ජන්කුක් රූකඩක් වගේ වෙනවා කියලා ජන්කුක් හොදටම දැනන් හිටියා .

ටේ ගියාට පස්සේ ජන්කුකුත් ලැස්ති වෙලා ඔෆිස් එක පැත්තේ ගියේ හැම ප්‍රශ්නයක්ම ඔලුවෙන් ටිකක්ට හරි අමතක් කරලා දාන්න..

ඔෆිස් එකට ගිහින් බිස්නස් මීටින් එක්කම දවසම මහන්සි උනත් ජමින් ට ජන්කුක්ගේ මූන බලන් නැතුව ගෙදර යන්න හිත හදාගන්න බැරි උනා ...ඒ හින්ද වැඩ ඇරිලා එන මගදි ජිමින් ලවර් ශොප් එක ලග බැස්සේ ජන්කුක්ට ගිෆ්ට් එකක් ගන්න...

ඔහ්....ලස්සන dream catcher එකක් ..ජන්කුක් මේකට ගොඩක් කැමති වෙයි...ජිමින් තනියම කියවන ගමන් දම් පාටට සුදු පාට මිශ්‍ර වෙලා තිබ්බ dream catcher එක අරන් කැශියර් එක ලගට ගියා...

ඔහ් ගිෆ්ට් එක ගත්තේ ස්පෙශ්ල් කෙනෙක්ට දෙන්න වගේනේ.... ශොප් එකෙන් එලියට ආව ජිමින් ආපස්ස හැරිලා බැලුවේ කවුද කතා කරේ කියලා...

Tae...Taehyung තමුසේ....ජිමින්ට වචන පැටලුනා..

ඔව් ජිමින් මේ මන් තමා... මොකද මේ පුදුම වෙලා වගේ ...ටේ හිනාවෙලා ඇහුවා...

පුදුම වෙන්න තිබ්බ ජන්කුක් තමුසෙව දවසක් පාර්ක් එකේදි දැක්ක කියලා කිව්වේ නැත්තම්... තමුසෙ විතරක් නෙවේ දරුවත් දැක්කා කිව්වා...

ආ දැන් ජන්කුක් එච්චරද කිව්වේ ජිමින්..

එච්චරයි තමා....ජන්කුක් තමුසෙත් එක්ක කතා කර කර හිටියේ නෑනේ වෙන ඒවා දැන ගන්න....

ආ ඔව්නේ ජිමින් ,ජන්කුක් මාත් එක්ක කතා කර කර හිටියේ නෑනේ ..නැත්තම් මට මගෙ විස්තර කියන්න තිබ්බා..ටේ හිනාවෙලා කියන කොට ජිමින් ටේට රැව්වා...

තමුසෙට කතා නොකරපු එකමයි හොද...ඒ කොල්ලා බොහොම අමාරුවෙන් අවුරුදු ගානක් හිත හදන් හිටියේ ..එදා තමුසෙව දැක්කට පස්සේ ජන්කුක් ගෙදර ඇවිත් ගොඩක් ඇඩුවා...අවුරුදු ගානකට පස්සෙ ආයෙත් ජන්කුක් තමුසේ හින්දා ඇඩුවා taehyung ...

🐯Dark Mist..🐯 [taekook]🐯Where stories live. Discover now