හායි...........
බායි........
කියවන්න කියවන්න
-----------------------------------------------------------
ජ්ංකුක් මම යනවා අරක බලන්න...
ටේ එහෙම්ම නැගිටලා එයාගෙ කාමරේට ගියා ජ්ංකුක් එයාගෙ පස්සෙන් අවා..
උබට මතකද වාහනේ.. කොයි වගේ එකක්ද කියලා .
මට හරියටන ශුවර් නැ බං ..දැකපු විදිහට කලු එකක්...මොනවහරි මෙතන වෙනවා. මට හිතා ගන්න බෑ...
ආ... ඒක නෙමෙ කව්ද හිටියෙ ඒකෙ... ටේ ජ්ංකුක් දිහාට හැරෙන ගමන් ඇහුවා
කව්ද?
මම එනකොට බිම හිටියේ උබලා මට බලන්නවත් දුන්නේ නෑ නේ හරියට
ආ...... ඒ....... ජ්ංකුක් ටිකක අදිමදි කරනවා කියලා ටේට තේරුනා..
කව්ද???
ජි..ජිමින් බං.....
ටේට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා .. ටේගෙ ඔලුවට එක දිගට ගලාගෙන ආවේ එයා එලියට එනකොටම ඒ වෑන් එකෙන් එලියට ගොනිය බිමට දාපු විදිහ. ඊට පස්සේ එයා ආපහු වාහනේට එබිලා බලනකොට මූන හරියට දැක්කෙ නැති උනත් ලේ පිරිලා මනුස්සයෙක් වාහෙනේ වැටිලා හිටපු විදිහ...
ටේ එහෙම්ම පුටුවෙන් නැගිටලා කාමරෙන් එලියට යන්න යනවත් එක්කම ජ්ංකුක් ටේව නැවැත්තුවා ..
කොහෙද යන්නේ.?
අතෑරපන් මාව...ටේ ජ්ංකුක්ගෙ මූන් වත් බලන්නෙ නැතුව කිව්වා....
මේ අහපන්...
ජ්ංකුක් ට කියන්න හම්බුනේ එච්චරයි ටේ ජ්ංකුක් ව තල්ලු කරලා දැම්මා...
උබ .. කට වහපන්... උබ දන්නවා ...උබ දන්නවා ජිමින්ව මට..
ටේට ඉතුරු ටික කියාගන්න හම්බුනේ නෑ එයාගෙ ඇස් දෙකෙන් කදුලු එක දිගට ගලාගෙන ගියා...
ජ්ංකුක් ටේව බදා ගත්තා....
ජ්ංකුක් කියන දේ අහපන් .. මට යන්න දීපන්... ජිමින්ව කොහෙද අරන් ගියේ ..
බය වෙන්න එපා බං බය වෙන්න එපා jin hyung hospital එකට අරන් ගියා..උබ ඔහොම හැසිරෙනවා කියලා දන්න නිසාමයි උබට අපි කිව්වෙ නැත්තේ...
YOU ARE READING
Never gonna be yours 💫
Fanfictionහිමි නැති පෙමක අයිතිය සොයන මේ හිත මුලා වනවා මිරිගුවක් අබියස හැම විට ඔබ පසුපස යන ලං වන විට ඔබට එනවා වසාගෙන ඝණ අඳුරු මීදුම හිමිද අහිමිද නොදනී මට ඔබ නමුදු මේ හිත හරි ආදරෙයි ඔබට නෙතු අග දිලෙන මිණිමුතු තරු කැට පැරදි ඔබෙ ඔය සිනහා පොද ලග පැටලූ නූල්...