ජ්ංකුක්...... කිව්වම අහලා මේ දොර අරිනවා...........
ටේ කොච්චර කිව්වත් ජ්ංකුක් නිකන් තමන්ට නෙමේ වගේ උඩ තට්ටුවට ගියා...
ටික වෙලාවක් යනකන් දොරට තට්ටු කර කර ඉදපු ටේ එහෙම්ම එතනින් වාඩි වෙලා දොරට හේත්තු වෙලා ඇස් දෙක පියා ගත්තා..
ටේ ඔයා මෙච්චරටම අකමැතිද මා එක්ක ඉන්න.. එක දවසක්.. මාව ඒ තරම් ම පිලිකුල් කරනවද ? මට එච්චර අකමැති නම් ඇයි මාව හැම කරදරේකින්ම බේර ගත්තේ.. ඇයි....
දොරට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න ටේ දිහා බලාගෙන ජිමින් හිතුවෙ කඳුළු පිරුන ඇස් දෙකෙන්.. ජිමින් එයාගෙ කම්මුල දිගේ බේරුන කඳුළු පිහදාලා ඇදේ අනිත් පැත්ත හැරිලා ටේ ට කතා කලා..
ටේ.......
ජිමින් කතා කරනවා ඇහුනත් ටේ ඇහුනේ නෑ වගේම ඇස් දෙක පියාගෙන හිටියා...
ටේ... මම ආපහු යනවා ....හොසොක් ගෙ ගෙදර.. අද විතරයි මෙහෙ ඉන්නේ.. මම දන්නවා ඔයා මම ඉන්නවට අකමැති කියලා.. ඒක හින්දා... හෙට උදෙම්ම මම යනවා...
ජිමින් එහෙම කියන ගමන් ටේ ඉන්න පැත්තට හැරුනේ අඩුම තරමේ ටෙ අහහෙන ඉන්නවද කියලවත් බලන්න...
ඔව් ටේ හිටියෙ ජිමින් දිහා බලාගෙන ..ටේ ජිමින් දිහා බලාගෙන ඉන්නවා දැක්කම ජිමින්ට එයාගෙ ඇස් දෙකේ කඳුළු නවත්ත ගන්න බැරි උනා.. ජිමින්ගෙ ඇස්දෙකෙන් කඳුළු බේරුනේ එයාට නොදැනිමයි...
ම.....ම....මට සමාවෙන්න....
ජිමින් හිමීට මුමුනන ගමන් ආපහු අනිත් පැත්ත හැරෙන්න යනකොටම ටේ දොර ළඟින් නැගිටලා ජිමින් ලගට අවා...
ඇත්තම කිව්වොත් ජිමින් බය උනා .. ටේ ලගට එනකොට. ජිමින් හිතුවේ ටේ ට ජිමින් එක්ක තරහා ගිහින් කියලයි .ටේ ජිමින් ලගට එනකොට ජිමින් තදින් ඇස් දෙක පියා ගත්තා..
ටික වෙලාවකින් ජිමින්ට තේරුනේ එයාගෙ කම්මුල් දිගේ බේරුන කඳුළු කවුරු හරි පිහදානවා වගේ... ජිමින් හිමීට ඇස් දෙක ඇරලා බැලුවා.....
ට්....ටේ........
ටෙහියොන් ජිමින් ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා හිමින් හිමින් ජිමින්ගේ කම්මුල පිරිමදින්න පටන් ගත්තා...
YOU ARE READING
Never gonna be yours 💫
Fanfictionහිමි නැති පෙමක අයිතිය සොයන මේ හිත මුලා වනවා මිරිගුවක් අබියස හැම විට ඔබ පසුපස යන ලං වන විට ඔබට එනවා වසාගෙන ඝණ අඳුරු මීදුම හිමිද අහිමිද නොදනී මට ඔබ නමුදු මේ හිත හරි ආදරෙයි ඔබට නෙතු අග දිලෙන මිණිමුතු තරු කැට පැරදි ඔබෙ ඔය සිනහා පොද ලග පැටලූ නූල්...