Part 8

906 150 28
                                    

Author Pov

නම්ජූන් ජිමින්ට ගැහුවා..බල්ලෙක්ට ගහනවා වගේ ගැහුවා..ජිමින් ඇඩුවා ගොඩක් ඇඩුවා...මේක හැමෝම බලන් හිටියේ සතුටින් ඒත්.........ජිමින්ගේ සමහර තැන් තුවාල වෙලා ලේ එනවා දකිද්දි ජන්කුක්ගේ හිනාව නැතිවෙලා ගිහින් ඇස් අගින් කදුලක් වැටුනා...එවෙලෙම ඒක පිහදාගත්තු ජන්කුක් එතනින් ගියේ තවත් ඒක ඉවසන් ඉන්න බැරි නිසා...විනාඩි 15කට පස්සේ ජිමින්ට ගහපු නම්ජූන් ජිමින්ව එතන එහෙම්මම ලේ පිටින්ම දාලා ගියේ කිසිම අනුකම්පාවක් නැතුවයි....ආමිලා මේ ගැන දැනගත්තොත් මොනා වෙයිද??එයාල දන්න හොදම , කරුණාවන්තම , නුවණක්කාරම ලීඩර් නැත්තම් තමන්ට ආදරේ කරන්න කියලා එයාලට කියලා දුන්නු ඒ මනුස්සයා එයාලගේම ඒන්ජල්ට මෙහෙම වද දෙන මෘගයෙක් කියලා...ජිමින් එතනට වෙලා ගොඩක් ඇඩුවා..තමන්ගේ වේදනවා නැති වෙනකම් කදුලු ඉවරවෙනකම් ඇඩුවා.....ටිකකින් සන්සුනු වුනු ජිමින් එතනින් නැගිටින්න හැදුවා..ඒත් එයාට ඒකට කිසිම හයියක් නෑ....එයා ලග තිබ්බ ටිපෝ එක අල්ලන් නැගිටින්න හැදුවා...ඒත් එයාට බෑ..අන්තිමට එයා ඒ උත්සාහය අතෑරලා දැම්මා...ටිකවෙලාවකින් ගෙදර සාලේ පොඩි පොඩි ගෙරවිලි සද්ද ඇහුනේ ජිමින්ට එතනම නින්ද ගිහින් කියලා අගවන්න වගේ.....ගැඹුරු නින්දේ හිටිය ජිමින්ට දැනුනා කෞරුහරි එයාව අත් අතරට ගන්නවා වගේ....ඒත් ඒ පපුවට තුරුල් වුනාම ඒ එයාට හුරු උණුහුම කියලා දැනුනම එයා තවත් ඒ උණුහුමට තුරුල් වුනා.....ඒ පුද්ගලයාගේ අත් ජිමින්ගේ තුවාල අල්ලද්දි ඒ වේදනාවට ජිමින්ගෙ කටින් කෙදිරිලි පිට උනත් එයා ඇහැරුනේ නෑ.....පැය ගානකින් වෙනදා වගේම ඒ උණුහුම නැති වෙලා යද්දි පුරුද්දට එහාපැත්තට හැරුන ජිමින් නින්දෙන් උනත් එයාගේ අත තියලා තිබ්බේ අර වීදුරු කටු උඩින්...ඒ වේදනාවට එයාගේ ඇස් වලින් කදුලු ගලද්දි එයා ඇස් ඇරියා....එයා ඇස් ඇරියම දැක්කා කෞරුහරි කෙනෙක් හැංගි හැංගි ගේ අස්සෙන් යනවා වගේ.....

ක් කෞද ඔය

ජිමින්ට කෑගහන්න ඕන උනත් එයාගේ දුර්වලකම නිසා කටින් සද්දෙවත් පිට උනේ නෑ...ටිකකින් ඒ හෙවනැල්ල නැතුව ගියාම ජිමින් හිමීට ටිපෝ එක අල්ලන් නැගිටින්න උත්සාහ කලා...පස් පාරක් විතර බැරි උනත් ටිකකින් එයාට නැගිටගන්න පුලුවන් උනා...අමාරුවෙන් පඩිපෙලේ වැට අල්ලන් උඩට නැග්ග ජිමින් අමාරුවෙන් තමාගේ කාමරේ දොර ඇරගත්තා....ඇරගෙන බොහොම අමාරුවෙන් වොශෲම් එකෙත් දොර ඇරගත්තු ජිමින් බාත්ටබ් එකට වතුර පිරෙව්වා..වතුර පිරෙනකන් බිම ගුලි වෙලා හිටිය ජිමින් වතුර පිරුනට පස්සේ ඇදුම් ඔක්කොම ගලවලා දාලා වතුරට බැස්සා..

ආහ් ඔම්මා ආහ්

වතුරට බැස්සහම ජිමින්ගේ කටින් මෙහෙම වේදනාත්මක කෙදිරිලි පිටවෙද්දි එයාගේ ඇස් වලිම් කදුලු කඩන් වැටුනා....නැතුව උණු වතුරට ඒ තුවාල පිච්චෙන්න නැතුව තියෙයිද!??ඔව් ජිමින් ඕනකමින්මයි බාත්ටබ් එක උණුවතුරින් පිරෙව්වේ....මොකද එයාට ඕන උනා ඒ වේදනව විදින්න...මොකද එතකොට ඒ වේදනාව වැඩි වෙනවා වගේම ඒ වේදනාව ඉක්මනනින්ම පහව යනවා...එන්න එහෙමයි ජිමින් හිතුවේ....අඩ අඩම උණුවතුරේ පැය ගානක් හිටපු ජිමින් බාත්ටබ් එකෙන් එලියට එද්දි එයාගේ තුවාල වලින් ගලපු ලේවලින් බාත්ටබ් එකේ වතුර ලා රතු වෙලා තිබ්බා....එයාගේ තුවාල ගිනිගන්නවා වගෙයි දැනුනේ..ඒත් එයාට කරන්න දෙයක් නෑ..එහෙම්මම බාත්රොබ් එක ඇදගත්තු ජිමින් අමාරුවෙන් ගිහින් ෆෑන් එක ඔන් කලේ ඒකෙන් තුවාල වලට ටිකක් හරි සනීපයක් දැනෙයි කියලා....තව පැය ගානක් එහෙම්මම හිටපු ජිමින් තමන්ට පුලු පුලුවන් විදිහට එයාගේ තුවාලටවලට බෙහෙත් දාගත්තේ හෙට කම්පැනි එකට යද්දි මේ තුවාලා දැකලා ඇයි බෙහෙත් දාගත්තේ නැත්තේ කියලා ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි නිසා.....එහෙම්මම හිටපු ජිමින්ට ආයේ නින්ද යද්දි පාන්දර 1 හෝ 2 පහුවෙලා තිබ්බා...ඒත් මේ ඔක්කොම ජිමින්ට අර උනුහුම ලබාදෙන පුද්ගලයා බලන් හිටියේ කදුලු පෙරන්....ඒත් ඔහුටවත් කරන්ඩ කිසි දෙයක් ඉතුරුවී නෑ.....

࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔

😌✋බායි

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now