Part 22

870 143 7
                                    

Author Pov

ජිමින්ගෙයි ටේමින්ගෙයි කොලාබ් එක සක්සස්ෆුලි ඉවර කරගන්න එයාලට පුලුවන් උනා...ජිමින් දැන් ටේමින්ටයි කාරටයි තාවකාලිකව සමු දීලා එයාගේ ගෙදරට ඇවිත් දැන් සතියක්....මේ සතිය ඇතුලත අනික් අය එයාට කරදර නොකලත් විටින් විට කිසියම් හෝ දෙයක් කියලා එයාගේ හිත රිදෙව්වා...නමුත් ඒ සිත් රිදිවිලි හැමදාම කරනවා වගෙ තමාටම රිද්දගන්න තරම් බරලතල ඒවා නොවූවා....මේ සතිය තුල ජිමින් වෙනදට වඩා සතුටු වූවා....මේ සතිය තුල බීටීඑස් යන කණ්ඩායමට කිසියම් විශේෂ කාර්යයක් නොතිබූ හෙයින් මොවුන් වෙනත් දිනවල වාගේ වැඩිපුර මහන්සි නොවී උදේට පිටත් වී හවස ගෙදරට ආවා....ඒවගේම මේ දිනයන්හී කිහිප දවසකින් නොපිරුනු ඒ ජිමින්ගේ දිනපොත වඩාත් සතුටු දේවල් වලින් පිරුනු අතර ජිමුන්ගේ ගත් කෑම පිලිබද දිනපොත සැම වේලකම කුමක් හෝ කෑමකින් පිරුනා....මේ දිනයන්හී ජිමින්ට කිසිවෙක්ගෙන් කරදරයක් නැතිවූ අතර එය ජිමින්ගේ මේ සතුටට තවත් කාරණයක් උනා....

එවිට ජන්කුක්, ජන්කුක් බොහෝ වෙලාවන්වල ජිමින් හෝ ජිමින්ගේ ඒ හැසිරීම් රටා දිහා හොරැහින් බලන් ඉන්න පුරුදු වෙලා තිබ්බේ ඔහුටත් නොදැනීමයි.....ජිමින් කෑවාද?! නිදාගත්තාද?! ඇඩුවද?! සතුටු උනාද?! යන කරුනු පිලිබද මේ දිනවල ජන්කුක් මනා සේ දැන සිටියා....ඔහුටත් ජිමින් වෙනදා වගේ නොව මහත් සතුටකින් උද්‍යෝගයෙන් සිටින බව නොවැටහුනා නොවේ.....ඔහුට නොදැනුනත් ජිමින් පිලිබද ඒ වැඩෙන ආදරය දැනටත් විශාලයෙන් වැඩී තිබ්බා....මේ දිනවල අනික් අය කිසිවක් හෝ කියා ජිමින්ගෙ සිත් රිදෙව්වත් ඒ ඔවුන්ගේ අතරින් කෙනෙක් ජන්කුක් නොවූවා....ඔහු අමුතුවෙන් ජිමින්ව සතුටු කරන්න කිසිවක් කලේ හෝ කරන්න උත්සහා දැරුවේ නෑ...නමුත් ඔහුගේ මේ වෙනස ජිමින්ගෙ සතුටට මහත් කාරණයක් උනා....

ඒ අතරින් හැමදාම ජිමින්ට තමාගේ උණුහුම දෙන පුද්ගලයා....ඔහුට කිහිප දවසක් ජිමින්ගේ උණුහුම මගෑරුනත් මේ දිනවල ජිමින් සැමවිටම නිදාගන්නා නිසාත් අනික් අය ගෙදර සැමවිටම නැති නිසාත් රෑ පමණල් නොව බොහෝ විට ඒ ඔහු ඇබ්බැහි උනු ජිමින්ගේ උනුහුම ලබාගත්තා...ඔහුටද ජිමින්ගේ මේ වෙනස පෙන්වී ගිය අතර එයට වග කිව යුත්තේ ටේමින් බව දන්න ඔහු දවසට තුන් සැරයක් හෝ ටේමින්ට හිතින් ස්තූති කලා....මොහුත් හැමදාම තමාට පුලුවන් වෙලාවට ජිමින්ගේ ඒ කෝලම් , ඇස් ගිලෙන හිනාව , හුරතලේ ගැන විපරමෙන් සිටියේ මහත් සතුටක් හිතේ දරාගෙනයි...කාට නොතේරුනත් ජන්කුක්ට ජිමින් කෙරෙහි ආදරයක් තියෙනවා කියා ඒත් මොහුට ඒ බව හොදින්ම වැටහුනේ ජන්කුක්ගේ මේ හැසිරීමට වෙනස ජිමින් බව වැටහුනු නිසා...ඔහු මොවුන් දෙන්නා වෙනුවෙන් හදවතින්ම සුභ පැතූ අතර සැමවිටම දෙයියන්ගෙන් අයැදුවේ මොවුන් දෙදෙනා වගේම ජිමින්ව සතුටින් තියන්න කියලා....

අනික් සාමාජිකයනුත් ජිමින්ගේ මේ හැසිරීම දුටුවා...සමහරවෙලාවට ජිමින් සතුටින් ඉන්න බවට ඔවුන් අකමැති වූවාත් යටිහිතින් ඔවුනුත් මේ පිලිබද සතුටු වූවා....ඔවුනුත් විටක මේ සතුට සැමදාම පවතින්න කියලා දෙවියන්ගෙන්ම නොයැදූවාම නොවේ....ඔවුනුත් ජිමින්ට මහත් සේ ආදරෙයි...නමුත් කුමක්දෝ හේතුවක් නිසා ඔවුන් ඒ ආදරේ වෛරයක් කියා තමාටම ඒත්තු ගැන්වුවා....

_______

හායි කම්මැලි නිසා දුන්නේ🙂

මන් ගියා🙂

බායි බබූස්🙂💖

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now