Part 30

850 128 42
                                    

Author Pov

තවත් සතියක් ගෙවිලා ගියේ ජිමින්ගේ මූනට තව තවත් හිනාව එකතුකරලා....එයා එක අතකින් සතුටු උනා එයාලා දැන් ජිමින්ට කලින් වගේ සමරන්නේ කැන්සර් එක නිසානම් එයාගේ ඇගේ කැන්සර් එක හැමදාම තියෙනවට.....මේ සතිය ඇතුලත අනික් අය වෙනදා වගේ ඔහේ ඉන්නැතුව ජිමින්ගේ මූනට හිනාවක් ගේන්න ගොන් වැඩ ගොඩාක් කලා...ඒත් ඉතින් ඒකෙන් වුනේ ජිමින්ගේ ඇටකටු තව ටිකක් දිරපු එක....බිකෝස් හිනාවෙන හැමපාර්ව්ම පුටුවත් පෙරලන් බිම වැටෙනවනේ...😒ඒත් ඉතින් මේකෙන් ලොකු ඇබැද්දියක් උනේ ජූන්ට...මොකද එයා ඕනකමින්ම බඩු කඩලා හැමදාම වගේ ජින්ගෙන් ගුටි කෑවා😹...හැමෝම හිතන් ඉන්නේ ජිමිනගේ ඔපරේශන් එක ඉවර වෙලා එයාට හොද වුනාම එයාගෙන් සමාව ඉල්ලන්න....සමාව ඉල්ලලා මුල්ම කාලේ වගේ එකට සතුටින් ඉන්න....

අදත් එක සාමාන්‍ය දවසක්....අනික් අය සාලේ ටීවී බලද්දි ජිමින් රූම් එකේ වගේම සෝප් දෙන්නාත් එයාලගේ රූම් එකේ....හොබී යුන්ගිගේ උකුලේ ඉදන් යුන්ගිව කිස් කරන්න යද්දිම කෞදෝ කෙනෙක් දොරට ගැහුවේ යුන්ගියා කෑගහද්දි...

"යාහ් කෞද!!"

"මේ මන් හියුන් ඔයාගේ ෆෝන් එක කෝ....!"

"ජූන් ලග ඉල්ලගන්න කුකා....!"

"හරී!!"

කුකා එතනින් ගියාට පස්සේ ආයෙමත් එයාලා කිස් කරන්න යද්දිම තව එකෙක් දොරට ගැහුවේ යුන්ගියාගේ මල පයිද්දි...

"මොකද යකෝ!"

"හියුන් ඔයාගේ පාස්වර්ඩ් එක මොකක්දෝ..!"

"අහ් Min Hoseok...!"

ඒක යුන්ගියා කිව්වේ ඇස් කොකු කරන් ඉන්න හොබී දිහා බලන්....

"හත්තික්කේ හා හා මන් ගියා..!"

ඊටප්ස්සේ ඒ දෙන්නා ආයෙමත් කිස් කරන්න යද්දි තවකෙක් දොරට ගැහුවේ යුන්ගියාගේ ඉවසීම නැතිකරලා!

"මොන රෙද්දක්ද යකෝ!!!!!"

"යාහ් මින් යුන්ගි තමුන් මටද කෑගැහුවෙ ආ!!!"

"හත්තික්කේ සොරි හියුන්..මන් හිතුවේ කුක් කියලා...ඇයි ආවේ... .!"

යුන්ගිත් නහයත් අකුලන් කියද්දි හොබී කටත් අතින් වහන් හිනාවුනා...

"අහ් කෑම හැදුවා එන්න කන්න්..!"

"හරි හියුන් යන්න අපි එන්නම්..!!"

ජින් එතනින් ගියාන ආයෙත් හොබීව ලංකරගත්තු යුන්ගි කිස් කරන්න යද්දිම හෝසොක්ගේ පෝන් එක රින්ග් උනේ හොබී හයියෙන් හිනාවීගෙන ඇදට පනිද්දි....යුන්ගියාගේ නම් මූන තරහටම රතුවෙලා ..

(ඇයි දැන් මට හිනායන්නේ😹😹)

"අම්මෝ හියුන් ඔයාගේ මූන හා හහ් හා!"

"හරි හරි ඔය කෝල් ගත්ත මනුස්සයා කෞද බලනවා..!"

"අහ් ම්ම්ම් හියුන් ඩොක්ටර් හන්...!"

"මොකක් ආන්සර් කරලා ස්පීකර් දාන්න!"

යුන්ගි කියපු විදිගටම කරපු හොබී ෆෝන් එක ආන්සර් කරලා කතා කලා...

"හෙලෝ ඩොක්ටර් හන්..."

"අහ් හෙලෝ ඩොක්ටර් ජන්ග්...ඔයාලා වැඩකද...මට කියන්න දෙයක් තියෙනවා....ඔයාලට පුලුවන්ද හොස්පිට්ල් එකට එන්න....!"

"ඇයි ඩොක්ටර් මොකක් හරි කරදරයක්ද...ඉන්න අපි තව පැය භාගෙකින් එනවා....!"

"ඕකේ මිස්ටර් මින් සී යූ...!"

"සී යූ ඩොක්ටර්....!"

කෝල් එක කට් කරපු හොබී යුන්ගි දෙන්නම එකිනෙකාගේ මූනවල් බලාගත්තේ නරක ආරංචියක් නම් වෙන්න එපා කියල....

දෙන්නත් එක්ක ලෑස්තිවෙලා ආව සෝප් දෙන්නා අනික් අයට කම්පැනි එකට යනවා කියලා හොස්පිට්ල් එන්න පිටත් වුනා....

______

හලෝව්...ඔන්න තා එකක් දුන්නෝ...ආඅහ්🥱

කරන්ට් ගියා සික්😒

මේක නම් හෙන වදයක් ඕයි😒රෑටත් යනවා දැන් දවල්ටත් යනවා😒

එනිවේ දැන් දාපු එක හොදද...

මොකක්ද දන්නෑ ඩොක්ටර් හන් කියන්න යන්නේ...

ඒකත් ගෙස් කරලා කමෙන්ට් එකක් දාන් යන්...

හරි උත්තරේ දෙන්නෙක් හරි කියල තිබ්බොත් අද තා එකක් දෙනෝ😁

ඒනම් මන් ගියා😁

බායි බබූස්😁

අලාවියෝ😁💖

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now