Apartment එකට ආපු jiyang හිතේ හැටියට නාගෙන පුරුදු විදිහටම Tv එක ඉස්සරහ ඉදගෙන news දාගත්තා....
(.......) Msg Vibrate
Phone එක අතට ගත්තු jiyang ආපු මැසේජ් එක open කරා...
"Hi....jiyang මම Haoxuan..."
"Hello Dr. කොහොමද ඉතින්..."
"මම doctor hospital එකට විතරයි හොදද..? Haoxuan කියන්න..."
"හරි හරි Haoxuan.…"
"මොකද කරන්නේ...."
"News බලනවා...Doctor මොකද මේ රෑ ජාමේ ඇහැරන් කරන්නේ...."
"මම වැඩ වගයක් තිබිලා ඉවර කරා...ඔයාව මතක් උන නිසා මැසේජ් එකක් දැම්මේ..."
"හ්ම්ම්"
"හෙට වැඩක් එහෙම තියෙනවද..?"
"හ්ම්ම් විශේෂ දෙයක්නම් නෑ උදේ වරුවේ..."
"එහෙනම්....අපි අදත් යමුද කෝපි එකක් බොන්න...."
"හ්ම්ම්....හා මම එන්නම්..."
"අද හම්බුනු Coffee shop එකේදිම හම්බෙමු..."
"හරී..."
"එහෙනම් මම තියනවා....මට දොයි මතයි..."
"මොක කිව්වා..?"
"දොයි මතයි අනේ..."
"පොඩි එකෙක් වගේනේ..."
"හී හී...Good night"
"Good night..."
________________________________පහුවදා උදේම නාගත්තු Jiyang සුදු ඩෙනිමට සුදු T-shirt එකක් දාගෙන උඩින් සුදුපාට ස්වීටර් එකක් ඇදගත්තා....කලුපාට මාස්ක් එකක් දාගෙන කාර් එකට නැගලා ගියේ haoxuan එන්න කියපු coffee shop එක ලගට....
විනාඩි 10ක් ගියා විනාඩි 20ක් ගියා haoxuan නෑ...පැය භාගයක් ගෙවිලා ගිය නිසා jiyang ආපහු යන්න හැරෙද්දී දැක්කේ haoxuan ඈතින් එනවා.....හැබැයි ඒ මූණේ කිසිම සතුටක් තිබුනේ නෑ....වෙනදා හිනාවෙන ලස්සන හිනාව ඒ මූනේ තිබුනේ නෑ ඒ වෙනුවට මලාණිකව හිටපු haoxuan දිහා jiyang බැලුවේ බයවෙලා...."Haoxuan.... ඔයා හොදින්ද..?"
"jiyang....මගේ ඇගට පන නෑ..."
"අපි බෙහෙත් ටිකක් ගන්න යමු...."
"ඕන නෑ jiyang....ටිකකින් ඇරිලා යාවී...."
"Haoxuan...."
Haoxuan, jiyangගේ ඇගට කඩාගෙන වැටුනා....jiyang එයාව වැටෙන්න දෙන්නේ නැතුව හයියෙන් අල්ලගත්තා....haoxuanට සිහිය තිබුනේ නැති නිසා එයාව car එකට දාගත්තු jiyang, apartment එකට ගියා.....