කට කොනින් හිනාවුනු Jiyang කාමරෙන් එලියට එනකොටම කාමරේ ඇතුලට තුන්දෙනෙක් ගියේ මිනිය අස් කරලා දාන්න... හොටෙල් එකෙන් එලියට ආපු jiyang කාර් එකට නැගලා apartment එකට ගියා... ඇදුම් ගලවලා ශවර් එක යටට වෙලා හොදට නාගත්තේ ඇගේ තියෙන ලේ ඔක්කොම හේදීලා යන්න...
නාලා ආපු jiyang සැටියට පැනලා TV එක දාගත්තේ ඇගේ තිබ්බ මහන්සියට... එතකොටම ෆෝන් එකට කෝල් එකක් ආවා..."පුතා පොඩි කේස් එකක්...."
"කියන්න Mr.Xiao මොකක්ද ප්‍රශ්නේ"
"ඔයාගේ team එකේ ඔත්තුකාරයෙක් ඉන්නවා..."
"මොකක් කියන්නේ..."
"ඔව් පුතා... මට ආරංචි උනු විදිහට ඒ Chuan..."
"Chuan..? ඕකාට මම..."
"මේ අහන්න පුතා ඕක හරියට සුවර් කරන්න බෑ... ඒ නිසා අපි ඕක හරියට තහවුරු කරගන්න ඕනේ..."
"මොකක්ද Mr.xiao අපි කරන්නේ..."
"හෙට වැඩක් නෑ නේද...?"
"නෑ..."
"එහෙනම් උදෙන්ම කියන්නේ නැතුව හෙට රෑ 11ට විතර chuanට කියන්න අපි liගේ Mafia කල්ලියට වැඩේ දෙන්න 12ට යන්න ඕනේ කියලා..."
"හරි Mr.xiao ඉට පස්සේ..."
"ඉතින් 12 වෙද්දී එහෙට පොලිසියෙන් ඇවිත් හිටියොත් ඉට පස්සේ මොකද කරන්න ඕනේ කියලා ඔයා දන්නවනේ..."
"හරි මට තේරුනා බොස්"
"Good luck.."
Mr.xiao call එක cut කරපු ගමන් phone එක sofa එක උඩට විසිකරපු ජියැන්ග් sofa එකෙන් නැගිටලා කාමරේට ගියා...
"ji chuan... Ji chuan... ji chuan... මං තමුසෙව විස්වාස කරා මිනිහෝ...... මගේ හොදම යාලුවා වගේ මගේ ලග ඉදලා මටම කෙලින්න උබට හයියක් කොහෙන්ද යකෝ මම උබට කරන දේ බලපම්.... උබට ආයේ මට ද්‍රෝහි වෙන්න හම්බෙන්නෑ..."
________________________________පහුවදා උදෙන්ම Jiyang පලවෙනියටම කරේ Mr.xiaoව හම්බෙන්න ගිය එක... රෑට කරන වැඩේ හරිම ප්ලෑන් එක අහගත්තේ එක ඔත්තුකාරයෙක් හරි මේක ඇතුලේ හිටියොත් මුලු කල්ලියටම කෙලවෙන නිසා.... ඇරත් වැඩේ පොඩ්ඩක් හරි ගැස්සුනොත් සැට් එකම පොලීසියට මාට්ටු වෙන නිසා... Mr.xiao එක්ක කතා කරලා Office එකෙන් එලියට එනකොටම leah ඇවිත් jiyangගේ ඇගේ එල්ලුනේ කොල්ලගේ කේන්තිය තවත් වැඩිකරන ගමන්...