"අනේ කුකී මාව බේර ගන්න..මට හු...හුස්ම ගන්..න බෑ...කුකී.."
මුහුදෙ වතුර පහර එන්න එන්නම සැර වෙවී මගෙ නහය ඉහලින් යද්දි මට දැනුනෙ නිකන් මගෙ පෙනහලු වලට වතුර පිරෙනවා වගේ..මට හුස්ම ගන්න එක ටිකින් ට්ක අමාරු වේගෙන ආව..
"කු...කී…"
හීන් ඉකිබිඳුම මහා කැගැහිල්ලක් වෙලා අතොරක් නැති මහමුහුද සිසාරා දෝංකාර දෙන සද්දෙ මටම ඇහෙනවා..
"ආහ්...බලපල්ලකො මේකිට හුස්ම යන වෙලෙත් මතක් වෙන්නෙ අරූව..මාර ලව් එකනෙ.."
ඒ තිරිසනා මං දිහා බලාගෙන මහ හයියෙන් හිනාවෙලා කියද්දි මට දැනුනෙ මහ අප්රසන්න හැගීමක්..මොහොතකට කලින් මාව විනාස කරපු නරුමයා ඉතුරු කරපු තුවාල වලට ලුනු වතුර ගෑවෙද්දි දැනුන වේදනාවත් , හුස්ම හිර වෙවී මුලු ඇගම වතුරට නතු වෙද්දි දැනෙන වේදනාවටත් වඩා මට මතක් උනේ මගෙ කුකීගෙ මූණ..දෙයියනේ මං මැරුනොත් මගෙ කුකී කොහොම දරාගනීද..
"ගනින් මිනිහො බෝට්ටුව.."
එහෙම කියාගෙන මරනය පේන මානෙ හිටපු මාව මහ මුහුද මැද මැරෙන්න අත ඇරල දාල ඒ තිරිසනා යන්න ගියෙ තවදුරටත් දරාගෙන ඉන්න එක මගෙ අතින් ගිලිහෙද්දි..මගෙ ඇස් ටිකින් ටික බොද උනා..ඒබොදවුනු ඇහි පිහාටු අතරින් මං දැකපු එකම රූපෙ මගෙ කුකී..මට සමාවෙන්න රත්තරනෙ..මෙහෙම නොකියම දාල යනවට..ඉක්මනින්ම මගෙ කුකී ගාවට මං එනවා..ඉක්මනින්ම..
"උම්ග්ග්ග්ග්"
හදවත මැදින් දැනුනු සියුම් ඉදිකටු තුඩක වේදනාව මාව අසරණ කරද්දි මට මගෙ ඇගේ බර නොදැනී ගියා..කොහෙන්දෝ ආපු සීතල වතුර පාරක් මගෙ ඔලුවට උඩින් ගියෙ මගෙ අවසාන හුස්ම පොදත් නැත්තටම නැති කරල..මගෙ ඇස් පියවිලා ගියා..කලුවරේ මං ඔහේ පාවෙලා යනව වගේ දැනුනෙ..ඒත් දරාගන්න බැරි අමුතු සීතලක් එක්ක මං හිමීට ඇස් ඇරියා..හිම වලින් වටවුනු ගහක් කොලක් නැති පිට්ටනියක් මැද මං තනිවෙලා..මං ඉස්සරහට අඩි තිබ්බා..තියන අඩියක් ගානෙ නිරුවත් මගේ දෙපා වලට දැනුනෙ කිරි ගැහෙන සීතලක්..ඒත් එක පාරටම ,
"ගන්න..තාම පණ තියෙනවා…"
ඒ වචන ඇහෙනවත් එක්කම මගෙ දිග කොන්ඩෙන් ඇදිලා ගිහින් කාගෙදෝ අත් අතර මාව හිර උනා..ඒත් මට මගෙ හුස්ම දැනෙන්නෙ නෑ..මං මැරිලාවත් ද?
"ඉක්මනට බෝට්ටුවට දාපන්..ගනින් ඉක්මනට…"
මට දැනුනා කවුරු හරි මාව අර සීතල හිම ගොඩින් ඉර අවුව වැටුනු තැනකට ගෙනියනවා..එයාලා තව මොන මොනාහරි කතා උනත් ඒ දේවල් අහන් ඉන්න තරන් සිහියක් මට තිබ්බෙ නෑ..මගෙ පපුව ඇදුන් කනවා..ඒත් එසැනින්ම රලු අත් දෙකක් මගෙ පපුව හරි මැදට සැරින් සැරේ තද උනා..හරියට හුස්ම ගන්න උදව් කරන්න වගේ..
"හනා දුල් සෙත්…"
ආයෙ ආයෙත්..මගෙ පපුවේදනාව ටිකින් ටික අඩුවෙද්දි උගුරෙ හිරවෙලා තිබ්බ වතුර ගොඩක් මගෙ කටින් ලේ රහක් එක්ක එලියට එනවා වගෙයි දැනුනෙ..
"ආහ්හ්හ්"
මං ඇස් ඇරියා..මිනිස්සු ගොඩක් මට වට වෙලා..මගෙ දිහා බලන් ඉන්නවා..ඒත් ආයෙත් ඒ වේදනාවම..පපුවෙ හරිමැදට කිනිස්සකින් අනිනවා වගේ..
"කු..කී….ඔ..ප්..පා…."
එච්චරයි මට කියන්න ලැබුනෙ..හීයක් වේගෙන් ආපු හුලං පාරක් මාව ඇදගෙන ගිහින් ආයෙම අර හිම පිරුනු පිට්ටනියට අත ඇරියා..එතනින් එහාට මට මතක තිබුනෙ සුදු ඇදගත්තු කෙනෙක් මට නැගිටින්න උදව් කරල කියපු අන්තිම දේ..ඒත් එයාගෙ මූන මට පැහැදිලි නෑ..
"ආයෙත් යන්න ඕනෙ නම් දැන්මම යන්න..නැත්තන් පරක්කු වෙයි එයාව මුන ගැහෙන්න.."
ඒ ක්ශනිකවම බරක් නොදැනුනු , හුස්මක් නොදැනුනු මාව ඇදිලා ගිහින් කලුවර වතුර පිරුනි බෝලයක් ඇතුලෙ හිර උනා..ඒත් පුදුම හිතෙන දේ ,
මට මගෙ බර දැනෙනවා
මට මගෙ හුස්ම දැනෙනවා..
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
අලුත් කතාව..ඔන්න හිතේ හිරකරන් ඉන්න හරි අමාරුයි..ඒ නිසා රස යන්න කලින් ඔයාලට ගෙනාවා..මේකත් මනෝකාය වගේ ටිකක් විශ්වාසයත් අවිශ්වාසයත් මැද තියෙන කතාවක්..ඒත් විශේෂම දේ මේක ටේකුක්…
එහෙනම් ආයෙ පලවෙනි කොටසින් හමුවෙමු..
මම
ශෙහා 💜️
YOU ARE READING
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...