CHAPTER 05

273 65 14
                                    

සුදුපාට ලිලීමල් වලින් වැහුනු සොහොන්කොත ගාව වට වෙලා උන්නු පිරිසක් සොහොන දිහා නිහඩවම කඳුලු පිරුනු ඇස් වලින් බලාගෙන උන්නෙ සොහොන් කොත බදාගෙන වැලපෙන අවුරුදු විස්සක විතර කඩවසම් තරුණයෙක් , ඒ තරුනයට මෙහයින් පස් ගොඩක් මත හිස ගසාගෙන ඉන්නා ඒවයසම කියන්න පුලුවන් තරුනියක් දිහායි..විලාප තියමින් හඩන තරුණයා එක මොහොතකට වත් තමන්ගෙ අත් සොහොන් කොතින් අයින් කරේ නම් නෑ..

කිම් යූනා

උපත 1976 ජනවාරි 30 

විපත 1994 දෙසැම්බර් 31

සොහොන් කොතේ ලියවිලා තිබ්බ නමට උඩින් තිබ්බෙ හරිම ලස්සනට හිනා වෙලා ඉන්න තරුණ ගෑනු ලමයෙක්..

"මියානේ යූනායා….මියානේ"

එහායින් හඩා වැටෙන තරුන ගෑනු ලමයා සැරින් සැරේ මුමුන මුමුනා හිටියේ අසිහියෙන් වගේ..ඒත් එක්කම සොහොන් කොත බදාගෙන උන්නු තරුනයා ආවේගයෙන් පැත්තක උන්නු තරුනිය ගාවට ගියා..

"සේරි මට ඇත්ත කියනවා..මගෙ අහිංසකීට මේ දේ කරේ කවුද?"

තරුනියගේ උරහිසෙන් අල්ලන් ඔහු කෑගැහුවෙ වියරු වැටුනා වගේ...ඒත් ඇගේ කටින් පිට වුනේ මිමිනීමක් විතරයි.

"මං දන්නෙ නෑ ජන්ගුකා...මං දන්නෙ නෑ…."

"උබල එකෙක්වත් මුකුත් දන්නෑ..උබලට මගෙ කෙල්ලව බලාගන්න බැරි උනා..අන්තිමේ මගෙ කෙල්ල වේදනාවෙන්ම යන්න ගිහින්.."

තරුනයගෙ වේදනාව මුලු සොහොන් බිමේම දෝංකාර දුන්නෙ ඒ හදවතේ තිබ්බ වේදනාව පිට කරන්න වගේ..

එක පාරටම මනෝ ලෝකයෙන් මිදුන මං තාමත් උන්නෙ ඊයෙ ජිමින්ගෙ ඔම්මා කියපු කතාවයි මං දකින හීනයි අතර සම්බන්ධයක් හදන ගමන්..

කිම් යූනා කියන්නෙ ජිමින්ගෙ ඔම්මගෙ යාලුවෙක් වගේම මිස්ටර් ජියොන් ගෙ ආදරවන්ති..ඒත් හිටි හැටියෙම යූනව නොදන්නා මිනිහෙක් අතින් දූශනය වෙලා මහ මුහුද මැද ජීවිතය නැති වෙන තැනට වැඩ සිද්ද වෙලා තියෙන්නෙ මිස්ටර් ජියොන් හයිස්ටඩීස් වලට රට ගිය අතරතුරේ..මරනෙට වැරදිකාරයෙක් නැතුව ඒ නඩුව යට යනකොට මිස්ටර් ජියොන් අවුරුද් විසිපහක් ඒ වේදනාවෙන් ජීවත් වෙනවා..එතකොට වැදගත්ම දේ යූනා මැරිලා තියෙන්නෙ මං ඉපදෙන්න හරියටම අවුරුද්දකට කලින්..

BRING THE SOUL Onde histórias criam vida. Descubra agora