"ඒයි බටු ඇටේ ඔහොම ඉන්නවා ටිකක්"
යූනා දුවන් යද්දි ජන්ගුක් පස්සෙන් ගියෙ හරි හදිස්සියෙන්..හරියට යූනා ජන්ගුක්ගෙ මොනාහරි හොරකන් කරන් යනවාවගේ..
"මොකෝ"
"කෝ අත පෙන්නන්න"
"ඒ මොකටද"
"කිව්වම අතපෙන්නමවද ? මං බලන්න කලින්."
ජන්ගුක් තර්ජනාත්මකව කියද්දි යූනා පස්සෙන් පස්සට ගියෙ ජන්ගුක්ගෙන් බේරෙන්න උනත් ජන්ගුක් යූනගෙන් ඇස් අහකට නොගෙනම යූනගෙ පස්සෙන් ගියා..
"යා ඔහොම ඉන්නවා දුවන්න එපා"
යූන එක පාරටම දුවල පන්ති කාරම අතරින් ඉස්සරහට යද්දි ජන්ගුක් යූන පස්සෙන්දුවන්න පටන් ගත්තා..අන්තිමේ යූනව බිත්තියක් අතරට හිර වෙලා කෙල්ලට යන්න තැනක් නෑ..
"අම්මෝ"
ජන්ගුක් දණහිසට අත් දෙක තියන් හති අරිනවා..අන්තිමේ ඉස්කෝලෙ කෙලවරේම තිබ්බ පන්ති කාමර දෙකක් අතරෙ ජන්ගුක් යූනා තනි උනා..
"ඉන්න කිව්වම මොකද දුවන්නේ ආ"
ජන්ගුක් නපුරු බැල්මක් මවාගෙන යූනා ගාවට ලන් වෙද්දි කෙල්ල පස්සෙන් පස්සට ගියත් යන්න තැනක් කෙල්ලට නෑ..
"කෝ පෙන්නනවා අත"
"බෑ"
යූනාත් දෙවෙනි වෙන්න ආස නෑ..ජන්ගුක්ගෙ මූනට ආවෙ හීන් හිනාවක්..ජන්ගුක් අඩියට දෙකට යූනා ගාවට යද්දි කොල්ලා දැක්කෙ යූනගෙ මූනම රතුවෙලා පපුවට අත තියාගන්නවා..ජන්ගුක් ටිකක් ගැස්සුනා.
"වේ"
යූනා එහෙමම බිම වාඩි වෙද්දි අතේ තිබ්බ නෙල්ලි ගෙඩි අහුර බිම විසිරිලා ගියා.
"යූනායා"
මෙච්චර කල් බටු ඇටේ කිය කිය උන්නු ජන්ගුක් පලවෙනි වතාවට යූනට නම කියල කතා කරා..ජන්ගුක් දෙපාරක් නොහිත යූනව ඇගට වත්තම් කරගත්තෙ කඳුලු පිරුනු ඇස් වලින්..
අද උදේ මං නැගිටිද්දි වෙනදට වඩා හුස්ම ගන්න අපහසුවක් දැනුනා..ඒ හීනෙ හින්දද නැත්තන් වෙන අමාරුවක් ද කියල හිතන්නවත් වෙලාවක් නැතුව කම්පැනි එකට දුවන් ආවෙ බගෙට බොත්තන් දාපු ශර්ට් එක යටකර කර..නැත්තන් බස් එක මිස් වෙනවා..

YOU ARE READING
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...