"මොකෝ ආයෙත් අරයා …… යූනායා "
ජිමින් දිහා බලන් කතා කරපු එයා මගෙ දිහා බලද්දිම එයාගෙ අන්තිම වචන ටික බිදිල ගිහින්..ඒ ඇස් , ගාම්භීර පෙනුම ඉස්සරහ මටත් නොදැනිම මට අමුතු හෞරවයක් දැනුනා..ඒක මිස්ටර් ජියොන් ගාවදි දැනෙන හැගීමට වඩා ගොඩක් වෙනස් හැගීමක්..
"ටේ මේ ඉන්නෙ ජන්ගුක් අන්කල් ගෙ අප්පා.. හරබුජේ මේ මගෙ ඩේගු යාලුවා ටේහයොන්ග් "
එයා උන්නෙ රෝද පුටුවක..ඒත් එයාගෙ ඇස් වල නම් තිබුනෙ නැගිටල එන්න ඕන වගේ හැගීමක්..
'අන්‍යහසේයො සර්.."
"ජුනී කිව්වා හරි...ඔයා එයාමයි.."
මං බිම බලාගත්තෙ කියන්නෙ මොනවද කියල නොතේරුනු නිසා..
"ටේ ඔයත් හරබුජේට , හරබුජේ කියන්න..එයා එහෙම කියනවට හරි ආසයි.."
ජිමින් කිව්වෙ හිනා වෙලා..එයත් ඔලුව වැනුවෙ ඒක අනුමත කරන්න වගේ..ඒත් එහෙම කතා කරන්න මගෙ හිත නම් කැමති නෑ..මං ඔලුව උස්සල ලාවට හිනා උනා..
"තමන්ගෙම සොහොන දකිද්දි ඒක කොහොම හැගීමක් ද කියල මං දන්නෙ නෑ දරුවො..ඒත් මේ සොහොන දකිද්දි මං උදේ හවා පිච්චෙනවා.."
එයා කොහොමද කියන්නෙ මේක මගෙ සොහොන කියල..මට තිබ්බ ප්‍රශ්නෙ ඇහුවෙ ජිමින්..
"හරබුජෙත් හිතනවද ටේ , යූනා කියල.."
"හිතනව නෙවේ ජිමින් මේ යූනා තමා..එයා අපිට පොරොන්දු උනා ආයෙ එනව කියල..මේ යූනා තමයි…"
මං පුදුමෙන් බැලුවෙ හැමෝම යූනා ආපහු එනව කියල කිව්වා කියන්නෙ ඇයි කියල..ජිමින්ටත් මං වගේ පැටලිලා කියල උගෙ මූනෙන්ම පේනවා..
"යමු ගෙදරට.."
අපි දෙන්නා හරබුජෙගෙ පස්සෙන් ඇවිදන් ගියෙ එයාව සේවකයෙක් රෝදපුටුවෙන් තල්ලු කරන් ගිය නිසා..අපි මැන්ශන් එකට ඇතුල් වෙද්දිම තිබ්බෙ ලොකු සාලයක්..සාලෙ මැද දොරට කෙලින් තිබ්බෙ ජියොන් පවුලෙ විසාල රූපයක්.. ඒකෙ හිටපු ජන්ගුක් හරි තරුනයි..මිස්ටර් නම්ජුනුත් තරුනයි..එයාලගෙ ඔම්මත් හරි ලස්සනයි.. අපි ගිහින් සාලෙ මැද සෝෆා එකෙන් වාඩි වෙද්දි හරබුජෙත් අපෙ ඉස්සරහට ආවා..
YOU ARE READING
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...