CHAPTER 13

207 51 9
                                    


උදේ පාන්දරම තාත්තගෙ හඩට ඇහැරුනු යූනා ඇස් දෙක පිහ  පිහා ඇද උඩ ටිකක් වාඩි වෙලා උන්නා..

"යූනායා අප්පට පරක්කු වෙනවා"

තාත්තා කිව්වෙ කාමරෙන් එලියට යන ගමන්..ටිකක් වෙලා අස් පියන් උන්නු යූනා බාත් රූම් එකට ගියෙ වැනි වැනි..අද යූනා බූසාන් හයිස්කූල් යන පලවෙනි දවස..එයාගෙ තාත්තත් වැඩ බාරගන්නෙ අද.ඉක්මනට වොශ් දාගෙන නැනී අයන් කරල දුන්න යුනිෆෝම් එකත් ඇදගෙන යූනා කන්නාඩිය ඉස්සරහට ගිහින් තමන් දිහාම ටිකක් බලන් උන්නා..

"අනී යූනා.මෙයාල ඒව දන්නෙ නෑ..ඔයා බය නැතුව ඉන්න.."

යුනා තමන්ටම කියාගත්තත් ඩේගු වල උනු දේවල් දැනටමත් ලමයි දන්නවා ඇති කියන බය යූනගෙ හිතේ තිබ්බා..ඒත් මොනා කරන්නද.කෙල්ල මේ ගමන යන්න ඕනමයි.

"ෆයිටින් යූනායා"

තමන්ගෙ හදවතට තමන්ම සුබ පතාගෙන , නැනී ඔම්මා හදල දුන්න උදේ කාමත් කාලා තාත්තා එක්කම යූනා ඉස්කෝලෙටෙ ආවා..ඩේගුවල එයාල ගියපු ඉස්කොලෙට වඩා ටිකක් පොඩි උනත් අමුතු පියකරු බව ඒ ඉස්කෝලෙන් යූනගෙ ඇස්වලට පෙනුනා..ඒ වෙනකොටත් ලමයි කිහිපදෙනෙක් විතරක් උන්නු ඉස්කෝලෙට යූනායි තාත්තයි ඇතුල් වෙද්දිම එයාල ඉස්සරහට ආවෙ සේරියි , මිස්ටර් පාක්‍ යි..

"ගුඩ් මෝඩින් ප්‍රින්සිපල් සර්..යමු ඇතුලට"

මිස්ටර් පාක් යූනගෙ තාත්තව ඔෆිස් රූම් එකට එක්කන් යද්දි සේරි යූනගෙ අතේ එල්ලුනා.ඊයෙට වඩා යූනගෙ ප්‍රතිචාරෙ වෙනස් උනේ කෙල්ල දැනටමත් සේරිව යාලුවෙක් විදියට පිලිගන්න නිස..

"යූනාගෙ ඇඩ්මිශන් ඔක්කොම රෙඩී සර්..සේරි යූනට ක්ලාස් එක පෙන්නන්න  "

මිස්ටර් පාක් කියල ප්‍රින්සිපල් එක්ක ඔෆිස් බිල්ඩින් එකට ගියා..යූනා සේරි එක්ක අනික් පැත්තට ඇවිදන් යද්දි ලමයි එක්කෙනා දෙන්නා ගේට්ටුවෙන් ඇතුලට හෙමි හෙමිහිට අතුල් උනා..

"ඔයාගෙ ක්ලාස් එක තියෙන්නෙ මගෙ එකට පිටිපස්සෙ..ලන්ච් එකේදි අපිට එකට කන්න පුලුවන්.."

සේරි කියවනවා..යූනාටත් සේරි එක්ක කියවන්න ඕන උනත් කෙල්ලගෙ හිතේ තියෙන චකිතය ඒකට ඉඩ දුන්නෙ නෑ.ඉතින් යූනා ඔහේ ඉස්සරහට ඇවිදන් ගියා..

BRING THE SOUL Where stories live. Discover now