දවස් දෙකක් යනකන් යූනට සේරිව තියා සේරිගෙ හුලගවත් වැදුනෙ නෑ..මේ දවස් දෙකට ලස්සන රෝස මලක් වගේ උන්නු යූනා පරවෙලා ගිහින්..යූනා ගේ පිටිපස්සෙ විවෘත වෙලා තිබුනු බීච් එක දිහා බලන් උන්නෙ අදවත් සේරි එයිද කියල..මොකද යූනට මේ දවස් දෙකට තනිකම හොදටම දැනුනා..අනික් දේ යූනට මාර තරහයි ජියොන් මහත්තයගෙ පුතා ගැන..ඒ ලමයා ආපු දවසෙ ඉදන් නැනී ඔම්මත් යූනගෙ ගේ පැත්ත පලාතක ආවෙ නෑ..
"මට ඔය කොල්ලව අහු උනොත් කොන්ද කඩනවා මං"
යූනා මුනු මුනු ගානවා..ඒත් එක්කම හති දාදා කෙනෙක් යූනා උන්නු පැත්තට දුවන් ආවෙ හරි හදිස්සියෙන්..
"යූ...නා යා"
යූනගෙ පිටුපස්සෙ හිටගෙන දනිස් දෙකට අත තියාගෙන හති අරින්නෙ වෙන කවුරුත් නෙවේ...යූනා මෙච්චර වෙලා බලාපොරොත්තු වෙන් උන්නු කෙනා..
"සේරි උන්නී"
"අයිගෝ...මං පන දාගෙන දුවන් ආවෙ කෙල්ලව බලන්න.."
සේරි කියද්දි යූනා ගස්සල අහක බලාගත්තා..යූනගෙ කන් රතු වෙලා..ඒ තරහටදනැත්තන් මෙච්චර වෙලා අව්වෙ උන්නු හින්දද කියල කෙල්ලවත් දන්නෙ නෑ..
"මොකෝ මේ"
සේරි යූනට එහාපැත්තෙන් වාඩි උනේ අව්ව වත් නොතකා..
"මියානෙ යූනා...ජන්ගුක් එලියට යනකන් උන්නෙ එන්න.."
"ඉතින් මට කියන්නෙ මොනාද"
යූනා රවාගෙන නැගිට්ටා..සේරිත් නැගිට්ටෙ කෙල්ලව යාලු කරගන්න උනත් යූනා සේරිට ලං වෙන්න වත් නොදී වැල්ලෙ දුවන්න පටන් ගත්තා..
"යා යූනා ඔහොම නවතින්න.."
සේරි පස්සෙන් පන්නද්දි යූනා සේරිට දිවත් දික් කරල එක පිම්මෙ දිව්වෙ පස්සබල බල මයි..පබ්ලික් බීච් ඒරියා එකට දුවන් ගිය යූනා පස්සබලාගෙන ගිහින් ඉස්සරහින් ආපු කෙනෙක්ගෙ ඇගේ වැදිලා බිම වැටුනා..යූනා ලගට පාත් වෙලා ඒ කෙනා යූනට අත දුන්නෙ නැගිටින්න..
"ක්වෙන්චානා"
යූනගෙම වයස වගේ කියන්න පුලුවන් ලස්සන පිරිමි ලමයෙක්..ඩයිවින් කරල එන ගමන් වගේ ඇග පුරා වතුර..පිරිමි ලමයා කාරුනිකව කතා කරත් වැලි ගසල දාලා නැගිට්ට යූනා මූනට ආරූඩ කරගත්තෙ හරි නපුරු පෙනුමක්..

ESTÁS LEYENDO
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...