ඉස්කෝලෙ ලමයි රොත්‍තක් වට වෙලා මොකක් හරි දෙයක් දිහා බලන් හිනාවෙනවා.."යාහ් මොකෝ තමුසෙලා හිනාවෙන්නෙ.දත් නැතුව බත් කන්න ආසද"
එක පාරටම ගෑනු ලමක්ගෙ කෑගැහිල්ලක් එක්ක ලමයි ටික ඔක්කොම එතනින් අයින් උනා..ඒ මැද උන්නෙ තරහෙන් පුපුරන කෙල්ලෙක්..ඔලුව උඩට අත් දෙකත් තියාගෙන දණ ගහගෙන..මොනවදෝ මුමුන මුමුද කාටහරි බනිනවා..ඒත් එක්කම එතනට ආවෙ උස කඩවසම් කොල්ලෙක්..
"ආහ් බටු ඇටේ..ආයෙත් හම්බුනා එහෙනම්"
කොල්ලා කිව්වෙ අතක් සාක්කුවෙ දාගෙන අනික් අත කෙල්ල දිහාට වනන ගමන්..කෙල්ල රවල අහක බලාගත්තා..
"හොදවැඩේ අනුන්ගෙ වතුවල ගඩාගෙඩි කඩන්න යනවට.."
"අනුන්ගෙ වත්තක නෙවේ මං කැඩුවෙ ඉස්කෝලෙ වත්තෙ..අනික මගෙ අප්පා තමා ඉස්කෝලෙ ප්‍රින්සිපල්.."
"අහ් ඒ ප්‍රින්සිපල් ම තමා ඔයාව දණ ගැස්සුවෙත්...අනික අමතක කරන්න එපා ඉස්කෝලෙ වත්ත අයිති කාටද කියල"
කොල්ලා හිනාවෙලා කියද්දි කෙල්ල මූන රතු කරගත්තා..කොල්ලට තවත් හිනා..
"කියොප්තා"
කෙල්ල දිහාට ලංවෙලා කෙල්ලගෙ කොට කොන්ඩෙ අවුස්සපු කොල්ලා එතනින් යද්දි කෙල්ලගෙ රැවිල්ල තවත් වැඩි උනා..
හීනේ ටිකින් ටික බොදවෙලා යද්දි මගෙ ඔලුව ඇදුන් කන්න පටන් ගත්තා..ඒත් ඇස් අරින්න කලින් මට ඇහුනු ගැබුරු හුරුපුරුදු කටහඩ නිසා මං ඇස් වහන්ම ඒකට ඇහුන්කන් දුන්නා..
"ඒ මගෙ යූනා සේරියා...මගෙ යූනා..මට ඔප්පා කියල කතා කරා...කොහොමද කියන්නෙ එයා නෙවේ කියල"
"ජන්ගුක් යූනා නැති වෙලා අවුරුදු විසිපහක්..පෙනුම එක වගේ උනාට අපි කොහොමද කියන්නෙ මේ යූනා කියල"
"අනී සේරියා...මේ යූනම තමා..එයා මට පොරොන්දු උනා ආයෙ එනවා කියල..එයා පොරොන්දුව රැක්කා..එයා ආයෙ ආවා කුකී ඔප්පව හොයාගෙන"
"ජන්ගුක් මේක අහන්න..මේ යූනම කියමුකො..එත් හැමදේම දැන් වෙනස්..මේ අවුරුදු විසිපහක පොඩි කොල්ලෙක්..අපෙ ජිමින් වගේ..ඔයාට වඩා අවුරුදු විසිපහක් බාලයි..අනික් දේ යූනගෙ පෙනුම තිබ්බට මේ පිරිමි දරුවෙ ජන්ගුක්.."
YOU ARE READING
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...