CHAPTER 03

260 73 50
                                    

"යූනායා ඔහොම නවතින්න..දුවන්න එපා ලමයො.වැටෙයි"

ගෑනු ලමයි දෙන්නෙක් බීච් එකේ එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා දුවනවා..ඒත් නවතින පාටක් නම් නෑ..ඒත් ඉස්සෙල්ලාම දුවන් ගිය ගැනු ලමයා එක පාරම ඩයිවින් කරල මුහුදින් ගොඩට එන පිරිමි ලමයෙක්ගෙ ඇගෙ හැප්පිලා වැටුනා..

"ක්වෙන්චානා"

පිරිමි ලමයා කාරුනිකව ඇහුවත් වැලි ගසල දාලා නැගිට්ට ගෑනු ලමයා මූනට ආරූඩ කරගත්තෙ හරි නපුරු පෙනුමක්..

"යා...මුහුදෙ ට්‍රැෆික් නැති උනාට ගොඩබිම තව මිනිස්සු ඉන්නවා..බලාගෙන ඇවිදිනවා..ආව් මගෙ කොන්ද කැඩුනද මන්දා.."

"ඉතින් ඔයානෙ දුවන් ඇවිත් හැප්පුනේ.."

පිරිමි ලමයා සන්සුන්ව කියද්දි අනික් ගෑනු ලමයත් එතන්ට දුවන් ඇවිත් හති අරින්න පටන් ගත්තා..

"සේරියා කවුද මේ බටු ඇටේ..බීච් එකේ මැරතන් දුවන්නෙ…"

"ඔහ් ජන්ගුක්කා..මේ ඉස්කෝලෙට ආපු අලුත් ප්‍රින්සිපල් සර් ගෙ දුව..අපේ අනික් ගෙදර ඉන්නෙ.."

ඒ ගෑනු ලමයා ඇබරි ඇබරි කියද්දි තාමත් වැලි පිහන ගෑනු ලමය දිහා බලපු පිරිමි ලමයා , 

"ඔහ්.. එහෙනම් අපි ආයෙ හැප්පෙයි...බටු ඇටේ.."

"මොකද්ද කිව්වෙ.."

ඒ පිරිමි ලමයා හිනාවෙවී ඇවිදන් යද්දි අර වැටුනු ගෑනු ලමයා ගහන්න අතක් උස්සද්දිම අනික් ගෑනු ලමයා එයාව අතින් ඇදල ගත්තා..

"යාහ් පිස්සුද යුනායා..ඒ ජන්ගුක්..ජියොන් මහත්තයගෙ පොඩි පුතා.."

"කවුරු උනත් මට මොකෝ..ඉන්නවකො කරන්න හොද වැඩක් මං…"

……...ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්………

එලාම් එකේ සද්දෙට මාව උඩ ගිහින් ඇහැරුනත් මගෙ ඇග පුරාම වතුර වගේ දාඩිය දාලා තිබ්බා..ආයෙත් ඒ දෙන්නා..ඒත් ඒ හීනේ තව අලුත් කෙනෙකුත් උන්නා..ඒත් මට ඒ කෙල්ලයි කොල්ලයි මතක නැති උනත් ඒ උන්නු අනික් කෙනා………

"ජිමින්ගෙ ඔම්මා"

ඔව් ඒ ජිමින්ගෙ ඔම්මා..ඒත් දැන්ට වඩා ගොඩාක් තරුනයි වගේම ලස්සනයි..ඒ වගේම පුදුම හිතෙන අනිත් දේ , මෙච්චර කල් දැකපු හීන ආගන්තුක උනාට අද හීනෙ හුරු පුරුදු පරිසරයක දැකපු නිසා..ඊයෙ අප්පා කතා කරද්දි බීච් එක දිගේ ඇවිදන් යද්දි දැකපු පබ්ලික් බීච් එක..

BRING THE SOUL Where stories live. Discover now