උදේම ඉස්කෝලෙට ආව යූනගෙ නම් හිතේ තිබ්බෙ ටිකක් හොර අදහසක්..ඒ ප්රයිමරි එකේ ඇච්චො වෙනුවෙන් මිසිස් ජියොන් වවල තිබ්බ ඇබුල් නෙල්ලි ගහේ ගෙඩි ටිකට වැඩේ දෙන්න..යූනගෙ වැඩේ ලේසි වෙන්න අද ශිශ්ය නායකයොත් උන්නෙ ගේට්ටුව ගාව..හෙමීට ගහ ගාවට ගිය කෙල්ල ලග තිබ්බ අලි පොල්ලකින් අතුවලට කිසිම හිතක් පපුවක් නැතුව ගහද්දි නෙල්ලි ගෙඩි තුන හතරක් බිම වැටුනා වගේම , උදෙන්ම ආපු පොඩි බට්ටො සෙට් එකගෙන් අවදානය යූනට ලැබුනා..
ඒත් යූනා නොදැක තව තවත් ගල් පාරවල් ගහට ගහද්දි අර පොඩි සෙට් එක ඉස්කෝලෙ ප්රින්සිපල් ව මෙතන්ට එක්කන් එන්න දෙපාරක් හිතුවෙ නෑ..ඉතින් ප්රින්සිපල් ගෙ දඩුවම උනේ උදේ ප්රීයඩ් දෙකක් ගහ ගාව යූනට දනගහගෙන ඉන්න එක..ඒත් යූනට තිබ්බ එකම කනස්සල්ල නෙල්ලි ගෙඩි ටික..
ටිකින් ටික ලමයි ඉස්කෝලෙට ඇතුල්වෙද්දි ඉස්කෝලෙ ලමයි එක රොත්තක් වට වෙලා යූනා දිහා බලන් හිනාවෙනන පටන් ගත්තා.."යාහ් මොකෝ තමුසෙලා හිනාවෙන්නෙ.දත් නැතුව බත් කන්න ආසද"
එක පාරටම යූනගෙ කෑගැහිල්ලක් එක්ක ලමයි ටික ඔක්කොම එතනින් අයින් උනා..ඒ මැද උන්නෙ තරහෙන් පුපුරන යූනා..ඔලුව උඩට අත් දෙකත් තියාගෙන දණ ගහගෙන..මොනවදෝ මුමුන මුමුද කාටහරි බනිනවා..ඒත් එක්කම එතනට ආවෙ මාසයක් තිස්සෙ ස්විමින් කම්පෙටිශන් එකට ගිහින් ඉස්කෝලෙ නාව ජන්ගුක්..
"ආහ් බටු ඇටේ..ආයෙත් හම්බුනා එහෙනම්"
ජන්ගුක් කිව්වෙ අතක් සාක්කුවෙ දාගෙන අනික් අත යූනා දිහාට වනන ගමන්..යූනා රවල අහක බලාගත්තා..
"හොදවැඩේ අනුන්ගෙ වතුවල ගඩාගෙඩි කඩන්න යනවට.."
"අනුන්ගෙ වත්තක නෙවේ මං කැඩුවෙ ඉස්කෝලෙ වත්තෙ..අනික මගෙ අප්පා තමා ඉස්කෝලෙ ප්රින්සිපල්.."
"අහ් ඒ ප්රින්සිපල් ම තමා ඔයාව දණ ගැස්සුවෙත්...අනික අමතක කරන්න එපා ඉස්කෝලෙ වත්ත අයිති කාටද කියල"
ජන්ගුක් හිනාවෙලා කියද්දි යූනා මූන රතු කරගත්තා..කොල්ලට තවත් හිනා..
"කියොප්තා"
යූනා දිහාට ලංවෙලා යූනගෙ කොට කොන්ඩෙ අවුස්සපු ජන්ගුක් එතනින් යද්දි කෙල්ලගෙ රැවිල්ල තවත් වැඩි උනා..

YOU ARE READING
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...