CHAPTER 11

227 63 12
                                    

හිතට වගේම ගතටත් දැනුන අසීමිත වෙහෙස නිසා ජිමින්ගෙ ඔම්මට කියල පහුවදා ලෙඩ නිවාඩුවක් දැම්මා..මට නිවාඩුව දුන්නට ජිමින්ට නම් මිස්ටර් ජියොන් අතඇරුනු වැඩක් පවරල තිබ්බා..ඒ වෙන මුකුත් නෙවේ එදා මිස් කරපු ඩේට් එක..අද ජිමින්ට ඒක කට් කරන්න බැරි වෙන්න ජිමින්ගෙ ඔම්මා ජිමින්ව හොටෙල් එකටම ඇරලවන්න යන්නයි ලෑස්තිය..

"තමන්ගෙ පුතාව ඩේට් එකට ඇරලන්න ඔම්මා යනවා…….යකෝ උබ හරියට මොන්ටිසෝරි ලමයෙක් වගේ.."

මගෙ ඇදේ ඉදගෙන නියපොතු හප හප ඉන්න ජිමින් දිහා බලන් කියද්දිත් මට හිනා.එත් ඌ උන්නෙ බර කල්පනාවක..ජිමින්ගෙ ඔම්මා , ජිමින්ගෙ අප්පටත් කතා කරල බැනලා තිබ්බා කලින් උනු දේට..ඉතින් මේ පාර ජිමිනට අප්පගෙන් වත් උදව්වක් නෑ..

"ඒ ටේ….අන්කල්ට කියපන්කො උබ….උබ කිව්වොත් එයා අහයි බන්.."

"පිස්සුද ම්නිහො..මිස්ටර් ජියොන් ඊලගට මටත් බනියි…"

"අඩේ මොකද්ද බන්….උබට මං ගැන දුකක් නැද්ද…"

"ජිමිනා…….උබ ගිහින් කතා බහ කරල බලපන්..සමහර විට කෙල්ල හොද ඇති බන්.."

"හොද...අනේ මේ ටේ… සල්ලිකාර නැට්ටිච්චියො ගාව මොන හොද්ද.."

"එහෙම කියන්නෙපා...උබ ගිහින් බලපන්කෝ...හරින්නෙ නැත්තන් අපි මිස්ටර් ජියොන්ට කියමු.."

පැය ගානක් ජිමින්ගෙ හිත හදල කොහොම හරි ඔම්මා එක්ක ජිමින්ව පිටත් කෙරෙව්වා..කොල්ලා උන්නෙ හරියට මස් කඩේට ගෙනියන ඌරෙක් වගේ..

ජිමින් ගියාට පස්සෙ මට දැනුනෙ ලොකු පාලුවන්..ගෙදරත් කෝල් එකක් අරගෙන කතා කරල ගේ පිටිපස්සෙන් බීච් එක පැත්තට ආවෙ දැනුනු කම්මැලි කම නිසා..දැකපු හීන වල මේ වෙරල මේ විදියමයි..ඒත් ඒ හැම හීනෙකටම වඩා මං මේ හැබැහින් දකින් වෙරලෙ මොකද්දෝ අඩුපාඩුවක් තිබ්බා..කොයි තරම් හිතුවත් ඒ මොකද්ද කියල මට තේරුන් ගන්න බෑ…

මුහුදු වෙරලෙ දිගටම ඇවිදගෙන ගියෙ මගෙ කකුල් වලට ඒ වැලි වලින් දැනුනු හුරුපුරුදු බව නිසා.. තැනින් තැන සෙල්ලන් කරන පුංචි ලමයි , වැල්ලේ ඉදගෙන කතා කර කර ඉන්න කපල් , පවුල් පිටින් නිදහසේ සැරිසරන මිනිස්සු…. මද්දහන උනත් වෙරලම මිනිස්සුන්ගෙන් පිරිලා.. 

BRING THE SOUL Dove le storie prendono vita. Scoprilo ora