කොල කෑල්ලකුත් අතේ ගුටිකරගෙන යූනා බීච් එක දිගේ ඇවිදන් ආවෙ ගේ පිටිපස්සෙ තිබ්බ සමර් හට් එකට..එතනට මුහුද හරි ලස්සනට පේනවා..හට් එක යටින් හරි බරි ගැහිලා ඉදගත්ත යූනා කොල කෑල්ල හෙමීට දිග ඇරියා.."බලන් ඉන්න ආසයි හරි හිතුවක්කාර ඇස් දෙක
අලුත ඉපදුනු බිලින්දෙක් සේ පිරිසිදුයි නුඹ තුන් හිත
කාලයක් මං බලන් උන්නා දැනෙන ප්‍රේමෙක හදවෙත
අයිති වේවිද මටම විතරක් ආදරෙයි මං සදහට "
යූනා කොලේ දිහා බලාගෙන හිනාවුනේ කෙල්ලගෙ මුලු මූනම රතු තක්කලි ගෙඩියක් වගේ වෙද්දි..කෙල්ලට වටේ පිටේ ගැන කිසිම ගානක් නෑ..සම්පූර්ණ අවධානය පුංචි කොල කෑල්ල ඇතුලෙ..ඒත් යූනගෙ අවධානය එක පාරටම ගිලිහුනේ කොහෙන්දෝ ආපු අතක් කෙල්ලගෙ අතේ තිබ්බ කොලේ උදුරගද්දි..යූනගෙ මූන භයෙන් වගේම තරහෙන් පිරිලා..යූනා කොලේ උදුර ගත්තු කෙනා දිහා බලල නෝක්කාඩු මූනක් මවා ගත්තා..
"සේරි උන්නී..."
ඒත් එක්කම සේරි කොලේ තිබ්බ දේ කියවල යූනා දිහා බලද්දි යූනා බිම බලා ගත්තා..
"ම දැන ගත්තා ජන්ගුක් යූනා ගැන සැරින් සැරේට අහනකොට...මොකක් හරි තියෙනවා කියල මෙතන.."
සේරි මහ හයියෙන් හිනාවෙද්දි යූනා ආයෙත් බිම ඉදගත්තා..සේරිත් එතනින් ඉදගත්තෙ නිස්කලංක මුහුද දිහා බල්සගෙන..
"යූනායා ජන්ගුක් කියන්නෙ හරි අහිංසක කොල්ලෙක්..පොඩි කාලෙ හා පැටියෙක් වගේ..."
යූනගෙ මූනට ලස්සන හිනාවක් ආවා..සේරි උන්නෙත් යූනගෙ මූන දිහා බලාගෙන..
"ජන්ගුක් ලේසියෙන් කාටවත් ලන් වෙන කෙනෙක් නෙවේ..මං විතරයි එයාට යාලුවෙක්ට උන්නෙ..ඔයා එයාට ආදරේ කරනව නම් , යූනායා චෙබල් , ජන්ගුක්ට දුකක් දෙන්න නම් එපා.."
යූනා සේරි දිහා බැලුවෙ එක පාරටමයි.
"උන්නී .. මං දන්නෙ නෑ එයා ගැන මගෙ හිතේ තියෙන්නෙ ආදරයක් ද කියලවත්..ඒත් මං එයාට හරි කැමතියි..එයව දකින්න , කතා කරන්න මගෙ හිත හරි කැමතියි.."
YOU ARE READING
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...