CHAPTER 14

233 59 15
                                    


එක දවසක් නෙවේ දවස් ගානක්ම යූනට සිද්දවුනේ නැනී අහන ප්‍රශ්න වලට බොරු කියල සේරිව බේරගන්න..ඒ ගැන සේරි එක්ක තරහින් උන්නත් සේරි ස්ට්‍රෝබෙරි දීලා යූනව යලු කරගත්තෙ හරි ලේසියෙන්.. සති දෙකක් යද්දි ඩේගු වලදි අතුරුදහන් උනු සෙල්ලක්කාර යූනා බුසාඅන් වලදි ටික ටික පන ලැබුවා..ඒ ගැන යූනගෙ තාත්තා උන්නෙ හරි සතුටින්..යූනා ,සේරිව තමන්ගෙ යාලුව විදියට පිලිගත්තා වගේම සේරිට උන්නි කියන්නත් පටන් ගත්තා..ඒ කොයි තරම් යූනා සෙරිටලන් උනත් , කෙල්ල ජේමින් ට නම් මූන දුන්නෙ නෑ..

"යූනායා හවසට සූජොන් එයි මේක එයාට දෙන්න පුලුවන් ද"

සේරි යූනගෙ අතින් පොඩි පෙට්ටියක් තියල සේරි දිහා කන්න වගේ බැලුවා.ඔව් කෙල්ල දන්නෙ නෑ සූජොන් කවුද කියල..

"අයියෝ ජේමින්ගෙ යාලුවා අනේ."

"ඉතින් උන්නිම දෙන්නකො"

"සේරි මූන අදුරු කරගත්තා..කෙල්ල යූන ලගට ඇවිත් ,"

"හවසට ජන්ගුක් එනව කියල ජියොන් මහත්තතය මට එහෙ එන්න කිව්වා..ජේම්න් අද රෑ බස් එකේ යනවලු.."

ජේමින්ට සෝල් වල ඒජන්සියකින් සිගර් කෙනෙක් විදියට එලියට එන්න ට්‍රේනින් වෙන්න අවස්ථාවක් හම්බෙලා තිබ්බා.ඉතින් කොල්ලා අද රෑ සෝල් යනවා.සේරිට කොල්ලව බලන්න ඕන උනත් , සේරිගෙ පරනම යාලුවෙක් උනු ජියොන් මහත්ත්‍තයගෙ පොඩි පුතා සුවිමින් තරගෙකට ගිහින් ආපහු එන නිසා එහෙ යන්න වෙලා.ඉතින් සේරිට ඕන ජේමින් වෙනුවෙන් එයා ගත්ත තෑග්ග ජේමින් ට සූජොන් අතේයවන්න.

"හරි ඔය සූජොන් කියන කෙනා කොහෙටද එන්නෙ"

"මං සූජොන් ට කැඩිච්ච ඔරුව ගාවට එන්න කිව්වෙ..ඔයා තුනට විතර එතන්ට යන්නකො යූනා.."

යූනා ඔලුව වනද්දි සේරි යූනගෙ කමුලක් මිරිකුවා..ඒත් එක්කම යූනා සේරිගෙ පස්සෙන් දුවගෙන ගියෙ සේරි යූනගෙ රිබන් එකක් ගලවන් දුවපු නිසා..

එදත් ඉස්කෝලෙ ඉවර වෙලා යූනා තාත්තා එනකන් ප්‍රින්සිපල් ඔගිස් එක ගාව තිබ්බ පුටු පෙලේ වාඩි වෙලා උන්නා.. ටිකක් පරක්කු උනත් යූනගෙ තාත්තා යූනා එක්ක අද උනු දේවල් කතා කරන ගමන් ගෙදරට ආවා..

BRING THE SOUL Opowieści tętniące życiem. Odkryj je teraz