හිසට දැනෙන බර ගතියත් , ඇස් වලට දැනෙන හිරි වැටුමත් , ඇග කිලිපොලා යන සීතලත් , කකුල් වලට දැනෙන තෙත් ගතියත් මාව ගැඹුරු නින්දෙන් පියවි සිහියට ගෙනාවා..අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන මගෙ දකුනු අතේ පිටි අල්ල ඉබේම ගියෙ අසීමිතව කකියන නලලට..ඇඟ පුරාම වතුර..කවුද යකෝ මාව නින්දෙන්ම නෑව්වේ?"ආ...හ්…"
හීන් කෙදිරියක් එක්ක මං හිමීට ඇස් අරිද්දි මගෙ ඉස්සරහ ඉනට අතුත් තියාගෙන බලාගෙන ඉන්නෙ ජිමින්..පාක් ජිමින්..මගෙ හොදම යාලුවා..ඒත් මූණෙ නම් තිබ්බෙ වෙනදට වඩා ලොකූ වෙනසක්..මුලු මූනම රතු වෙලා..ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි ඊයෙ උනු දේවල් වලට..ජිමින්ගෙ මූන දකිද්දි ඉබේම මගෙ දෙතොලට ගෙනාවෙ සැනසිලි දායක මදහසක්..
"ආහ්..චූටි බබා නැගිටපන්..දැන් කීයද වෙලාව බලපන් යකෝ.."
ජිමින් කියද්දි මං බැලුවෙ ටේබල් එක උඩ තිබ්බ පුංචි ඔරලෝසුව දිහෑ..
"වට් ද.....යකෝ නවයයි වෙලාව..ඇයි මිනිහො මට කතා නොකරෙ.."
"කතා කරන්න මට ඇහැරෙන්න එපැයි බූරුවො..තෝ ඊයෙ මගෙ පවිත්‍රත්වය විනාස කරල මට යකා ගැහුවා වගේ නින්ද ගියා.."
මං ජිමින්ට රව රව වොශ් රූම් එක ඇතුලට දුවද්දි ඌත් තව මොන මොනාහරි කිය කිය කාමරෙන් එලියට යනවා ඇහුනා..ඔව් තව විනාඩි තිහක් එහෙට මෙහෙට උනානම් , අපි දෙන්නගෙ ජීවිතේ අවුරුදු හතරක් විනාස වෙනවා..
"ශිට්.."
මං මටම බැන බැන ඉක්මනට නාගත්තා..මම...නමින් කිම් ටේහයොන්ග් .. ඩේගුවල සාමාන්‍ය ගොවි පුතෙක්..එතකොට මං සෝල් ආවෙ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරන්න.මෙහෙදි මට හම්බුනු පලවෙනි වගේම එකම යාලුවා තමා පාක් ජිමින්..අවුරුදු හතරක අසීමිත මහන්සියෙ ප්‍රතිපලය තමා තව තප්පර කිහිපයකින් අපි අතට ලැබෙන්නයි යන්නෙ..කැම්පස් ජිවිතේ අවසාන දවස නිසා ඊයෙ බැජ් ෆොටෝ එක අරන් හවස මංමයි ජිමින්ට බොමු කිව්වෙ..ඌ හැබැයි ඒක එක හෙලාම ප්‍රතික්ශේප කරා..ඒත් පැය ගානක් කියෝලා අන්තිමේ අපි රෑවෙනකන් සෝජු බිව්වා..ඒකෙ ප්‍රතිපලේ උනේ කවදාවත් ඇල්කොහොල් නොබීපු පවිත්‍ර ජිමින් සෝජු බෝතල් පහක් ඉවර කරල අපි දෙන්නට අද , ග්‍රැජුවේශන් සෙරමනි එක දවසෙ ගෙම්බා පොලේ ගැහුවාවගේ නින්ද ගියපු එක..සෙරමනි එක නවයහමාරට පටන් ගන්නවා..නවයයි පහයි..මං තාම බාත් රූම් එකේ..
YOU ARE READING
BRING THE SOUL
Fanfiction"කවදා හරි මං මැරුනොත් මං ඉක්මනටම ආයෙත් ඉපදිලා ඔයාව හොයාගෙන එනවා කුකී ඔප්පා..ඒ නිසා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්න ඕනි හොදේ" - කිම් යූනා - "ඔය මැරෙන කතා කියන්න එපා යූනායා..මට ඔයා නැතුව එක මොහොතක් වත් මේ ලෝකෙ ඉන්න ඕනෙ නෑ..ඔයා...