CHAPTER 02

309 75 14
                                    

හරි ලස්සන නිස්කලංක පරිසරයක ටිකක් ලොකු පිහිබිය ගහක් යට බංකුවක තරුණ ගෑනු ලමයෙකුයි , පිරිමි ලමයෙකුයි ඉදගෙන ඉන්නවා..පිරිමි ලමයා ගෑනුලමයගෙ උකුලෙ ඔලුව තියාගෙන..ගෑනු ලමයගෙ ඇගිලි හිමි හිමිහිට පිරිමි ලමයගෙ කෙස් අතර දග කරනවා...

"ඔයා දන්නවද යූනා...ඔයා මගෙ ජීවිතේට ආපු එක තමයි මගෙ ජීවිතේ මට ලැබුනු හොදම දේ " 

ගෑනු ලමයගෙන් ප්‍රතිචාරයක් නෑ..ඒත් එයා හිනා වෙනවා..

"මොකෝ අද කතා පෙට්ටිය වැහිලා..ම්ම්ම්..උදේ දුන්නු කිස් එකට තාම ශොක් වෙලාද"

පිරිමි ලමය හයියෙන් හිනා වෙනවා..ඒ වචන වලට ගෑනු ලමයගෙ මූණ රතු වෙලා..

"අනේ නිකන් ඉන්න ඔප්පා.."

"යූනායා...කවදාවත් මාව දාල යන්න නම් එපා මැණික..මට පිස්සු හැදෙයි"

පිරිමි ලමයා ගෑනු ලමගෙ බද වටේ අත් යවල බදාගෙන ගෑනු ලමයගෙ උකුලෙ මූන හංග ගන්නකොට දැනුනු කිතියට ගෑනු ලමයා දගලන්න පටන් ගත්තා..පිරිමි ලමයට ඒක දැනිලද කොහිද තව ටිකක් උකුලට මූන ඔබා ගද්දි ගෑනු ලමය පිරිමි ලමයගෙ පපුව කුචි කවන්න පටන් ගත්තා..

"ටේ නැගිටපන්..අපි ආවා"

ජිමින්ගෙ කටහඩින් හීන ලෝකෙන් මිදුනට මං හිටියෙ ටිකක් දාඩිය දාලා..ඒ හීනේ..කාලෙන් කාලෙට මට පේන හීන වල උන්නු කෙල්ලයි කොල්ලයි..ඒත් හැමදාම නැගිටින කොට මට ඒ මූණු මතක නැති එක තමයි පුදුමෙ..

උදේ පාන්දරම සෝල් වලින් ආපු නිසා හවස් වෙන්න කලින් අපි බුසාන් වලට ආවා..ජිමින්ගෙ අප්පට පින් සිද්දවෙන්න කාර් එක තිබ්බ නිසා හොදට ගියා..නැත්තන් බස් වල තමයි එන්න වෙන්නෙ..ජිමින්ගෙ ගේ තිබුනෙ කාස්ටල් ඒරියා එකේ..මුහුද කිට්ටුවමයි..සාමාන්‍ය මධ්‍යම පාන්තික ගෙදර , තරමක විශාල ගෙවත්ත ……. මේ තැන මගෙ හිතට ගෙනාවෙ අමුතු හුරුවක්..

"කෝ මිදුලෙ තිබ්බ චෙරි ගහ?"

ජිමින් කටත් ඇරගෙන මං දිහා බලාගෙන..ඇත්තටම මගෙ කටින් පිටවුනු වචන මටත් හිතා ගන්න බෑ..ඒත් ගේ ඉස්සරහම චෙරි ගහක් තියෙන්න ඇතියි කියල මගෙ හිත මට වද දිදී කිව්වා..

BRING THE SOUL Where stories live. Discover now