හරියටම ඊට දවස් දෙකකට පස්සෙ ජිමින්ව ඩිස්චාජ් කරා.. ජිමින් එයලාගෙ ගෙදරට ගියා. වෙනදා වගෙ සතුටින් නෙමෙ. ඒක හැමෝට තේරුනා. විශේෂයෙන් ජන්කුක්ට . ජිමින් වැඩි කතා බහක් කරෙ නැ. හැමෝම හිතුවා ඒ අසනීප නිසා වෙන්න ඇති කියලා. ජන්කුක් ඇරෙන්න. ඇත්ත ජිමින් දෙයක් හිත හිතා හිටියෙ.. හැමෝම එයා ලග ඉන්න හැදුවත් එයා සතියක් පුරාවටම කීවේ,මට මහන්සී. ටිකක් තනියම ඉන්නම් කියලා.
සතියක් පුරාවටම ජිමින් හිතුවා. එයාට තව දුරටත් ජන්කුක්ගෙ දේවල් ඉවසන්න පුලුවන්කමක් තිබ්බෙ නැ. එ වගේම ජන්කුක් කියන්නෙ ටග්ගාලා වෙනස්වෙන කෙනෙක්. ඉතින් ඒ දවස් ටිකේ ජීමින් ගැන හෙව්වත් කවුද දන්නෙ එයා එයගෙ වැරැද්ද නිසා ඒක වහ ගන්න ජිමින් එක්ක හොදින් ඉන්නවද කියලා . ජිමින්ට තව දුරටත් ජන්කුක් ගැන බලාපොරොත්තු තියා ගන්න බැරි උනා. එයා හිතුවා යුනි එකෙන් අවුට් උනාම ජන්කුක් එයාව ඩිවෝස් කරයි කියලා. හිතනකොට උනත් පපුව පිච්චිලා යනවා වගෙ දැනුනත් ජිමින් ඇත්තට මූන දෙන්න හිතා ගත්තා.
එතකොට එයාගෙ හීනෙ. ආයෙත් පාරක් එයාට තේරුම් ගියා හීන කියන්නෙ හීනවලටම කියලා. එදා තේරුනු තරගෙට යන්න දින කීපයක් විතරයි තිබ්බෙ. ඒත් එයාගෙ අසනීප නිසා ඒ අවස්ථාව එයාට ගිලිහුනා. ඒකත් ජන්කුක් නිසා. පුරා අවුරුදු දෙකක් පුරාවටම ජිමින් මහන්සි උනේ එ දේ වෙනුවෙන්. ඒත් ඒකෙ සතුට බෙදා ගන්න ගිහින් උනු දේ? ඒ සතුට, මහන්සිය, ගගට කපපු ඉනි වාගෙ වැඩක් නැති වෙලා ගියා.
එතකොට ජන්කුක් ? එයා මෙ මුළු කාලෙ පුරාවටම ජිමින් දිහා වේදනාවෙන් බලන් හිටියා. ජන්කුක් දන්නෙ නැ ඇයි එයාට එච්චර දුකක් දැනෙන්නෙ කියන්න. ඒත් එයා දුක් උනා.
ඒ වගේම ජන්කුක් දැන ගත්තා එදා ජිමින් අවේ එයාට තරගෙට තේරුනු එක ගැන කියන්න කියලා. ඉතින් එයාගෙ පසු තැවීම දෙගුන තෙගුන උනා. එයාගෙ වැරැද්ද නිසා ජිමින්ට ආයෙම දෙයක් නැති උනා. ජන්කුක් උත්සාහ කරා ජිමින්ට හොදින් සලකන්න්. නැ නැ ආයෙ ඒකට අලුතෙන් මහන්සි වෙන්න ඔනි නැ. එයාට කරන්න තිබ්බෙ ජිමින්ට නරක විහිලු කරන එක නවත්තන එක. විහිලු ?හොදයි එව්වට විහිළු කියන්නත් බැ තමා ඉතින්.
YOU ARE READING
Uncontrollably Fond (Complete)
FanfictionYour smile, even your scent I've always waited, counting down with my fingers No matter where I am, it's only you What I've dreamed of, what I hoped for Do you know? (You don't know) I only wished for you I want to confess that I've been waiting for...