ජිමින්ගෙ වෙනස් වීමත් යුනි එකේ කාර්‍යබහුලතාවයටත් යට වෙලා දින සති මාස ගනන් ගෙවිලා අවුරුදු එක හමාරක් තවත් හරිම ලස්සනට ගෙවිලා ගියා..හොදයි එතකොට ජිමින්....,
වෝහ්.. එයා පර්ෆෙක්..
එයා මාරම ලස්සනයි ..
අනේ එයාගෙ වගේ සිහින් ඉනක් මටත් තිබා නම්..
එයාගෙ ලිප්ස්.. ඕප්ස්.. මට එව්ව අල්ලන්න ඔනි..
ඇයි මට එවා හපලා බලන්න ඔනි.
බලන්නකො එයාගෙ බාහුවල හීනි.. අනේහ්.
ඇයි යකූ කලවා... ඒවගෙ ලස්සන කලවා දෙකක් මන් කාගෙවත් දැකලා නෑ.. එතකොට.. 🤭
ඒ ඇබ්ස්... අයිගෝ.. අනෙ මට එව්වා අල්ලලා බලන්න ඕනි...
එයාගෙ ඒන්ජල් වොයිස් එක...
ඇති ඇති . එතනින් නතර කරමු. ඒ තමා එදා වෙනස් උන ජිමින්ගේ වර්තමාන තත්වෙ. අවුරුදු එක හමාරක මහන්සියකට පස්සෙ ජිමින්ට හැම තැනින්ම ප්‍රශංසා හම්බුනා.... හැබැයි ජන්කුක්ගෙ වෙන්ඩ වයිෆිලාගෙන් ඇරෙන්න ..
ඕප්ස් එයා ප්ලස්ටික් සර්ජරි කරන්ද කොහෙදෝ ඔහොම වෙන්න..
හිතෙ ඇති ඔච්චර ලස්සන වෙලා ජන්කුක් ඔප්පාව අල්ලා ගන්න.
පුහ් ඔය ෆේක් පස්ස වගේද අපෙ එව්ව..
එයාට බූබ්ස්තිබ්බා නම් කෙල්ලෙක් වගේමයි.. ඇරත් දැනුත් එයා කෙල්ලෙක්ටත් වඩා ලස්සනයි අෆ්ෆ..
ජන්කුක් ඔප්පා අපිට කැමති වෙන්නෙ න්ථි වෙයිද?
"එවා හදේ තමා කෙල්ලනෙ." ඒ ජිමින් හිතෙන් හිතපු විදිහ. මොකද ඉතින් ඔය මොන කෑලි ෆෝම් උනත් දැනටමත් ජියොන් ජන්කුක් එයාගෙ හස්බන් නේ.
ඒක පැත්තකින් තියමුකො.. ජිමින්. ඉතින් එයාට ලැබුනු ප්‍රතිචාරෙ තාම ඒ ලස්සනයි ?ඔව් එයාල ලැබුනෙ "ලස්සනම ලස්සනයි" කියන කමෙන්ට් එකක්..
ඒත් ඒක වෙන්න ඕනි හැන්ඩ්සම් කියලා නේද? එයා කොල්ලෙක්නෙ..
ඇත්තටම ජිමින් ගොඩක් ලස්සන උනා.. ඒක වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් ලස්සනක්.. හරියට ඒන්ජල් කෙනෙක් වගෙ. ඒක තමා එයාට ගැලපෙනම වචනෙ. එයාට "හැන්ඩ්සම්" කියන ලේබලෙත් වැදුනා ඒ හා සමානවම උනත් "ලස්සනයි" කියන එකට වඩා ටිකක් අඩුවෙන්. ජිමින් එයාට කැතයි කියන අය වෙනුවෙන්, එයා මහතයි කියන අය වෙනුවෙන්, වෙනස් වෙලා පෙන්නුවා. එයාටත් ඕනි උනේ ලස්සන වෙන්නම තමා. ඒ ජන්කුක්ට පේන්න. සරලවම ගත්තොත් එයානෙ ජන්කුක්ගෙ වයිෆි. ඉතින් කෙල්ලො පරාද වෙන ලස්සනක් ජිමින් ගාව තිබ්බා. ඉතින් ඒ වෙනුවෙන් ජිමින් ලස්සන වෙනකොට එයාට නොදැනිම දෙයක් එයගෙන් ගිලිහුනා. නෑ ඒක ලොකුවට පෙන්නෙ නෑ.
YOU ARE READING
Uncontrollably Fond (Complete)
FanfictionYour smile, even your scent I've always waited, counting down with my fingers No matter where I am, it's only you What I've dreamed of, what I hoped for Do you know? (You don't know) I only wished for you I want to confess that I've been waiting for...