🌱 07 Chapter 🌱

722 144 60
                                    


        ජිමින් ආසා කරා ජන්කුක්ට තුරුල් වෙලා ඉන්න, කට්ටිය තලේ එයාව වැළද ගන්න, එයාගෙ අතින් අල්ලන් ඇවිදින්න, හැමෝම ඉදිරියේ එයාගෙ ආදරේ කියන්න.. ඒත් තව දුරටත් එයාට කලින් වගේවත් ඉන්න හම්බ උනේ නැ . එදා සිදුවීමෙන් පස්සෙ ජිමින් එයාගේ හැගීම් පාලනය කර ගන්න බැලුවා . වෙනදා වගෙ නැතත් එයා ජන්කුක් ගෙ දේවල් කරා . එයත් එක්ක හිටියා, එයාගෙ හැමදේම පුලුවන් උපරිමෙන් හොයලා බැලුවා. ජිමින් ජන්කුක්ට කෑම බෙදනකොට හැමෝම තලෙ ජන්කුක් අනිත් හැමෝටම කැම දීලා ජිමින්ව මගැරිය, අනිත් අයත් එක්ක ඇවිදින්න යනකොට ජිමින්ව දාල ගියා. හැමදාම තන් ලගින් වාඩි උනු ජිමින් වෙනුවට එයා පුරුදු උනා අති පස්දෙනා මැද්දෙන් වාඩි වෙන්න. හැමෝමත් එක්ක හිනා වෙලා ජිමින් දිහා කින්ඩියට හිනා වෙන්න ගත්තා. ඔව් ජියොන් ජන්කුක් මොනවදෝ ඔලුවට දාන් ජියොන් ජිමින්ව රිද්දන්න පටන් ගත්තා.

ජිමින් තමන්ගෙ දුක අමතක කරලා අනිත් අයව සතුටු කරන එක කරා වගේම එයාලගෙ දුකත් බෙදා ගත්තා. අනිත් අයත් හින උනා ඒ විහිලුවලට. ඒත් හිත යටිනුත් එහෙමද? වෙන්න ඇති. අපි දන්නෙ නෑනෙ මිනිස්සුන්ගෙ හිත් කියවන්න අපිට බෑනෙ.

ජිමින්ට යන්න එන්න වෙන තැන් නෑ. ජියොන් මෙන්ෂන් එක ඇරෙන්න. ඉතින් දවස් හතම එය හිටියෙ එයලගෙ ගෙදරට වෙලා.. සති අන්ත කීපයක් එය ගෙදර ඉන්නකොට එයාට ලැබුනෙ හොද පිළිගැනීමක් නෙමේ. ඒක එයාගෙ ගෙදර. ඒ දෙන්නගෙ ගෙදර. එත් අනිත් අය සති කීපයක් පුරාවට අහන්න ගත්තා..

ජිමින් කොහෙවත් යන්නෙ නැද්ද?

මොකො අනෙ නෑදෑ ගෙද්‍රකවත් යන්නෙ නැද්ද?

ගෙදරමයි අනේ එපා වෙන්නෙ නැද්ද? ඇවිදින්නවත් ආසා නැද්ද?

ඕහ් ජිමිනී.. ඔයා ඇවිදින්න ආසා නැද්ද අනෙ?

ඉතින් සති කීපෙකට පස්සෙ ජිමින් දෙයක් තේරුම් ගත්තා.. ඒ එයා ඉන්නවට අනිත් අය කැමති නැ කියලා. සමහර දවස්වලට අනිත් අය ඇවිදින් යනකොට ජිමින්වත් එක්ක නොගියාම නෙමේ. ඒත් ඒ ගිටපු හැම දවසකම හැම තප්පරේකම ජිමින්ට දැනුනා එයා නිකන් පිට කෙනෙක් වගෙ. එයාව අනිර්හ් අයට වදයක් වගෙ කියලා. ඉතින් ජිමින්ට එතන ඉන්න එක අපහසු උනා. එයා සෙනසුරාදාට ගෙදරින් එළියට ගියා. යන්න තැනක් නැති නිසා එයා සෝනාර් එකකට ගියා.. ඉරිදා රෑට රෑ වෙලා ආයෙම ගෙදර එන ජිමින් දවසක් පුරාවට ඒ සෝනර් එකේ හිටියා..... තනියම   ... ඇති තරම් ඇඩුවා..

Uncontrollably Fond                                                   (Complete)Where stories live. Discover now