🌱 16 Chapter 🌱

616 120 27
                                    


         ඉතින් දවසින් දවස ජන්කුක් ජිමින් දෙන්නගෙ ආදරේ හරිම ලස්සනට දළුදාන ගමන් ඒ දෙන්නටම ජීවිතෙ ලස්සනම ආරම්භයක් ඒ දෙන්නගෙ ජීවිතවලට දුන්නා ..

ජන්කුක් .... ජන්කුක් එයාගෙ ජීවිතේ පලවෙනි තැන එයාටත් වඩා එයාගෙ එකම ආදරේ උනු ජිමින්ට දුන්නා.. ජිමින් බලාපොරොත්තු උනා වගෙම ජිමින් හිතනවාටත් වඩා ජිමින්ට ආදරේ දුන්නා.. ආරක්ෂාව තාත්ත කෙනෙක්ටත් වඩා දුන්නා. ජිමින්ගෙ චූටි චූටි හැම දේම  ගැන ජන්කුක් සැලකිළිමත් උනා. එයාට ඔනි උනා එයගෙ අතින් ජිමින්ගෙ හැමදේම කරන්න..

අවසන් විභාගෙ එක්ක කාලෙ කාර්‍ය බහුල වෙලා ගෙවෙනකොට එ දෙන්නා පුරුදු උනා ඒ දෙන්න වෙනුවෙන් ඒ අතරින්ම කාලෙ වෙන් කර ගන්න.. ජිමින් ඉස්සර වගේම උදේ ඉදන් මහ රෑට රෑ වෙනකන් පුහුනුවීම් කරන කොට ජන්කුක් ජිමින් ලගම ජිමින්ගෙ හෙවනැල්ල වගේ හිටියා.

ජිමින්ට කැම මගෑරෙනකොට ලග ඉදන් කෑම කවන්න.. මහන්සි වෙනකොට ඒ හිත වගේම ගත සනසන්නත් ජන්කුක් එයා ලගම හිටියා..

ඒ වගේම ජිමින්.. එයා ජන්කුක්ට තව තවත් මුළු ආත්මයෙන්ම බැදෙන්න උනා.. ජන්කුක් එයා ගැන සැලකිලිමත් වෙන විදිහට, එයාව ආරක්ෂා කරන විදිහට, ජන්කුක් එයාගෙ ආදරේ පෙන්නන විදිහට ජිමින් ආස කරා. නෑ එයා ඒකට ලොල් උනා.. ජිමින්ට දැන් ජන්කුක් නැතිව එක තප්පරයක්වත් ගෙවන්න බැරි තරම් ජිමින් ජන්කුක්ට ආදරේ කරන කොට ජන්කුක්ට උනත් ඒ දේ එහෙමම උනා.

මුළු යුනි එක පුරාම හොදම කපල් එක උනේ මේ දෙන්නා.. කෙටි කාලයක් උනත් ඒ දෙන්නා අතර තියන බැදීමට හැමෝම ආදරේ කරා.. ඊරිසියා කරා.. ලෝබ උනා..

හැමෝම කියනවා වගෙ ජිමින්ගෙ හිනාව ජන්කුක් ලගදි ඕනවටත් වඩා හරිම නිදහස්ව ගලන් ගියා.. ඒ ඇස් ජන්කුක් ලගදි දිලිසෙන්නෙ අහසෙ තරු කැට පරද්දලා. සමහර වෙලාවට ජන්කුක් ජිමින් දිහා බලන් ඉන්නකොට ජිමින්ගෙ මූනෙ ඇදෙන ලැජ්ජා බර හිනාව, ඒකට පුලුවන් උනා ඒ හිනාව දකින ඕනිම කෙනෙක්ගෙ හිත නිවලා දාන්න වගේම සනසන්න..  ඒ හිනාව තිබ්බෙ ජන්කුක් ඉස්සරහා විතරමයි..

ජිමින් හැමදාම ආසා කරා වගේම ජන්කුක් දෙනෝදාහක් මැද එයාව හරිම ආදරෙන් කිසිම ලැජ්ජාවක් නැතුව වැලදගත්තා , එයාගෙ ආදරේ ප්‍රකාශ කරා.. එයාව පිළිගත්තා.. ජිමින්ගෙ අත ජන්කුක්ගෙ අතින් ගිලිහුනේම නෑ.. ජිමින් එයා ආස විදිහට එයාට හිතුනු තැනදි ජන්කුක්ව වැළද ගත්තා.. සිප ගත්තා.. තුරුළු උනා, සමහර වෙලාවට ජිමින් ජන්කුක්ගෙ කර උඩට පැන්නම හැමෝගෙම බැලුම් මැද්දෙ ජන්කුක් ජිමින්වත් උස්සන් යුනි එක මැද්දෙන් හරිම ආදරෙන් ජිමින්ව කරේ තියන් යනවා. ජන්කුක්ට තව දුරටත් ජිමින්ව ලැජ්ජාවක් උනෙ නැ. එයාලා ආදරවන්තයෝ වගේ කලෙ ගත කරා.. හරිම ආදරෙන්...

Uncontrollably Fond                                                   (Complete)Tahanan ng mga kuwento. Tumuklas ngayon