වැඩවල කාර්යබහුලතාවයටත් අවසන් විභාගෙටත් මූන දෙමින් තවත් මාස පහක් හරිම ලස්සනට ගෙවිලා ගියේ ජන්කුක් ජිමින් දෙන්නගෙ ආදරෙන් ඒ දෙන්නගෙ ජීවිතෙ ආලෝකමත් කරන ගමන්. මේ ගෙවුනු කාලය පුරාවටම ජන්කුක් ජිමින්ගෙන්වත් ජිමින් ජන්කුක්ගෙන්වත් වෙන් උන වෙලාවක් තිබ්බා නම් එ බොහොම සුළු වෙලාවක් විතරයි.තව ටික දවසකින් එයාලා හත් දෙනාගෙම යුනි ලයිෆ් එක ඉවර වෙනවා. ඉතින් ජන්කුක් ජිමින් නම් හරිම සතුටින් ඉන්නෙ දැන් එයාලට ඒ දෙන්න ගැන හිතන්න පුලුවන් නිසා වගේම ගොඩක් නිදහසේ ඉන්න පුලුවන් නිසා.
එක්සෑම් ඉවර උන නිසා අන්තිම දවසට පස්සෙ දවසෙ ලොකු පාර්ටි එකක් හැමෝටම ලෑස්ති කරලා තිබුන.. ජන්කුක් , ජිමින්, ටෙ , හොබී, සුගා, ජින්, ජුන්.. මේ හත් දෙනාමත් හරිම ආසාවෙන් හිටියේ මේ පාර්ටි එකට යන්න ලෑස්ති වෙලා ඉන්නෙ..
අද එ ගොල්ලො තම තමන්ගෙ ගෙවල්වල ඉදන් මෙ පාටියට එන්නෙ. මෙතෙක් දවස් ජීකුක් ගෙදර හිටපු අනිත් පස්දෙනාම එක්සෑම් ඉවර නිසා ඒගොල්ලන්ගෙ ගෙවල්වලට ගියේ ලැබුනු නිවාඩුවත් එක්කමයි.
ජන්කුක් ජිමින් ඒ දෙන්නත් රෑ වෙලා මේ පාටියට යන්න ලෑස්ති උනෙ හරිම අසාවෙන්.. ජිමින් ලෑස්ති වෙලා එළියට ආවම ජන්කුක්ගෙ ඇස් දෙක කටේ. අද ඒ තරම් ජිමින් ලස්සනයි .. ජන්කුක් උනත් එහෙමම තමයි. අද ඒ දෙන්නම ගොඩක් හැන්ඩ්සම් .. ඇස් දෙක අහකට ගන්න බැරි තරම් ලස්සනයි . ජිමින්ව දැක්ක ගමන් ජන්කුක් කරේ ජිමින්ව විනාඩි ගානක දීර්ඝ සිප ගැනීමකට හිර කරපු එක..
අන්තිමේදි කොහොම කොහොම හරි ඒ දෙන්නත් අනිත් අය එන වෙලාවටම පාර්ටි එක තියන තැනට ගියාම හත් දෙනාම එකට ඇතුලට ගියා... F7 මේ හත්දෙනාට පුලුවන් උනා අනිත් හැමෝගෙ ආවධානෙ එයාලට ගන්න. හේතුව අද මේ හත් දෙනාම ගොඩක් හැන්ඩ්සම් . වෙනදටත් වඩා ගොඩක් හොදට කැපිලා පේනවා..
තප්පරෙන් තප්පරේ පාර්ටි එක හෙමින් හෙමින් ගෙවෙනකොට ඒ හැමෝම සතුටු සාමීචියේ යෙදුනෙ මේක ඒ හැමෝගෙම අන්තිම පාර්ටිය නිසා. වෙලාව ගෙවිලා රැ 9 පහුවෙනකොට එකිනෙකා හෙමින් හෙමින් ඩාන්ස් ෆ්ලෝර් එකට යන්න ගත්තා.. හිටෞ හැමෝම කපල් ඩාන්ස් දාන්නපටන් ගත්තම ජන්කුක් ජිමින්ට ආචාර කරලා ජිමින්ගෙ අතින් අල්ලන් නැටුමට සහභාගී උනා.. සැලකිය යුතු පිරිසක් නටමින් හිටිය ශාලාවේ අනිත් හැමෝගෙම අවධානෙ ගන්න ජන්කුක් ජිමින් දෙන්නට පුලුවන් උනා... ඒ දෙන්නා හරියට දිව්යලෝකෙන් බැස්ස දේව දූතයෝ දෙන්නෙක් වගෙ නැටුවෙ.. ජන්කුක්ගෙ අතේ ජිමින් ලස්සනට නැටවෙන වරා මලක් වගේ උනා වගේම ජන්කුක්ගෙ කඩවසම් අත් අතරට ජිමින්ගෙ සිහින් සිරුර හොදින්ම ගැලපුනා.
YOU ARE READING
Uncontrollably Fond (Complete)
FanfictionYour smile, even your scent I've always waited, counting down with my fingers No matter where I am, it's only you What I've dreamed of, what I hoped for Do you know? (You don't know) I only wished for you I want to confess that I've been waiting for...