🌱 13 Chapter 🌱

697 141 54
                                    


        ජිමින් කාමරේ දොර ගාවට ගිහින්  හෙමින් සීරුවේ දොර ඇරියා. ජන්කුක් දැනටමත් ඇදේ පැත්තට හැරිලා නිදි..එදා ජිමින් හොස්පිටල් අරන් ගියපු දවසෙ ඉදන් ජන්කුක් මේ වෙනකන් ම ඒ ඇදෙ එක පැත්තක නිදා ගත්තෙ. ඒ අනිත් පැත්ත ජිමින්ට නිදා ගන්න ඉඩ තියලයි. ඒත් ජිමින් සුපුරුදු පරිදි හැමදාම සෝෆා එකේම නිදා ගත්තා.

එයා නිදා ගත්තම හෙමින් හෙමින් අඩිය තිය තියා ඇවිදින් ජිමින් ලගට වෙලා ඉන්න එක ජන්කුක්ගෙ වැඩක්. එයා ඒ මූන ලගටම වෙලා බිම ඉදගෙන එළි වෙනකන් ජිමින් දිහා බලන් ඉන්නවා.. ජිමින් දන්නෙ නැති උනත් ඒ ඉන්න මුළු කාලෙ පුරාවට ම ජන්කුක්ගෙ දෙතොල් මෘදු හාදු වලින් ජිමින්ගෙ මුළු මූනම නහවනවා. ජිමින්ට දැනෙන්නෙ නැති වෙන්න.
මෙහෙමයි සමහර වෙලාවට මදුරුවෙක් කියල හිතලා එයාගෙ මූනටම ජිමින් තඩි පාරක් දෙනකොට ඒක ජන්කුක්ගෙ මූනෙ සටාස් ගාලා වැදෙන අවස්ථා උනත් ඕනි තරම් තිබ්බා. කරන දෙයක් නෑ එයානෙ මදුරුවා. ඒකත් පත මදුරුවෙක්.

පහුවදාට මූනෙ තියන පාර පේන්නෙ නැති වෙන්න ජන්කුක්ට සිද්ද උනා මොනා හරි උලා ගන්න. 

මුළු කාමරේම ලයිට්  ඔක්කොම දාලා ජන්කුක් ඇදට වෙලා නිදි.. ජිමින් එයාගෙ හිතේ තිබ්බ හුස්මක් බරටම පහත  හෙලුවා. එයාට ඇතුලට යන්න බැ. ජිමින්ගෙ හිත අද  වෙනකොට ඕනවටත් වඩා අඩන ගමන් හිටියෙ. එයාට ඇති වෙලා. බොරුවට මේ ගෙවන ජීවිතේ තව දුරටත් එයාට සැනසීමක් ගෙනාවෙ නැ. 

ඒ ගෙවෙන ජීවිතේ ගෙවෙන හැම තප්පරයක්  තප්පරයක් ගානෙම ජිමින් දවසින් දවස විදෙව්වා. එයාට ඕනි උනා මේ හැමදේම අතෑරලා ඈතටම යන්න. තනියම ඉන්න. එහෙමත් නැත්තන් ජන්කුක් වෙනුවෙන් මැරෙන්න. මොකද ගෙවුනු අවුරුදු දෙක පුරාවටම ජිමින් කොච්චර ඈත් වෙන්න හැදුවත් උනේ තව තවත් එයා හිතින් ජන්කුක්ට බැදුනු එක. ඒ දෙන්නා විවාහ නොවී හිටියා නම් සමහර විට එච්චර දෙයක් නොවෙන්න තිබ්බා. ඒත් ඒ දෙන්නා විවාහකයි.  එකට ගැටෙන එකමයි වැඩෙ මොන දේ උනත් හිතේ එයාගෙමනෙ කියන හැගීම? දවසේ පැය 24ම මුළු අවුරුද්ද පුරාවටම ජන්කුක් ජිමින් එක වහලක් යට එකට හම්බෙනවා, කනවා , බොනවා, හැම දේම කරනවා. ඉතින් තව තවත් බැදෙනවා මිසක් කොහෙන්ද ඇත් වීමක්?

Uncontrollably Fond                                                   (Complete)Where stories live. Discover now