🌱 04 Chapter 🌱

566 141 34
                                    


         එදා ඉදන් දවස් දෙකක් නිවාඩු..... සෙනසුරාදා ඉරිදා, දවස් දෙකම හත් දෙනා එකට ගෙව්වත් ජන්කුක් එදා ජිමින්ව කිස් නොකරපු ගානට හිටියා. එහෙම දෙයක් උනේ නෑ.. ජිමින්ට දුක හිතුනා උනත් එයා සතුටු උනා. එයාගෙ කුකී එයාව සිප ගත්ත නිසා..දවස් දෙකකට පස්සෙ හැමෝම කැම්පස් එකට උදෙන්ම ගියේ එයාලා එයාලගෙ ෆැකල්ටි එක හොයන්න..

ජන්කුක් , ජුන්, ටේහියොන් මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යනකොට ජින් මෙඩිකල් ෆැකල්ටි එකට ගියා.. එතකොට යුන්ගි හොබී මියුසික්වලට යනකොට ජිමින් විතරක් ඩාන්සින්ග් වලට ගියා.. ජන්කුක්ගෙ හැටි දන්න නිසා ජිමින් දුකෙන් උනත් හිතා ගත්තා යාලුවෙක් ලගින් ඇසුරු නොකර ඉන්න..පලවෙනි දවස හිතපු තරම් නරක නෑ. ගොඩක් අය එයා දිහා බැලුවත් ජිමින් ඒ ගැන වැඩිය ගනන් නොගෙන එයාට හිනා වෙන හැමෝටම එයගෙ සමාන්‍ය හිනාවෙන් හිනා උනා. එයට ඇහුනා අනිත් අය කියපු දේවල්. එයාගෙම බැජ් එකේ.. සමහර එව්වට ආඩම්බර උනත් සමහර එව්වාට නම් එයාට දුක හිතුනා..

ආහ් අර එදා ඩන්න්ස් කරපු බෝයි නේද ඒ?

වෝහ් එයා මාර කියුට් අෆ්ෆා..

එයාට ගර්ල් කෙනෙක් ඉන්නවද දන්නැ

මට ඕනි එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න.

අපෝ අර ජන්කුක් එක්ක නටපු කෙනා නේද?

ඕප්ස් එය නම් ජන්කුක් ඔප්පා ගාවින් තියන්නවත් බෑ..

ජන්කුක් උසයිනෙ. මෙයා හෙන කොටයි අෆ්ෆා..

මෙයා අනිවා ජන්කුක් ගේ පස්සෙන් යනවා ඇති. මන් දැකලා තියනවා කලිනුත් එයාගෙ අතේ එල්ලි එල්ලි ඉන්නවා..

ඒ දෙන්නා සෙට් ද? වෙන්න බෑ ජන්කුක්ගෙ ඇස් පෙන්නෙ නැද්ද ?

එය මහතයිනේ....

අනේ  ඒ දෙන්නා හෙන මැච් අෆ්ෆා

වටෙන් පිටෙන් එක එක දේවල් ඇහුනත් ජිමින් පුලුවන් තරම් ඉවසුවා. පලවෙනි දවසෙම එයා මෙහෙම දේවල් බලාපොරොත්තු උනේ නැ.. එයාට දුක හිතුනා එයයි ජන්කුක් දෙන්න ගැන කියපු දේවල්වලට..එයලා කොහොමද එහෙම දෙන්නෙක් ගැලපෙනවද නැද්ද කියලා තීරනේ කරන්නෙ? ඇත්තටම එහෙමද? ඒත් අපි මැරි කරලනෙ ඉන්නෙ.
ජන්කුක් මට කැමති නැද්ද ? මන් කැතද?

Uncontrollably Fond                                                   (Complete)Donde viven las historias. Descúbrelo ahora