🌱 14 Chapter 🌱

626 125 42
                                    


    පහුවදා දවස ඒ දෙන්නගෙ ජීවිතවලට අලුත් ආරම්භයක් උනා.. ජියොන් මැන්ෂන් එකට එනකොට දෙන්නෙක් විදිහට ආව ඒ දෙන්නා යනකොට ගියෙ එක්නෙක් විදිහට.. අවුරුදු ගානක දුක තුනී කරන් තව දුරටත් නිකරුනෙ කාලෙ ගෙවන්නෙ නැතුව ජීවිතෙ මග අරුනු තැන් අලුත් කර ගන්න හිතා ගන්න  ගමන් එ දෙන්නා එයාලගෙ ගෙදරට ආයෙම ගියා..

ගෙදර ගිහින් ටික වෙලාවකට පස්සෙ ඒ දෙන්නම කරේ අනිත් පස් දෙනාට ඒ දෙන්නගෙ මැරේජ් එක ගැන කියපු එක.
ඒකට නම් ඒ දෙන්නට හොද පාරවල් ටිකක් කන්න උනා අනිත් අයගෙන්. මොකද අවුරුදු තුන හමාරකට වඩා වැඩි කාලයක් ඒ දෙන්නා එයාලගෙන් ඒ දේ හැන්ගුවානෙ. කොහොමද උනත් එයාලා හදවතින්ම සතුටු උනා ඒ දෙන්නා එකතු උන එකට. මොකද එයාලා හොදටම දන්නවා මේ ගෙවුනු කාලය තුල ඒ දෙන්නාම විදවපු තරම්...

හැමෝමත් එක්ක හවස් වරුවම එකට එකතු වෙලා සතුටින් ගත කරලා හැමෝම කලින්ම තම තමන්ගෙ කාමරවලට ගියේ පහුවදා උදෙන් යුනි යන්න ඕනි නිසා..

ජන්කුක් ජිමින් දෙන්නත් තම තමන්ගෙ කාමර වලට ගියත් ඒ දෙන්නගෙම හිත තිබ්බෙ ඒ දෙන්නා ගාව. එයාලට ඕනි උනේ එකට තුරුලට වෙල  සැනසෙන්න , ඒත් එ දෙන්නටම එක පාරටම එහෙම එක කාමරේම ඉමු කියන්න මොකක්දෝ වගේ..
ජන්කුක්ට නම් ඒක කොහොමත් අමාරු දෙයක් උනා. එයාට ඔනි උනේ ජිමින්ව එයා ලගින්ම තියා ගන්න. මොහොතකටවත් ඈතට නොයවා ඉන්න, ඒ තොල් ඇති වෙනකන් සිප ගන්න, තුරුලට අරන් ඉන්න. 

ජිමින් නම් කරේ කාමරේට ගියපු ගමන් වොශ්  එකක් දාන් ලොකු බැගී ටී ෂර්ට් එකකුත් දාන් ජන්කුක් ගැන කල්පනා කරන ගමන්ම ඇද ගාව තිබ්බ ලොකු ජනෙලෙ ගාවට වෙලා ඉදන් ඈත බලන් ඉන්න එක.. එයා එතන කොච්චර වෙලාවක් හිටියද කියලා එයාවත් දන්නෙ නැ.. ඒත් එයාගෙ දැහැන බිදුනෙ එයගෙ ඉනවටා අත් දෙකක් එතෙනව දැනෙනකොට.  එක පාරටම ගැස්සුනත් එත් එක්ක ආපු හුරු පුරුදු සුවද නිසා ජිමින් තේරුම් ගත්තා ඒ ආවෙ ජන්කුක් කියලා.

ජිමින්ගෙ වටෙන් කකුල් දාලා ජිමින්ව මැදි කරන් වාඩි උනු ජන්කුක් ජිමින්ගෙ උරහිසෙන් ඔලුව තියන් හොද හුස්මක් ගත්තා.. එයාට හැමදාමත් ඕනි උනා.. එයාගෙ චිමී ගාව මෙහෙම ඉන්න. ඒ සුවදෙන් මත් වෙන්න වගේම සැනසෙන්න.

Uncontrollably Fond                                                   (Complete)Where stories live. Discover now