🌱 18 Chapter 🌱

698 106 15
                                    


රෑ 12 පහු වෙනකන් පාර්ටි එක එන්ජෝයි කරපු ජන්කුක් ජිමින් එක්ක එතනින් ආවේ ජිමින්ට තව දුරටත් එතන ඉන්න බෑ කියපු නිසයි.. කාර් එකෙ එනතුරාවටම ජන්කුක් ජිමින්ගෙ අත අතාරින්නෙ නැතුවම එක අතින් ඩ්‍රයිවින් කරන් එනකොට ජිමින්ගෙ ඇස් තිබ්බේ ජන්කුක්ගෙ මූනෙ.. ඒ දෙන්නා අතරෙ තිබ්බෙ දැඩි නිහැඩියාවක්. ජිමින්ට සතුටුයි.. අද ජන්කුක් එයාලගෙ මැරේජ් එක ප්‍රසිද්ධ කරා. ඒකත් හැමෝම ඉස්සරහා. අනික ඒ වීඩියො... ජිමින්ට පුදුමයි ජන්කුක් කොහොමද ඒ දේවල් එකතු කර ගත්තෙ කියලා... ඉතින් වෙච්ච හැමදේම එක ජිමින්ගෙ හිත ජන්කුක් ගැන ආදරෙන් පිරිලා ඉතිරිලා ගිහින් තිබ්බේ...

කාර් එක නවත්තලා ගෙට ආවම ජන්කුක් ජිමින්ගෙ අතින් ඇදලා අරන් තමන්ගෙ ඇගට ජිමින්ව තුරුලු කරන් ජිමින්ගෙ තරු කැට වගේ දිලිසෙන ඇස් දිහා එක එල්ලේ බලන් ඉන්න ගත්තා...

I love you chimii....

ජන්කුක්ගෙ ගැඹුරු එහෙත් නිවුනු කටහඩින් කීවම ජිමින් ජන්කුක් දිහා තව තවත් හරිම ආදරෙන් බලන් ඉදලා එයාම ජන්කුක්ගෙ දෙතොල්වලට නැඹුරු උනා..
ජන්කුක් ජිමින්ගෙ ඉනෙන් උස්සලා උඩට කර ගත්තාම ජිමින් එයාගෙ කකුල් දෙක ජන්කුක්ගෙ ඉනවටා දවටා ගත්තේ ඒ හාදුව නොකැඩී දිගටම කන්ටිනිව් කරන ගමන්මයි. ජිමින්ව බිත්තියට හේත්තු කර ගත්ත ජන්කුක් ජිමින්ගෙ සිප ගැනීමට දිගටම රියැක්ට් කරන්න ගත්තේ එයාගෙ එක අතක් ජිමින්ගෙ පිට දිගේ ඉහල පහල යවන ගමන්මයි..
ටිකකින් හාදුව නවත්තපු ජිමින් මත් උනු දැසින් ජන්කුක් දිහා බලාගෙනම එයාට ඕනි දේ කාලයක් බලාන හිටපූ දේ කීයන්න ගත්තා...

කුකී.....

ම්ම්.....

කුකී.. මාව ඔයාගෙම කර ගන්නවද අද?
ප්ලීස්...

ජිමින්ගෙ අඩවන් උනු ඇස් දිහා බලාගෙන හිටපු ජන්කුක් ජිමින්ගෙ නළලට හාදුවක් තියන ගමන් ජිමින්වත් වඩාගෙනම එයාලගෙ කාමරේට හෙමින් හෙමින් ගියා..

ජන්කුක්ගෙ කාමරේ තිබුනු විශාල ජනේලයෙන් ගලාගෙන ආව හද එළියෙන් ඒ කාමරේ හරිම ලස්සනට ආලෝකමත් වෙලා තිබුනා.. වඩාගෙන ආව ජිමින්ව හරිම පරිස්සමෙන් දිගා කරපු ජන්කුක් ජිමින්ගෙ ඇග උඩට ඇවිදින් ටිකෙන් ටික සිප ගන්න පටන් ගත්තා..

Uncontrollably Fond                                                   (Complete)Where stories live. Discover now