Chapter 02

790 192 13
                                    

"එහෙනම් හෙට උදේ හම්බ වෙමූ...."

ජේහොප් කෑගහගෙන එයාගෙ කාමරේට යද්දි යුන්ගි එයා යන දිහා බලාගෙන ඉදලා යුන්ගිගෙ කාමරේ යතුර අරගෙන දොර දිහා බැලුවා....

ඒත් ඒ වෙනකොටත් දොර ඇරලා තිබුන නිසා යුන්ගි දොර ඇරගෙන ඇතුලට යද්දිම එයා දැක්කා පල්ලෙහා ඇදේ නම්ජුන් නිදාගෙන ඉන්නවා.....

යුන්ගි නම්ජුන්ගෙ බෑග් එක ඇදලා කන්න මොනවහරි තියෙනවද බලලා නම්ජුන්ගෙ බෑග් එකත් අරගෙනම එයාගෙ ඇදට යන්න පඩිපෙල නැගලා ඇදට පැන්නා.....නම්ජුන් හැමදාම කන බොන මොනවගෙන් හරි යුන්ගිටත් ඉතුරු කරපු නිසා යුන්ගි පුරුද්දට වගේ ඒ බෑග් එක එයාගෙ ඇද ලගට අරගෙන ගියා....

නැතත් ජිනුත් එවන ඕනිම කෑමක් දෙන්නටම එවපු නිසා නම්ජුන් කොහොමත් යුන්ගිට ඉතුරු කලා.....

"නම්ජුන් ?"

"හ්ම්ම්ම් ?"

නම්ජුන් කෙදිරි ගෑවෙ නින්දෙමන්මයි......

"ඔයා මන් කියන දේ අහගෙනද ඉන්නෙ ?"

"ඔව්..ඔව්....කියන්න ...."

නම්ජුන් කෙදිරි ගාලා අහද්දි යුන්ගි උඩ තට්ටුවෙ එයාගෙ ඇදේ ඉදන් පල්ලෙහාට ඔලුව දැම්මෙ ලග  තිබුන වැටේ එල්ලිලා.....

"ඔයා දැක්කා නේද අලුත් ප්‍රොෆිසර්ව.....?"

"මන් දැක්කා....."

"එයා ලස්සනයිනේ ....."

"වෙන්නැති....."

නම්ජුන් එතනින් එහාට මොනවත් නොකියා ආයෙත් කොට්ටයක් බදාගෙන නිදාගත්තු නිසා යුන්ගි කම්මැලිකමේ හුස්මක් පිට කරලා ඇදේ හාන්සි උනේ ජේහොප්වත් එයාගෙ රූම් මේට් උනානම් කියලා හිතන ගමන්....

"එක්කො ජේහොප් නැති එකත් හොදයි .....මට පාඩුවේ ඉන්න දෙන එකක් නෑ......නම්ජුන් මන් ගැන වද වෙන්නෙ නැති නිසා නම්ජුනුත් අවුලක් නෑ...."

යුන්ගි එයාටම කියාගන්න ගමන් ඇදේ පෙරලිලා ෆෝන් එකේ ගේම් එකක් ගහන්න පටන් ගත්තෙ ෆැකල්ටි යුනිෆෝම් එක පිටින්මයි......ඇදෙන් බහින්නවත් වෙන වැඩක් කරන්නවත් උවමනාවක් තිබ්බෙ නැති නිසා යුන්ගි එහෙමම පැය ගානක් හිටියා...

Stolen Sweatheart | YM ✔Where stories live. Discover now