"ජීමින්.....මන් ක්ලාස් එකට යන්නම්....අත අරින්න මාව....."
යුන්ගි කෙදිරි ගාලා පස්සට අත අදිද්දි ජීමින් එයාව ඉස්සරහට ඇදගෙන ගියේ යුන්ගි කියන දේ ඇහෙන්නෙ නෑ වගේ.....
ඒ වුනත් එයා ඈතින්ම දැක්කා බර අඩි තිය තිය මොනවද ෆයිල් වගයක් ඇද ඇද එන හෙඩ් සර්ව ....
ජීමින් කෙලින්ම යුන්ගිගෙ අත ඇදගෙන අනිත් පැත්ත හැරුනෙ ආපු පාර දිගේම හැරිලා යන ගමන්....ඒ වුනත් යුන්ගි හෙඩ් සර් දැකපු ගමන් ජීමින් ඇදගෙන ඒ පැත්තට ගියේ ජීමින්ගෙ අතත් තද කරලා අල්ලගෙන .....
"යුන්ගි.... ! එයා අපිව දකින්න ඕනි නෑ....අපි ආපහු යමු....."
"එයාට කතා කරලම යමු...."
යුන්ගි කිව්වෙ හෙඩ් සර් එක්ක වලියක් දාගන්න තිබ්බ උවමනාවට......
ජීමින් කෙදිරි ගෑවත් එතකොටත් හෙඩ් සර් එයාලව දැකලා ඉවර නිසා ජීමින් අමාරුවෙන් හිනා වෙන ගමන් යුන්ගිගෙ අතින් ඇදගෙන ඉස්සරහට ගියේ යුන්ගිගෙ අත හයියෙන් මිරිකන ගමන්.....
"සර් ? කොහෙද යන්නෙ ?"
ජීමින් හෙඩ් සර් දිහා බලලා අහද්දි හෙඩ් සර් ජීමින් දිහා බලලා යුන්ගි දිහා බැලුවා ....
"මන් මේ වැඩකට යන ගමන්....ඔයාලා කොහෙද යන්නෙ ?"
"මෙයා ලෙක්චර් වලට ගිහිල්ලා නෑ ....ඒ නිසා පන්තියට ඇරලවලා එන්න යන්නෙ....."
ජීමින් එහෙම කියලා යුන්ගි දිහා බලලා හෙඩ් සර් දිහා බලද්දි හෙඩ් සර් ඔලුව වනන ගමන් ආපහු කණ්ණාඩිය උඩට කරලා එයාගෙ ෆයිල් ටික ඇද ඇද කොරිඩෝව දිගේ යද්දි ජීමින් වගේම යුන්ගිත් ඇස් දෙක ලොකු කරලා හැරිලා හෙඩ් සර් දිහා බැලුවා ....
"එයා බැන්නෙ නෑනෙ...."
යුන්ගි කියද්දි ජීමින් යුන්ගි දිහා බැලුවෙ තරහෙන්....
"මන් ඔයා ගැන පස්සෙ බලාගන්නම්....."
ජීමින් බලෙන්ම යුන්ගිව ඇදගෙන ගිහින් ලෙක්චර් හෝල් එක ඇතුලට ගියේ මුලු හෝල් එකේ හැම ලමයම හැරිලා දෙන්නා දිහා බලද්දි.....
ඒ වෙලාවෙ හිටපු ප්‍රොෆිසර් හැරිලා ජීමිනුයි යුන්ගියි දිහා බලද්දි යුන්ගිට දැනුනෙ එයාව ලැජ්ජාවට දිය වෙලා යනවා වගේ....හැමෝගෙම ඇස් එයාගෙ පැත්තට හැරෙනකොට යුන්ගිගෙ කම්මුල් රතු උනා.....
YOU ARE READING
Stolen Sweatheart | YM ✔
Fanfiction- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා. "ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව...