chapter 45

399 129 17
                                    

" එහෙම නෙවෙයිද ? "

යුන්ගි අහද්දි ජීමීන් කකුල් දෙක වකුටු කරගෙන ගුලි උනේ කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දීලා....

"දන්නවද යුන්ගි... එයා මාව දාලා ගියේ මට ඕනිම වෙලාවෙ... එයා එකපාරටම අතුරුදහන් වෙද්දි මන් එයා ගැන වද උනා...එයාට කොයි තරම් නම් මන් කතා කරාද ? ඒ වුනත් ඔයා දන්නවද එයා මට අන්තිමට කිව්වෙ මොකක්ද කියලා...?"

ජීමින් එහෙම ඇහුවත් යුන්ගි උත්තරයක් දෙනකම් හිටියෙ නෑ... එයාට උත්තරයක් ඕනි උනෙත් නෑ....

"එයා මාත් එක්ක තියෙන සම්බන්දෙ නවත්තනවා කියලා විතරයි කිව්වෙ....මන් හිතුවා සමහරවිට මගෙ මොකක් හරි වැරැද්දක් ඇති කියලා.... මන් එයාව විශ්වාස කලා... ඒ වුනත් මන් පස්සෙ දැනගත්තා අපෙ සීයා එයාට සල්ලි දීලා කියලා....මන් දැනන් හිටියෙ නෑ මාව සල්ලි වලට විකුණන්න පුලුවන් කියල...එයා සීයගෙ කීමට , වෙන කෙනෙකුගෙ සල්ලි වලට මාව අතඇරලා දැම්මා... දන්නවද ඔයා මගෙ පස්සෙ එනකොට මන් කොච්චර නම් වද උනාද කියලා.... මුලදි ඔයා මගෙ පස්සෙන් ආවත් මගෙ හිතේ කොනක බායීජි හිටියා... ඒ වුනාට ඔයා හෙඩ් සර් එක්ක රණ්ඩු වෙද්දි... බලෙන්ම පස්සෙන් එද්දි... එලවන්න එලවන්න පොඩි ලමයෙක් වගේ පස්සෙම එද්දි... සියා එක්ක මාව ඕනිමයි කියලා රණ්ඩු වෙද්දි මට තේරුණා බායීජී වෙනුවෙන් මගෙ හිතේ කොනක උනත් ඉඩක් ඉතුරු කරන එක කොයි තරම් නම් අසාදාරණද කියලා...."

"ජීමින්.. ?"

"මොනවත් කියන්න එපා... මට මොනවත් අහන්න ඕනි නෑ...ඒ වුනත් මන් කියන දේ පලවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් අහගෙන ඉන්න... මන් මේවා ආයෙ ආයෙ ඔයාට කියන්නෙ නෑ.... මට බායීජි ගැන ඔයත් එක්ක මගෙ ගේ ඇතුලෙ ආයෙම වතාවක් කතා කරන්න ඕනිත් නෑ.... ඒ මනුස්සයගෙ නම මගෙ මේ කටින් නොකියා ඉන්න මන් ඕනිවටත් වඩා උත්සහ කරා... එයාව මතක් වෙනකොටත් මට නරක හීනයක් වගේ... මට ඕනි වෙලාවට මන් ගැන වද වෙච්චි එකම කෙනා ඔයා... ඒ ඔයා විතරමයි... "

ජිමින් කියද්දි යුන්ගි ඒ පොඩි අත් වලින් ජීමින්ව හෙමීට ලගට ඇදලා බදාගනිද්දි ජීමින් කලේ එයාගෙ කම්මුල් දිගේ ගලපු කදුලු වලට ගලාගෙන යන්න ඇරපු එක විතරයි ....

Stolen Sweatheart | YM ✔Donde viven las historias. Descúbrelo ahora