ජීමින් ටේහ්යන්ග් එනකම් බලාගෙන හිටියෙ අත් දෙකත් බැදගෙන කම්මැලිකමේ......
"ටේහ්යන්ග්....ඉක්මනට යමු දෙයියනේ.....තවත් මොනවද කරන්නෙ ? ඔයාට ඇදුම් ටික දාගන්න ඔච්චර වෙලා යනවද ?"
ජීමින් එහෙම අහන ගමන් කෑගහලා පිට්ටනියෙ මෙහා කෙලවරේ හිටපු ටේහ්යන්ග් දිහා බැලුවා....තවත් කට්ටියක් පිට්ටනියෙ එහා කෙලවරෙත් හිටියා.....ඒ කවුද කියලත් ජීමින් දැනගෙන හිටියා....
එයාට තැනින් තැන ජුන්ග්කුක් හරි ජේහොප් හරි හයියෙන් කෑගහලා මොනවහරි කියලා හිනා වෙනවා ඇහුනත් යුන්ගි කතා කරන සද්දයක් ඇහුනෙ නෑ....ඒ වුනත් ඒ පැත්ත හැරිලා බැලුව හැම වෙලේම එයා දැක්කා යුන්ගි එයා දිහා බලාගෙන ඉන්නවා.....
ජීමින් ටේහ්යන්ග් පරක්කු වෙන නිසා පැත්තක බන්කුවක් උඩ වාඩි උනා....ඒ වුනත් බන්කුවෙ වාඩි වෙනකොට එයාට එකපාරටම දැනුනෙ කොණ්ද දිගේ කරන්ට් එකක් ගියා වගේ.....
එයා එකපාරටම කෙදිරි ගාලා කම්මුල් රෝස පාට වෙද්දි බන්කුව උඩ වාඩි උනේ ටේහ්යන්ග් දිහා බලන ගමන්.....
"මොකද ?"
ටේහ්යන්ග් අහද්දි ජීමින් කියන්න පුලුවන් ලොකුම නිදහසට කරුණ මොකක්ද කියලා මතක් කර කරයි හිටියෙ......
"මගෙ කොණ්ද රිදෙනවා....."
"ඇයි ඔයා බෙහෙත් ගන්නෙ නැත්තෙ ?"
ජීමින්ට මූණට හිනාවක් ආවත් එයා හිනාව නවත්තගත්තෙ හරි අමාරුවෙන්.....
"බෙහෙත් ඕනි නෑ....ඒක හැමදාම වැඩිවෙන-අඩුවෙන අමාරුවක්...."
ජීමින් බිම බලාගෙන කිව්වෙ කට කොනින් හිනාවක් යද්දි.....
යුන්ගිත් දැක්කා ජීමින් අමාරුවෙන් වාඩි වෙනව.....එයා ඇවිදින විදිහෙත් ලොකු අවුලක් තියෙනවා කියලා යුන්ගිට පෙනුනා.....එයා ඒ දිහා බලාගෙන හිටියෙ ආසාවෙ......
ජීමින් ඇවිදින විදිහ දැක්කම යුන්ගිට තේරුණා ජීමින්ගෙ පලවෙනි වතාවෙම එයා ඒ තරම් සැහැල්ලු විදිහට ජීමින්ට සලකලා නෑ කියලා.....ඒ ගැන හිත හිත හිටපු නිසා එයාට ජුන්ග්කුක්වත් ජේහොප්වත් කියපු කිසි දෙයක් ඇහුනෙ නෑ......
YOU ARE READING
Stolen Sweatheart | YM ✔
Fanfiction- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා. "ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව...