යුන්ගි ක්ලබ් එක ඇතුලෙ බාර් එක ලගට වෙලා ඉදගෙන හිටියෙ බියර් විදුරු හිස් කරන ගමන්....ජුන්ග්කුක් එක්ක ඇතුලට ආව උනත් එයාට ජුන්ග්කුක් කොහෙද කියලවත් සිහියක් තිබුනෙ නෑ......
"ජුන්ග්කුක්....ආයිශ්....මන් ඒ කොල්ලා කොහෙන්ද හොයාගන්නෙ ?"
යුන්ගි කෙදිරි ගෑවෙ වැනි වැනී නැගිටින ගමන්....එයාට දැනුනෙ හිටගෙන ඉද්දිත් ඇස් දෙක පිය වෙනවා වගේ....ඒ නිසා යුන්ගි එයාගෙ වටේ හයියෙන් කෑගගහා උඩ පැන පැන නටන අයව පහු කරගෙන ගියේ කෙලින්ම බාත් රූම් එකට.....
යුන්ගි ඇතුලට යනකොටම දැක්කා පැත්තක කණ්ණාඩි ඉස්සරහ ලොකු වතුර කරාම තියෙනවා....ඒ නිසා එයා සින්ක් එක ඉස්සරහ හිටගෙන හේත්තු වෙලා මූන හෝද ගත්තෙ වෙරි මත යවාගන්නත් එක්ක.....
"මෙහෙම හොස්ටල් එකට ගියොත් නම් මාව ගෙදරම යවයි...."
යුන්ගි එයාටම කියාගෙන මූණ සීතල වතුරෙන් හෝදගත්තෙ කොණ්ඩෙ සීතල වතුරෙන් පිහදාලා ගසන ගමන්.....
ඒත් එකපාරටම එයාට ඇහුන සද්දයක් නිසා එයා පස්සහ හැරිලා බැලුවා....වැහිලා තිබුන එක දොරක් ඇරගෙන එලියට ආපු කෙනෙක් සින්ක් එකක් ලග හතරට පහට නැමිලා වමනෙ කලේ බඩත් අල්ලගෙන......
යුන්ගි නිකමට වගේ එයා දිහ හැරිලා බැලුවත් ඒ කවුද කියලා අදුරගන්න සෑහෙන වෙලා ගියෙ නෑ.....
"ප්‍රොෆිසත් හොදට විනෝද වෙලා වගේ...."
යුන්ගි එයාට එහා පැත්තෙන් බිත්තියට හේත්තු වෙන ගමන් කිව්වෙ කෝට් එකේ පොකට් දෙකටත් අත් දෙක දාගෙන කට කොනට හිනාවක් අරගෙන.....
ජීමින් තත්පර ගානකට යුන්ගි දිහා හැරිලා බලලා ආයෙම සින්ක් එක ඇතුලට ඔලුව ඔබා ගත්තෙ ඇස් වලින් කදුලු පනින්න ඔන්න මෙන්න තියෙද්දි.....
ජීමින් අන්තිමේ වතුර කරාමෙ ඇරලා කටයි මූනයි හෝදගෙන බිම වාඩි උනේ යුන්ගි දිහා බලන ගමන්....ඒ වුනත් යුන්ගි එයා දිහා බලාගෙන ඉන්න විදිහ දැක්කම ජීමින්ට ආවෙ ලැජ්ජාවක් වගේම තරහක්.....
"හිනා වෙන්න එපා...."
"මන් හිනා උනේ නෑ....උදව්වක් ඕනිද ?"
"ඕනි නෑ...."
ජීමින් එයාටම කියාගෙන නැගිට්ටෙ අමාරුවෙන් බිත්තියත් අල්ලගෙන......ඒ වුනත් යුන්ගි එයාව අතෙන් අල්ලලා නැගිට්ටවව්වෙ නැත්තන් ජීමින්ට ආත්මෙට හිට ගන්න නම් වෙන්නෙ නෑ කියලා එයාට තේරුණ නිසයි......
YOU ARE READING
Stolen Sweatheart | YM ✔
Fanfiction- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා. "ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව...