"එතකොට දැන් කවුද බෙන්ස් එකේ කණ්ණාඩි කැඩුවෙ ?"
හෙඩ් සර් දෙන්නා දිහා බලලා අහද්දි ජුන්ග්කුක් කෙලින්ම ටේහ්යන්ග් දිහා බැලුවා.....ටේහ්යන්ග් ජුන්ග්කුක් දිහා බලලා රවලා අහක බලාගත්තු නිසා හෙඩ් සර් උගුර පෑදුවා .....
"ඇයි දැන් ඔය ලමයා එහෙම දෙයක් කලේ ?"
"ඕනි නිසා...."
"ඕනි නිසා එහෙම බෙන්ස් එකක කණ්ණාඩි ගලවනවද ?"
"වැරදිලා එහෙම උනේ ?"
"වැරදිලා බෙන්ස් එකක කණ්ණාඩි දෙකක් ගැලවිලා තව වහලෙත් තැලෙයිද ?"
හෙඩ් සර් අහද්දි ටේහ්යන්ග් අහක බලාගෙනම හිටියෙ අත් දෙක බැදගෙන කටත් උලුක් කරගෙන.....
"ප්රොෆිසර් දැක්කා නේද වෙච්ච දේ ? මොකද උනේ ?"
ජීමින් කාමරේ කොනක ඉදන් හෙඩ් සර් දිහා බලාගෙන හිටියෙ වචනයක් කියන්නෙ කොහොමද කියලා හිත හිත.....
කලින් වෙලාවෙ එයා හැරිලා යන්න ගිහින් වාහනේක එලාම් එකක් වදින සද්දෙ ඇහිලා ආපහු හැරිලා ආවත් ඒ වෙනකොටත් ටේහ්යන්ග් ඇස් පනාපිට ගම කනවා.....එයා වෙච්ච දේ හරියට දැක්කත් මොනවත් කියාගන්න බැරි උනේ යුන්ගියි ටේහ්යන්ග්මුයි දෙන්නම එයා දිහා බලාගෙන හිටපු නිසයි....
උන දේ කෙලින්ම කියලා දැම්මොත් ටේහ්යන්ග් බාල්කෙ එල්ලයි.....කිව්වෙ නැත්තන් යුන්ගි මොනවා හිතයිද දන්නෙ නෑ....ඒ වුනත් ජීමින් අන්තිමේ හිත හදාගෙන බිම බලාගත්තෙ මොනවත් කියන්නෙ නෑ කියලා එයාටම කියාගත්තට පස්සෙ.....
"මන් මොනවත් දැක්කෙ නෑ සර්...."
"ඒ වුනත් ඔයා එතන හිටියනෙ...."
"ඔව්...ඔව් මන් එතනට ආවා තමා....ඒ වුනත් මන් හරියටම මොනවත් දැක්කෙ නෑ....."
යුන්ගි ඉක්මනට හැරිලා එයාට එහා පැත්තෙ හිටගෙන ඉන්න ජීමින් දිහා හැරිලා බලද්දි ජීමින් බිම බලාගත්තෙ යුන්ගිගෙ ඇස් මග ඇරලා.....
"ඔයා දැක්කා හොදට....."
යුන්ගි ජීමින් ලග කොදුරද්දි ජීමින්ගෙ කම්මුල් රතු උනා....
"ඔව් මන් දැක්කා තමා....ඒ වුනාට ටේහ්යන්ග් පාවලා දෙන්න බෑනෙ....."
YOU ARE READING
Stolen Sweatheart | YM ✔
Fanfiction- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා. "ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව...