යුන්ගි වාහනෙන් බැහැලා කාර්යාලෙ ඇතුලට ගියේ සාක්කු දෙකේ අත් දෙකත් ඔබාගෙන කම්මැලිකමේ ගාට ගාට...
එයාට තාත්තව හම්බ වෙලා කතා කරන්න තරම් ලොකු උවමනාවක් තිබුනෙ නැති උනත් හම්බ නොවී බැරි නිසයි ආවෙ....
යුන්ගි විදුලි සෝපානෙට නැගලා අයිනට හේත්තු වෙලා ෆෝන් එක එලියට ඇද්දෙ නිකමට වගේ... ජීමින්ගෙන් කිසි කෙටි පණිවිඩයක්වත් කෝල් එකක්වත් නෑ කියලා දකිද්දි යුන්ගිට තවත් තරහ ගියා ....
" මාව මතකවත් නැද්ද කොහෙද ... "
යුන්ගිට ජීමින් එක්ක තිබුනෙ ලොකු තරහක්... ඒ වුනත් එයාට කතා නොකර දවස් දෙකක් විතරම ගෙවුනත් යුන්ගිට දැනුනෙ මාස දෙකක් විතර ඒ ඇස් දෙක නොදැක හිටියා වගෙයි...
"මන් තමුසෙ එනකම් තමා බලාගෙන හිටියෙ ..."
යුන්ගි ඇතුලට එනවා දැකලා යුන්ගිගෙ තාත්තා කියද්දි යුන්ගි පැත්තකින් ගිහින් වාඩි උනේ ලොකු හුස්මක් පාකරලා යවන ගමන්....
ඒ වුනත් අද යුන්ගිගෙ නිවිච්චි ගතිය දැකලා යුන්ගිගෙ තාත්තා පොඩ්ඩක් ඉස්සිලා බැලුවෙ යුන්ගිට අසනීපයක්වත් හැදිලද කියලා හෝදිසි කරන ගමන්...
"ඇයි කතා කලේ ?"
"තමුසෙ මගෙන්ද අහන්නෙ ? මොනවද ෆැකල්ටි එකට වෙලා කරන්නෙ... "
"කාලෙ කනවා..."
යුන්ගි දිග හාන්සි පුටුවෙ දිග ඇදෙන ගමන් කිව්වෙ සිවිලිම දිහා බලාගෙන....
"ඒක නම් මන් දන්නවා... ඔයා මොකක් හරි සම්බන්දයක් පටන් ගත්තද ?"
යුන්ගිගෙ තාත්තා එහෙම අහද්දිම යුන්ගි හැරිලා බැලුවෙ අකුණක් ගැහුවා වගේ...
"ඔයා කොහොමද දන්නෙ ?"
"මන් කොහොමද දන්නෙ නැති වෙන්නෙ... මුලු ෆැකල්ටි එකම දන්නවනෙ... "
"ආහ්හ්හ්.... එච්චරද ?"
යුන්ගි ඒ ඇස් දිහා බලාගෙන ඇහුවෙ පුදුමෙන් වගේ...
"එච්චරද කියලා අහන්න එපා යුන්ගි .... ඔයාගෙ ඔය වැඩ මට දැන් ඇති වෙලා තියෙන්නෙ ...දවසක ඔයා මගෙන් පස්සෙ මේ වගකීම් භාර ගන්න ඕනි... එතකොටත් ඔයාට ඔහොම විකාර කරන්න බෑ... ඔයා මගෙ නම්බුව රකින්න ඕනි... මේ ව්‍යාපාර දියුණු කරන්න ඕනි... පවුලෙ වැඩිමලා විදිහට ඔයාගෙ වගකීම ඔයා දැන් තේරුම් ගන්න ඕනි...
YOU ARE READING
Stolen Sweatheart | YM ✔
Fanfiction- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා. "ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව...