Chapter 17

577 170 21
                                    

ජීමින් එයාගෙ පස්සහින් ගාටන යුන්ගි දිහා බැලුවා....එයාගෙ අත් ජීමින්ගෙ පොඩි ඇගිලි වටේ එතිලා පැටලිලා.....

යුන්ගි ආවෙ බිම බලාගෙන එයාගෙ ලොකු කෝට් එක අස්සෙ අත් දෙක දාගෙන උනත් ජීමින්ට එයාව පෙනුනෙ හුගක් කඩවසම්ව.....ඒ අත් දෙක කෝට්ටෙක අස්සෙ දාගෙන ඉන්න නිසා යුන්ගිගෙ ඇගිලි වටේ එතිලා තියෙන ජීමින්ගෙ අත තිබුනෙත් යුන්ගිගෙ කෝට් එක අස්සෙ......

ජීමින් අඩියක් නැවතිලා ඉදලා යුන්ගිත් එක්කම යුන්ගි යන වේගෙට යන්න පටන් ගත්තෙ එයා එච්චර හදිස්සියෙ ගියා කියලා එයාව පිලිගන්න කවුරුත් හොස්ටල් එක ලග මල් මාලා දාලා පිලිගන්න ලෑස්ති වෙලා ඉන්නෙ නෑ නේද කියලා මතක් වෙලා....

"ඇයි ? ඔයා මෙච්චර වෙලා හදිස්සියෙනෙ දුවගෙන ආවෙ... ?"

යුන්ගි අහද්දි ජීමින් ඔලුව උස්සලා යුන්ගි දිහා බැලුවත් එයා මොනවත් කිව්වෙ නෑ....යුන්ගිට ඒ හිනා වෙන මූණ දැක්කම ආයෙ තවත් ප්‍රශ්න අහන්න ඕනි උනෙත් නෑ.....

ඒ අතරෙ ඒ අය දැක්කා එයාලට පස්සහින් ටේහ්‍යන්ග් ජුන්ග්කුක්ගෙ ලොකු ජර්සිය අස්සෙ ගුලි වෙලා එයාලට පස්සහින් ගාටනවා....එයාගෙ අත අල්ලගෙන ජුන්ග්කුක් ටේහ්‍යන්ග් එක්ක ආවෙ වචනයක්වත් කතා කරන්නෙ නැතුව.....

"මොකද ජුන්ග්කුක් ගල් ගිලලා වගේ.. ?"

යුන්ගි හැරිලා ජුන්ග්කුක් දිහා බලලා අහද්දි එයා උරහිස් ගස්සලා මූන කෙලින් කරගත්තත් මොනවත් කිව්වෙ නෑ....එයා ආවෙ ටේහ්‍යන්ග්ගෙ නොනවත්වා ඇහෙන හිනා සද්දෙ අහගෙන කොහේදෝ ලෝකෙක අතරමන් වෙලා....

යුන්ගි ජුන්ග්කුක්ට විහිලු කර කර හොස්ටල් එක ඇතුලට එද්දිම එයා දැක්කා ටේහ්‍යන්ග් යුන්ගිව ජුන්ග්කුක් ලගට ඇදලා දාලා එයා ජීමින්ට එහා පැත්තෙන් හිටගන්නවා....

ජීමින් උනත් යුන්ගිගෙ අත ඉක්මනට අත ඇරලා පැත්තකට උනා....

එයා ඒ වෙලාවෙයි දැක්කෙ ඒ අයට ඉස්සරහිස් හෙඩ් සර් දොර ඉස්සරහ ඉනේ අත් දෙකත් බැදගෙන මේ අය එනකම් බලාගෙන ඉන්නවා.....

ජීමින් හෙඩ් සර්ව මග ඇරලා අනිත් අය එක්කරගෙන යන්න ගියත් ඒ ගොරෝසු කටහඩින් හතර දෙනාට කතා කරපු නිසා ජීමින්ගෙ කකුල් දෙක පන නැති උනා....ඇත්තටම ජීමින් කියන්න නිදහසට කාරනයක්වත් තාම හදාගෙන හිටියෙ නෑ....

"ඔයාලා කොහෙද ගියේ... ?"

හෙඩ් සර් එයාගෙ කණ්ණාඩි දෙක අස්සෙන් එබිලා අහද්දි ජීමින්ගෙ කටේ වචන පැටලුනා....

"අපි මේ...අපි ගියා කැරසෝල් එකට...."

"කාගෙත් එක්කද ?"

"යුන්ගියි ....මායි....."

"ජුන්ග්කුක්මුයි මායි......"

ජීමින් වාක්‍යය ඉවර කරන්නත් ඉස්සෙල්ලා ටේහ්‍යන්ග් මැදට පැනලා කියද්දි ජීමින්ගෙ ඇගේ රත් වෙලා තිබුන ලේ ටික ආයෙම සීතල උනා....

"ආහ්...ඒක මිසක්...ඔය ලමයි යන්න හොස්ටල් වලට....ඒ වුනත් ජීමින්...මන් කිව්වා ඔයාට මේ ලමයි එක්ක වැඩිය රවුම් ගහන්න එපා කියලා ..ඔයාට ඒ වෙලාවට කරන්න වැඩක් නැත්තන් මට කියන්න...මන් ඔයාට මගෙ ෆයිල් ටික දෙන්නම් ඒ වැඩ ටික ඉවර කරලා දෙන්න......"

හෙඩ් සර් ජීමින් දිහා බලලා කියද්දි මෙච්චර වෙලා කටක් හෙල්ලුවෙ නැති යුන්ගිගෙ ඇගේ මාලු නැටුවා.....

"ඇයි එයා මාත් එක්ක හිටපුවම මොකද වෙන්නෙ ?"

යුන්ගි ජීමින්ව පස්සට තල්ලු කරලා එයා හෙඩ් සර් ඉස්සරහ හිටගෙන අහද්දි ජුන්ග්කුක් යුන්ගිව පස්සට ඇදලා අල්ලගෙන හිටියා....

"මන් තමා එයත් එක්ක කැරසෝල් එකට ගියේ....අපි දෙන්නා විතරක්....අනිත් දෙන්නා ගියෙ ෆිල්ම් එකක් බලන්න....අපි දෙන්නා තමා පැය දෙකක් තනියම කැරසෝල් එකට වෙලා හිටියෙ...."

යුන්ගි කෑගහද්දි හෙඩ් සර් ඔලුව උස්සලා ජීමින් දිහා බැලුවා....

"මොනවද එයා දිහා බලන්නෙ ? මන් කියන්නෙ ඇත්ත.....මටයි එයාටයි විතරයි මන් කැරසෝල් එකේ යන්න ටිකට් ගත්තෙ....ජුන්ග්කුක් ගාව ඇති ඒ දෙන්නා බලන්න ගියපු ෆිල්ම් එකේ ටිකට් ....ඔයාට විශ්වාස නැත්තන් මන් පෙන්නන්නම්...."

යුන්ගි කියද්දි හෙඩ් සර් යුන්ගි දිහා බැලුවෙ ඉහමොල රත් වෙලා...එයාට යුන්ගි දැක්කම රතු කොඩි අනාගතේ මැවි මැවී පෙනුනා....

"යුන්ගි !.... කටවහගන්නවා....ඔයාට ජීමින් එක්ක රවුම් ගහන්න එපා කියන්නෙ එයා ප්‍රොෆිසර් කෙනෙක් නිසයි....ඔයාලා දෙන්නටම අයිති තැනක් තියෙනවා....හැම දේම වෙන විදිහක් තියෙනවා....එහෙම තියෙද්දි ඔහොම වැඩ කරන්න එපා...."

"ඔයා කියන ඒවා කවුද අහන්නෙ ? මන් ඔයාට බයත් නෑ...ජීමින්ගෙ සීයට බයත් නෑ...."

යුන්ගි කෑගහද්දි යුන්ගිගෙයි හෙඩ් සර්ගෙයි අතරෙ තිබුනෙ සෙන්ටිමීටරේක විතර තරම් පරතරයක්.....යුන්ගි බෙරිහන් දීලා කෑගහද්දි හැමෝගෙම කන් අඩි පුපුරව්වා....

ජුන්ග්කුක් යුන්ගිව පස්සට ඇදපු නිසා යුන්ගි ජීමින්ව ඇදගෙන පඩිපෙල නැග්ගෙ හෙඩ් සර් දිහා බලල රවලා ඉස්සරහ බලාගන්න ගමන්....




Stolen Sweatheart | YM ✔Where stories live. Discover now