"කවුද ඒ යකා ? ඔයා එයාව අදුරනවද ? "
"ඔව්... ඒ වුනත් එයාගෙන් වැඩක් නෑ... මන් එයාට පොඩ්ඩක්වත් කැමති නෑ... යාලුවෙක් තියා මගෙ හතුරෙක්වත් නෙවෙයි.... කොටින්ම කිව්වොත් මන් අදුරන්නෙවත් නෑ... අදුරනවා කියලා මට මතකත් නෑ... "
ජීමින් කිව්වෙ කාමරේට ගිහින් දොර වහගන්න ගමන්....
"ඔයා එයාව අදුරන්නෙ කොහොමද කියලනම් දන්නෙ නෑ... හැබැයි මාත් ඒ යකාට කැමති නෑ... පොඩ්ඩක්වත් නෑ... "
යුන්ගි කිව්වෙ කුස්සියට ගිහින් වතුර ටිකක් බොන ගමන්....
"වෙරිත් හිදුනා... "
ජීමින් එයාටම කියාගන්න ගමන් කුස්සියට ඇදුනෙ යුන්ගිගෙ පස්සහින් බදාගන්න ආසාවෙ...
"ඔයත් ඉතින් පොඩ්ඩ ඇවිස්සෙන්න බෑ රණ්ඩුවටමනෙ යන්නෙ... "
"මන් ගියෙ නෑ... ජේහොප් මාව අත ඇරියෙ නෑනෙ... නැතත් මන් මට අදාල නැති ඒවට අත දාන්නෙ නෑ... එයා මට ප්රශ්නයක් උනේ ඔයත් එක්ක වචනයක් හරි කතාකරන්න ගත්ත තත්පරේ... "
යුන්ගි කියද්දි ජීමින් හිනා වෙන ගමන් ඒ අත් අස්සෙන් යුන්ගි අස්සට රින්ග ගත්තු නිසා යුන්ගි ජීමින්ව මේසෙ උඩින් ඉන්දුවා...
"ඔයා රණ්ඩුවට යන්න එපා හාද ? අර ඩබල මොනවා කරගත්තත් මට කමක් නෑ... ඔයා පාඩුවේ ඉන්න හාද ?"
ජීමින් යුන්ගිගෙ කම්මුල් අතගාන ගමන් කියද්දි යුන්ගි හිනා වෙන ගමන් ජීමින් දිහා බැලුවෙ මොනවද කියන්න ඕනි කියලා හිතාගන්න බැරුව...
"ඇයි ඒ අය ගහගත්තට ඔයාට රිදෙන්නෙ නැද්ද ? "
"එහෙම නෙවෙයි... ඒ අය මන් කියන මොනවත් අහන්නෙ නෑනෙ... මටත් වඩා බාල උනාට පණ්ඩිතයිනෙ ... අනික ඒ අය ලොකු කරදරයක් කරගන්නෙ නැති වෙයි... ඒ දෙන්නා එකටමනෙ ඉන්නෙ... ඒ වුනත් ඔයා හුගක් වෙලාවට කාගෙන්වත් උදව් ඉල්ල ඉල්ල රණ්ඩුවට යන්නෙ නෑනෙ... "
"මන් රණ්ඩු කරන්නෙ නෑ... ඔච්චර ඔය ගැන හිතන්න එපා.. ඔයා හරියට කතා කරන්නෙ මන් හැමදාම රණ්ඩුවට යනවා වගේනෙ... "
ජීමින් හිනා වෙන ගමන් ඒ කම්මුල් වලට හාද්දක් දුන්නෙ ඒ මූණ තද කරලා අල්ලගෙන...
"හරි හරි ඉතින්... මන් නිකන් කිව්වෙ... "
යුන්ගි ජීමින්ව වඩාගෙන ඇදට ගියේ ඒ වෙනකොටත් හුගක් රෑ වෙලා තිබුන නිසයි....
"යුන්ගි මන් ඇදුම්වත් මාරු කරගෙන නෙවෙයි ඉන්නෙ... "
ජීමින් කිව්වෙ ඇදෙන් බහින්න කම්මැලිකමේ... යුන්ගි ජීමින්ගෙ මූණට හාදු දෙන අතරෙ ජීමින්ගෙ කලිසමයි කමිසෙයි ගලවලා විසි කලේ ඒ ඇදුම් ගැන කිසි අනුකම්පාවක් නැතුව....
යුන්ගි පැත්තකට පෙරලිලා හාන්සි වෙද්දි ජීමින් එයාගෙ ඇග උඩ හාන්සි උනේ හතර අතේ පය දික් කරන ගමන්...
යුන්ගිට අහු උනා ජීමින්ගෙ පස්සහින් දිගට වැවිලා තියෙන කොණ්ඩෙ... ඒ කොණ්ඩෙ දිගට වගේම ලස්සනට පෙනුනා....
ටිකක් දිගට තිබුනත් ඒක ඒ තරම්ම දිගට තිබුනෙත් නැති නිසා ජීමින්ට ඒ කොණ්ඩෙ කපලා දාන්න ආසාවක් තිබුනෙත් නෑ....
ඒ වුනත් යුන්ගි ඒ කොණ්ඩෙට ඔක්කොටම වැඩිය ආස කලේ ඒ කොණ්ඩෙන් තද කරලා ජීමින්ව අල්ලගන්න පුලුවන් උන නිසයි...
විශේෂ රාත්රීන් වලදි යුන්ගිට ජීමින්ව එයාට ඕනි විදිහට අල්ලලා තියාගන්න ඒ කොණ්ඩෙ ලොකු උදව්වක් දීපු නිසා යුන්ගි නම් ඒ කොණ්ඩෙට ආස කලා ජීමින්ට වැඩිය....
යුන්ගි ජීමින්ගෙ දිග කොණ්ඩෙ හෙමීට අතගාන ගමන් ජීමින් නින්දට වැටෙන දිහා බලාගෙන හිටියෙ එයාගෙ ඇස් දෙකටත් නිදිමතක් එනකම්.....
"මොනා උනත් අර මනුස්සයගෙ නම ඔයා දන්නවා ඇති නේද ?"
යුන්ගි අහද්දි ජීමින් නින්දෙම කෙදිරි ගෑවා...
"දන්නවා දන්නවා... බායීජි එයාගෙ නම... ඔයා මට පොරොන්දු වෙන්න ඕනි අපි දෙන්නා එකට ඉන්න වෙලාවට අදාල නැති කෙනෙක් ගැන කතා කරන්න වෙලාව වෙන් කරන්නෙ නෑ කියලා..."
"නෑ ... නෑ... මන් නිකන් ඇහුවෙ ..... "
යුන්ගි එහෙම කිව්වත් එයාගෙ හිතේ ප්රශ්න ගොඩක් තිබුනා... ඒ වුනත් ජීමින් එච්චරටම ඒ කෙනා ගැන කතා කරන්න අකමැති එකේ යුන්ගි වැඩිය ජීමින්ගෙන් ඒ ගැන අහන්න ගියෙ නෑ....
YOU ARE READING
Stolen Sweatheart | YM ✔
Fanfiction- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා. "ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව...