"ජීමින් ? ඔයා එන්නෙ නැත්තන් මන් බලෙන් ඔයාව එක්කරගෙන එන්නද ?"
"මන් දන්නවා ඔයා සීයගෙ ඇසිස්ටන්ට් හින්දා මෙහෙම කතා කරන්නෙ කියලා....ඒ වුනත් ඔයාට තේරෙනවනෙ....මන් කැමති නෑ ෆැකල්ටි එකේ උගන්නන එක නතර කරලා සීයගෙ කම්පැනි එකේ වැඩ කරන්න....."
"ඒක ඔයාගෙ සීයත් එක්ක ඔයා කතා කරගන්න....මට කියන්න එපා ජීමින්....ඔයා මෙහෙට ඇවිත් යන්නෙ නැත්තෙ ඇයි ?"
"අනේ මට එන්න ඕනි නෑ....ආවොත් සීයගෙන් බැණුම් අහන්න වෙයි....."
"අනිවාරෙන්...ඒ වුනාට ඔයා ඇවිත් යන්න ඕනි නේද ?"
ජීමින් එයාගෙ අත් දෙකෙන්ම බරම බර ෆයිල් ගොඩක් උස්සගෙන එයාගෙ ඔෆිස් එකට ගිහින් දොර ලොක් කලේ ෆෝන් එක කනට හේත්තු කරගෙනමයි.....
"එයාට කියන්න මට නිවාඩු ගන්න වෙලාවක් නෑ කියලා...."
ජීමින් එහෙම කියන ගමන් එයාගෙ කාමරේ මේසෙ දිහාට හැරෙද්දිම එකපාරටම යුන්ගි එයාව වඩාගනිද්දි ජීමින්ගෙ අතින් අර උස්සගෙන ආපු ෆයිල් ගොඩ අත ඇරුනෙ එයාගෙ තරහ තව අවුස්සලා ......
"දෙයියනේ යුන්ගි.... !!!! "
ජීමින් ෆෝන් එක කන ලගින් පැත්තකට කරලා අල්ලගෙන හෙමීට කෙදිරි ගෑවත් යුන්ගි එයාව වඩාගෙන මේසෙ උඩින් වාඩි කලේ මේසෙ උඩත් තිබ්බ ෆයිල් ගොඩ බිමට වට්ටලා.......
"යුන්ගි ? ඔයා කොහොමද මගෙ ඔෆිස් එක ඇතුලට ආවෙ ?"
ජීමින් යුන්ගිව බදාගන්න ගමන් ඇහුවත් යුන්ගි ජීමින්ගෙ බෙල්ල අස්සෙ මූණ හන්ගගෙන බෙල්ලට හාදු දෙද්දි ජීමින් යුන්ගිව තද කරලා අල්ලගෙන එයාගෙ ජනේලෙ ස්ක්‍රීන් එක රිමෝට් එකෙන් වහලා දැම්මෙ යුන්ගිව කමිසෙන් අල්ලලා පස්සට කරන ගමන්.....
"ජීමින් ?"
කවුරුහරි ෆෝන් එකෙන් කතා කරනවා ඇහුන නිසා ජීමින් යුන්ගිව අල්ලගෙනම ෆෝන් එක කන ලගට ලන් කර ගත්තෙ යුන්ගි හාදු දිදී එයාගෙ බෙල්ල තෙමද්දි හිරි ගඩු පිපුනත් ඒ ගැන හිතන්නෙ නැතුව....
"කියන්න....මන් අහගෙන ඉන්නෙ "
"කවුද ඒ ? මට ඇහුනා මොකක් හරි සද්දයක්...."
YOU ARE READING
Stolen Sweatheart | YM ✔
Fanfiction- ජීමින්ගෙ සීයා යුන්ගි දිහා බලාගෙන කෑගහද්දි ජීමින් හිටියෙ හුස්ම හිර වෙලා.එයා හයියෙන් හිනා වෙන ගමන් ඇස් දෙක පියා ගත්තෙ කකුල් දෙකටත් පන නැතුව බිම වාඩි වෙලා. "ජීමින් මෙච්චර ගෑණු ලමයි ඉදලත් ඔයාට පෙනුනෙ මේ නරුමයව විතරද ? ඔයාගෙ කණ්ණාඩි දෙක දැන් පරනද ? කිව...